පසුගිය පස් වැනිදා අතුරුගිරියේ ඔරුවලදී පොලිස් මත්ද්‍රව්‍ය අංශයේ වෙඩි පහරකින් මරු මුවට පත් වු විදාන මුදියන්සේලාගේ ලාලිත්‍ය කෞෂල්‍ය නොහොත් කුඩු ලාලිතගේ රුපියල් ලක්ෂ හයසිය අසු පහක චංචල නිශ්චල දේපල රාජසන්ත කිරීමට යයි.
බෝමිරිය,කොරතොට හා තලංගම සුපිරි නිවාස තුනක් ද රණාලේ ඉඩමක්ද රුපියල් ලක්ෂ 40 ක මොටර් රියක් ද රුපියල් ලක්ෂ 45 ක මොටර් රථ දෙකක්ද එම දේපොළ අතර වෙයි.
මෙම දේපොළ රාජසන්ත කිරීමට උසාවියට කරුණු දක්වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරන ලද සියලු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහතා අද (14) පැවසීය.
පොළොන්නරුව සිරිපුර නගරයේ කෝටිපති ව්‍යාපාරිකයකු අයත් ගබඩාවක තිබී තත්වයෙන් බාල පොහොර මිටි 1566ක් සමග එහි කළමනාකාරවරයා ඇතුළු 11 දෙනකු අත්අඩංගුවට ගත් බව පොල
ඉතිහාසය අමතක කොට අලුත් පරිච්ඡේදයක් නිර්මාණය කරන්නට ජනතා විමුක්ති පෙරමුණට හැකියාවක් නැති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක
ජාතික ජන බලවේගයට බහුතරය හිමි නොවූ මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ඇතුලත් සියලු පළාත් පාලන ආයතන වල බලය පිහිටුවීම සඳහා විපක්ෂයේ දේශපාලන පක්ෂ වල නායක
ජනතා විමුක්ති පෙරමුණේ ශාරීරික මෙන්ම මානසික වශයෙන් වශයෙන්ද වේදනා පිරුණු ඉතිහාසයේ තමා මෙන්ම සෙසු සහෝදර සහොරියන්ද ඉකි ගසා හැඬූ එක මොහොතක් හෝ තිබෙන බව ජ
කොත්මලේ ගැරඩිඇල්ල බස් අනතුරින් තුවාල ලැබූ දරුවන්ගේ ඉදිරි අනාගත කටයුතුවලට සහ අධ්‍යාපන කටයුතුවලට මූල්‍ය අනුග්‍රහය දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
කුඩු ලාලිතගේ ලක්ෂ 685ක දේපොළ රාජසන්තකයි ?
සරත් ආනන්ද Saturday, 20 September 2014 03:54 AM
දේපල රාජසන්තක උනාට පස්සේ ඒවට යන කලදසාවත් ඒවායේ පසු අයිතිය ගැනත් ජනතාව දැනුම්වත් කරන්න. (නධී)
ප්‍රනාන්දු Friday, 19 September 2014 09:47 AM
කුඩුකාරයින්ට තරාතිරම නොතකා දඬුවම් දියයුතුයි (නි)
ජගත් Friday, 19 September 2014 10:00 AM
එතකොට අර කුඩු ගෙන්නන මැති ඇමතිවරුන්ගේ දේපල ? (නදී)
ඉසුරන්දි Saturday, 20 September 2014 05:00 AM
ලක්ෂ 685ක් කියන්නේ කජු ඇටද කොස් ඇටද අප්පා. අපරාදේ ඕවා නැති බැරි මිනිස්සු අතරේ බෙදිලා ගියානම් තවක් එකක් ඔහොම රාජසන්තක නොවී. (නදී)
සාලමුල්ල Friday, 19 September 2014 10:35 AM
පරමාදර්ෂයකි (අ)
ලසා Friday, 19 September 2014 11:43 AM
මතට තිත තියන්න කතා කරන දේශපාලන නායකත්වයක් ඇති රටේ මත් පැන් වෙලඳාම පරිපාලනය කරන්නෙත් දේශපාලකයින්මයි. කුඩු මුද්ලාලිලා ටික ඉන්නෙත් දේශපාලකයා ලඟයි. නැතිනම් මුදලාලිත් දේශපාලකයම තමයි. මතට තිත ඇත්තමටම තියන්න ඕන නම් බැරිද අඩුම ගානෙ නගරයක අද තියෙන තුන හතරක් වන තැබෑරුම් ටික අඩුම ගානෙ එකක් එක නගරයකට වෙන තරමකට හරි අඩු කරලා දාන්න. (අ)
යසිරු Saturday, 20 September 2014 05:36 AM
රාජසන්තක දේපල වලට යන කල දසාව ගැන මහජනයා දැනුවත් කිරීම අදාල බලධාරීන්ගේ යුතුකමයි. (අ)
බමුණු Friday, 19 September 2014 11:48 AM
රාජසන්තක වෙන මෙම දේපොළ මොනකද වන්නේ. කා කා අතරෙත් බෙදී යනවද? (අ)
ජය Friday, 19 September 2014 11:56 AM
ආමර් වීදියේ පොස්ටේර් ගහලා " ලාලිත මහතාට නිවන් සැප ලැබේව" කියලා ..(අ)
ජොනතන් Saturday, 20 September 2014 05:45 AM
එයාව නැති කරපු එක නං හොඳ වැඩක් තමයි. එත් ඔය රාජ සන්තක කල දේවල් වලට අවසානයේ මොකද වෙන්නේ කිව්වොත් නං හොඳයි දැන්මම. (නදී)
නුවන් Friday, 19 September 2014 12:14 PM
ලොකු පවුල්වලට මෙතැනින් කීයක් යනවද? (අ)
උපුල් Friday, 19 September 2014 12:16 PM
අනේ ඇමති තුමෝ බේරලා දෙන්න පව්......මහන්සියෙන් හම්බ කරපුව (අ)
කුරුප්පු Friday, 19 September 2014 01:34 PM
මෙයාට කුඩු සැපයූ ලොක්කා කවුද? (නි)
හමීඩ් Friday, 19 September 2014 02:12 PM
ඔය විදිහට දවසකට කොච්චර රාජසන්තක කරනවද? (නි)
රනා Friday, 19 September 2014 02:38 PM
කුඩු කවුරු ගෙනාවත් වැඩේ වැරදි දඩුවම් කල යුතුය . නමුත් ප්‍රශ්නය එ්ක නෙවෙයි. කුඩු ලලිතලගේ දේපල ගැන හොයනවා. නමුත් මේ ලගකදී නුවර කුඩු රජෙක් ඇල්ලුවා. මිනිහ ජාත්‍යන්තර කුඩු බෙදාහරින කෙනෙක් කියනවා.. ඒ දේපල ගැන කිසිම විමසිල්ලක් නැහැ. සමහරවිට ප්‍රබල දේශපලුවෙක්ගේ රැකවරණය ලබල ඇති. ඒවා ගැනත් හොයා බැලුවොත් හොදි නේද? (ස)
සිගී ඩාලිය Friday, 19 September 2014 02:52 PM
මේ තීරණය හොදයි. තව එක දෙයක් කියන්න ඕනෙ.බලයට එන්න කලින් දේශපාලකයන්ගෙ දේපල වත්කම් සහ බලයට ආවහම එයාලගෙ වත්කම් ගැන හොයල බලන්නකො. එයාල තරම් ජරා විදිහට සල්ලි හොයල නැහැ කවුරුත් (ස)
පි.ඒ.සෝමතිලක Saturday, 20 September 2014 08:15 AM
මත් ද්‍රව්‍ය අංශයට අපේ ප්‍රණාමය ජාතිය විනාශ කරන මෙම නපුනසකයින් විනාශ කිරීම ගැන. තව ඉන්නවා ඒ නපුන්සකයින් වත් මේ ලෝකයටම යවනන්න මේවට පව් සිදුවෙන්නේ නැ පිනක් මිසක් (නදී)
චන්ද්‍රා Friday, 19 September 2014 05:28 PM
ස්ථිරවම කරනවා නම් ඉතාමත්ම හොද වැඩක් (නදී)
සුජීව Friday, 19 September 2014 07:21 PM
ජාතික ලොතරැයි වගේ ලක්ෂපතියෝ... හැමතැනම බොරුව... (නි)
නිමල් Friday, 19 September 2014 11:25 PM
මෙතුමා සිරගෙදරදී යහපත් කල්ක්‍රියාවෙන් ජීවත්වී ඉක්මනින් නිදහස ලබා ගැනීමට වාසනාව ශක්තිය ලැබේවා!!! (නි)
මංජු Friday, 19 September 2014 08:10 AM
තරුණයන්ට දීපු දුකට නියම තමා. (ස)
ටිකිරි බණ්ඩාර Friday, 19 September 2014 08:14 AM
රාජසන්තක කරන දේපොළ වලට මොකද වෙන්නේ? ඒවා අසරණ ජනතාව අතරේ බෙදලා දෙන්න බැරිද? (නි)
මහිලාල් Friday, 19 September 2014 08:18 AM
දේපොළ රාජසන්තක කළහම මොකක්ද දන්නෙ නැහැ නේද වෙන්නේ? (නි)
ටිකිරි බණ්ඩාර Friday, 19 September 2014 08:22 AM
කුඩු ලාලිතගේ ආගමනය ගැන ලියවුණ ලිපියක් පුවත්පතක තිබුනා.පුලුවන් නම් හොයලා බලන්න.අපි කාට අයිති රටකද ජීවත්වෙන්නේ කියලා පැහැදිලි චිත්‍රයක් ඒකෙන් ගන්න පුලුවන් (නි)
ගමගේ Friday, 19 September 2014 08:27 AM
දෙවිනුවර කුඩු චමිල් සහ සම්පත් දෙන්නගෙත් දේපල තහනම් කරනවා කියලා මාධ්‍ය වර්කා නම් පලවුනා. වැඩේ නම් කෙරුනේ නැහැ. ආරංචි වෙන විදියට උපරිම සැප විදගෙන ඇතුලේ ඉන්නවාලු. ගෙදර ඇවිල්ලාත් යනවා කියා කතා යනවා. ඕන බලු කමක් කරලා සල්ලි වියදම් කරලා බේරෙන අපරාධකාරයො ඉන්නවා. සාක්කි,නියම විධියට ඉදිරිපත් නොවුනම නඩු විසිවෙනවා. අදාල නිලධාරීන්ට සල්ලි විසිවෙනවා. (නදී)
කවින්ද රාජපක්ෂ Friday, 19 September 2014 08:44 AM
දිට්ට ධම්ම කර්මය තමයි මේ පඩිසන් දෙන්නේ වරදට නැහැ ඉඩක්. මේ ඉන්න ටික කාලෙට නේද මේ ඔක්කොම සෙල්ලම්. පව් නරක ආශ්‍රය (නදී)
කුරුවිට Friday, 19 September 2014 08:51 AM
අපට කිසිම දුකක් නැත (නදී)
මහීෂා Friday, 19 September 2014 09:08 AM
ගෙවල් නැති මිනිස්සු කී දෙනෙකුට ගෙවල් හදලා දෙන්න පුලුවන්ද? (නි)
ලුම්බිණි Friday, 19 September 2014 09:19 AM
අපරාදේ! බොහොම අමාරුවෙන් කුඩු විකුණලා හම්බ කරගත් දේපොළ! (නි)
මිලානො ජයන්ත Friday, 19 September 2014 09:22 AM
සීදේවි මූහුණක් හිමි ඔහු අහිංසක කෙනෙක් වගෙයි පෙනෙන්නෙ. මොහුගෙ දේපොළ බේරාදෙන්න කෙනෙක් නැද්ද, මොහු කලින් උදවු කළ? (නි)
රූපවතී Friday, 19 September 2014 09:25 AM
මේ විදියට උස් පහත් බේදයකින් තොරව අර කිසිවක් මතක නැති කෙනාගේ දේපළත් පවරාගන්න පුලුවන් නම්.... (නි)
අශාන් Friday, 19 September 2014 09:32 AM
මෙච්චර සැප විදින්න තිබුනත් අන්තිමට වුණේ මොකක්ද? ඕක තමයි පවුකාර සල්ලි වලට පැවැත්මක් නැහැ කියන්නේ. හැමෝටම හොඳ පාඩමක්. (නි)