IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


කුඩුකාරයා රෝහලෙන් පනී

හෙරායින් කිලෝ එක හමාරක් ළඟ තබා ගත්තැයි සැකපිට මහර රිමාන්ඩ් බාරයේ රාගම රෝහලේ වාට්ටුවක ප්‍රතිකාර ලබමින් සිටි සැකකරුවකු බන්ධනාගාර රැකළුලුන්ගෙන් මිදී පළා ගොස් ඇතැයි පොලිසිය කියයි.

දකුණු අතේ ඉහළ සිට පහළ දක්වා විශාල කැටයම් කොටා ඇති දේවකගේ තුසිත චාමර නොහොත් දිලාන් (29) නම් එම සැකකරු ගැන තොරතුරක් වෙතොත් 011 29 57 197 අංකයට රාගම පොලිස් ස්ථානාධිපතිට දන්වන ලෙස පොලිසිය ඉල්ලයි.



අදහස් (0)

කුඩුකාරයා රෝහලෙන් පනී

ප්‍රදීප් Tuesday, 01 July 2014 09:57 AM

ඔය ෂුවර් එකටම අර කුඩු **** ගේ බඩු වෙන්න ඇති. ඒවායින් කොටසක් තැන් තැන් වලටත් යන නිසා දැක්කේ නැහැ වගේ ඉන්න නාට්‍යය දාන්න කියන්න ඇති. (නදී)

:       0       0

හේමන්ත Monday, 30 June 2014 07:13 PM

හොරෙන් වෙන්න බැහැ. පුජාවක් තියලයි යන්න ඇත්තේ. (දී)

:       0       0

රාජුන් Monday, 30 June 2014 07:50 PM

දැන් අල්ලයි වලිගෙ! (දී)

:       0       0

ලලින්ද්‍ර Tuesday, 01 July 2014 11:35 AM

වැඩේ ලස්සනට කරලා ශෝක් එකට සැලසුම් කරල වගේ. අපිට පෙන්නන්න හදපු නාඩගමක් මේක. රැඳවියන් රෝහලේ හිටියත් ඇඳට තියල මාන්චු දාන්න ඕනනේ. ඒකනේ නිතිය. කොහොම වෙතත් රටේ නීති කුඩු මුදලාලිලාගේ පා දෙකම ලෙවකනවනේ. (ස)

:       0       0

ගාමින්ද Monday, 30 June 2014 08:57 PM

මුරට තිබ්බ කෙනා !!!!? (දී)

:       0       0

ලක්ෂපාන Monday, 30 June 2014 09:02 PM

නරකද අලුතෙන් නව නිලදාරීන් පොලිසියට බදවා ගත්තොත්.එහෙම කරෝත්නම් ජනතාව නැවතත් පොලිසිය විස්වාස කරයි. (දී)

:       0       0

චමින්ද Monday, 30 June 2014 01:56 PM

ඉස්සර නම්, ඔවැනි සැකකරුවන් රෝහලේ ප්‍රතිකාර ගන්න කොට කකුලටයි,ඇදටයි මාංචු දාලා තියෙන්නේ.දැන්නම් තත්වේ කොහොමද දන්නේ නැහැ. (දී)

:       0       0

ලංකා Tuesday, 01 July 2014 12:46 PM

කොල්ලෙක්ට මැරෙන්න වෙඩි තිබ්බ පොලිසියට මේ අයට වෙඩි තියන්න තුවක්කු පත්තු වෙන්නේ නෙත්ද (දී)

:       0       0

නිමල් Tuesday, 01 July 2014 03:17 AM

අනේ අපේ පොලිසිය! (නි)

:       0       0

ලක්ෂපාන Monday, 30 June 2014 04:16 PM

මිදී පලා ගිහින් කියන්නේ...අතපය කොරවෙච්ච අයද මුරට ඉඳල තියෙන්නේ....ඇත්ත කියන්නද....!!!!! අනීවාර්යෙන් බර ගානක් අතට අරන් කුඩු කාරයට පැනල යන්න උදව් කරන්න ඇති. (ස)

:       0       0

සලීත් Tuesday, 01 July 2014 05:12 AM

කාට කියන්නද මේ අවනඩු? (නි)

:       0       0

වසන්තා Monday, 30 June 2014 05:04 PM

සල්ලි දකින කොට අත පය කොර වෙන්න ඇති !(දී)

:       0       0

චානක Tuesday, 01 July 2014 07:14 AM

ඉතින් මේ ටිකම ඇතිනේ, මොන වගේ බලයක්, සම්බන්ධයක් ඇද්ද කියා හිතාගන්න පුලුවන් අපිට. මොහුට අතට මාංචු දමා එම මාංචු ඇඳට සවිකර තිබිය යුතුයි නේද? (නි)

:       0       0

සිල්වා Monday, 30 June 2014 05:35 PM

තවත් ලස්සන නාටකයක් නේද (දී)

:       0       0

ඉසුරන්දි Tuesday, 01 July 2014 09:32 AM

ආරක්ෂාවේ තරම තමයි ඔය. (නදී)

:       0       0

නිශාන්ත Tuesday, 01 July 2014 09:33 AM

කුඩු ගහන එකෙක් අහුවුවොත් තමයි අතට කකුලට මාංචු. කුඩු මුදලාලිලාට රජ සැප. එයාලට ආරක්‍ෂාවත් ලැබෙනවා. දකුනේ කුඩු රජෙක් ඇල්ලුවා කියලා මතකද? මිනිහා ලස්සනට ඉන්නවලු. ජන්දෙදි එක් පුතෙකුට කෝටි ගානක් වියදම් කරලා තිබුනා. මිනීමරලා උනත් කවදාවත් ආයුධ හොයන්න එක්ක ගෙන යන්නෙ නැහැ. ගෝලයයි මිනිහයි හිරේ රජ සැප. (නදී)

:       0       0

කුමාර Monday, 30 June 2014 06:49 PM

ආරක්ෂාවට හිටපු බන්ධනාගාර නිලධාරින්ගෙන් ඔය ගැන හරි තොරතුරක් දැන ගන්න පුළුවන්.ඉක්මනින් ඔවුන් මුණ ගැහෙන්න (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 389 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 226 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site