කඩුගන්නාව නගර මධ්‍යයේ ෆාමසියක ඇති වූ ගින්නකින් එය පිහිටි ගොඩනැගිල්ල සම්පුර්ණයෙන් ගිනිගෙන විනාශ වී ඇතැයි කඩුගන්නාව පොලිසිය කියයි.
ගින්න පැතිරීම හේතුවෙන් යාබද දෙමහල් වෙළදසැල් ගොඩනැගිල්ලේ ඉහළ මහලද ගිනිගෙන විනාශ වී ඇත.
අඟහරුවාදා (18) රාත්‍රියේ ගින්න හටගෙන ඇතැයි කියති. ගින්න නිවීම සඳහා පැය දෙකක පමණ කාලයක් ගතවූ බවත් ඒ හේතුවෙන් කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ වාහන ගමනාගමනයටද බාධා ඇතිවූ බවත් පොලිසිය පවසයි.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ගින්නෙන් සිදු වූ අලාබය කොතෙක්ද යන්න මෙතෙක් ගන්නන් බලා නොමැති බවත් වාර්තාවේ.
ඡායාරූප - සෙනරත් බණ්ඩාර
වීඩියෝ - චමිල් රූපසිංහ



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොළඹ, නුවර සහ අනෙකුත් නගර වලත් දැන් තට්ටු නිවාස ඉදි වී හෝ ඉදි වෙමින් පවතිනවා. අභාග්‍යකට අපේ ගිනි නිවන හමුදාව ගැන නම් කිසිම සැහීමකට පත්වන්න බැරිය. සමහර අවස්ථා වල ගින්න නිවන්න යන අතර මග ඔවුන්ගේ වාහන හප්පගෙන ඒවා නිවන්න අවට ජනයාට සිදුවුණා. (ම)