කඩුගන්නාව ඉලුක්වත්ත අලදූවක නාය යෑමෙන් නිවාස දෙකක සිටි හය දෙනකු සොයා සිදුකරන මෙහෙයුම්වලදී කාන්තාවකගේ හා දරුවකුගේ සිරුරු හමුවී ඇතැයි ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුව පවසයි.
අතුරුදන් වූවන් සොයා කඩුගන්නාව පොලිසිය හා හමුදාව තවදුරටත් මෙහෙයුම් සිදුකරති.
කඩුගන්නාවේ නායයෑමක් : හයක් අතුරුදන් 2016 @ 8:36
මහනුවර කඩුගන්නාව ඉලුක්වත්තේ නාය යෑමකින් පසු අතුරුදන් වූ බව කියන හය දෙනකු සෙවීමේ මෙහෙයුම් ආරම්භ වී ඇතැයි ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුව කියයි.
සඳුදා (17) රාත්‍රි 12 ට පමණ නිවාස දෙකක් මතට පස් කන්දක් කඩා වැටී ඇති බවත් නිවාස දෙකේ සිටි පවුල් දෙකක මව්වරුන් දෙදෙනකු (48 හා 46) ද පුතුන් සිව්දෙනකු ද අතුරුදන්වූවන් අතර සිටින බව කියති. ඒ අතර එක් නිවසක සිටි වයස අවුරුදු 25 හා 15 තරුණයන්ද අනෙක් නිවසේ සිටි 16 හා 8 සිසුන් දෙදෙනාද අතුරුදන්ව සිටිති.
අතුරුදන් වූවන් සෙවීම සඳහා කඩුගන්නාව පොලිසියේ හා හමුදාවේ නිලධාරීහුද ප්‍රදේශවාසීහු ද එක්ව සිටිති.
ජායාරූප මොහොමඩ් අාසික්
ඡායාරූප - චමිල් රූපසිංහ
ඡායාරූප - සෙනරත් බණ්ඩාර
(වීඩියෝ - චමිල් රූපසිංහ)
(වීඩියෝ - සෙනරත් බණ්ඩාර)













COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සොබාධර්මෙත් කෙනෙහෙලිකම් කරන්නෙ අහින්සක අසරන මිනිසුන්ටමයි. (ර)
කලින් දැනුම් දීමක් වත් කර මේ අහිංසකයන්ව අවදානම් ප්‍රදේශ වලින් ඉවත් කළා නම් වටිනා ජීවිත බේරාගැනීමට තිබුනා නොවේද? (ර)
මේකට ප්‍රධාන හේතුව ඔය කන්ද ආශ්‍රිතව කරන කළුගල් කැඩීමයි. ගල් වලවල්කරුවන් බෝර දමද්දී අලදූවක විතරක් නොවෙයි කිරිවවුල, උරුලෑවත්ත, කහඹේ ආදී අවට ගම්මාන ඔක්කොම දෙදරුම් කනවා! (නි)
ජීවිත පුජාවෙන් රට බේරාගත් රණවිරුවන් කිසිදු බේදයක් නොමැතිව රටේ සිදුවන සියලු විපත් වලදීද අවුව වැස්ස නොබලා රටේ ජනතාව බේරාගැනීමට උපරිම දිරියෙන් මේ කරන්නාවූ කර්තව්‍යයන් වල පින් බලෙන් ඔවුන්ට සියලු සැප සම්පතින් පිරි අනාගතයක් ලබාගැනීමට සියලු පින් අත්වේවා! ඔබට අප සදා ණයගැතියි! ඔබ සැමට තෙරුවන් සරණයි! ඔබට ජයෙන් ජය! (නි)
සසර මතු කිසිදිනක මෙවන් දුකක් නොවේවා..!!! (නි)