(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
වැල්ලවත්තේ කඩා වැටුණු ගොඩනැගිල්ලේ හිමිකරු ලබන 6 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය අද(21) නියෝග කළේය.
අබ්දුල් පපා සජාන් නමැති වැල්ලවත්ත එක්සලන්සි උත්සව ශාලාවේ හිමිකරු අද පෙරවරුවේ පොලිසියට බාර වූ අතර එම ගොඩනැගිල්ල නිසි ප්‍රමිතියකින් තොරව ඉදිකිරීම හේතුවෙන් කඩාවැටී ඇතැයි කියති.
ගොඩනැගිල්ල කඩා වැටීමෙන් පුද්ගලයන් දෙදෙනකු මියගිය අතර 27 දෙනෙක් තුවාල ලැබූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය වාගේම කුණු කන්ද වැටීමට අදාළ ඇමතිවරුන්ටත්.., නාගරික කොමසාරිස් ඇතුළු අයටත් කවදා හෝ නීතිය ක්‍රියාත්මක විය යුතුයි.
බන්ධනාගාරගත කරලා විතරක් මදි. අනුකුලතා සහතික නොගෙන පදිංචි වුණාට, අනුමත සැලැස්මකින් තොරව ගොඩනැගිල්ල හැදුවාට, මෙයාව විතරක් නොව මෙහි වගකීම බාරගත් සියලු නිලධාරීන්වත් නිතිය ඉදිරියට ගෙන ආ යුතුය. නමුත් මෙය දේශපාලන සවිය ගෙන කර ඇති දෙයක් නම් ඔවුන් අසරණය. මෙවැනි ගොඩනැගිලි කොළඹ නගරයේ බොහෝ ඇත.
මතක හිටින දඩුවමක් දෙන්න.