හොරොයින් මත් කුඩු පාලනය හා අපරාධ වැළැක්වීම සඳහා වන එක්සත් ජාතීන්ගේ ප්‍රධාන කාර්යාලය ශ්‍රී ලංකාවේ පිහිටවීමට එම සංවිධානය එකඟවී සිටී.
අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතාගේ ඉල්ලීමක් අනුව එම පියවර ගැනිණි. අන්තර්ජාතික කුඩු ජාවාරමුන් යුරෝපයට අප්‍රිකාවට හා ආසියාවේ සෙසු රටවලට කුඩු යැවීමට ශ්‍රී ලංකාවේ දකුණු වෙරළ යොදා ගනිතියි රාජපක්ෂ මහතා එක්සත් ජාතීන්ගේ දොහා සමුළුවේදී කියා සිටියේය.
ඔහුගේ ඉල්ලීම පිළිගත් සමුළුව ජගත් සමුළුවේ විශේෂ නියෝජිතයෙක් ශ්‍රී ලංකාවට පැමිණ රනිල් වික්‍රමසිංහ අගමැති සමග සාකච්ඡා කළේය.
මත් කුඩු පාලනය පිළිබඳ මූලස්ථානය ශ්‍රී ලංකාවේ පිහිටවීමෙන් දකුණු වෙරළේ කුඩු ජාවාරම මර්දනය කිරීමේ සහාය ලබාගත හැකි බවත් පොලිසිය, යුද හමුදාව හා අන්තරායකාරී ඖෂධ පාලක මණ්ඩලයද සමග සහයෝගයෙන් ක්‍රියා කරන බවත් අධිකරණ අමාත්‍යංශය කියයි.
2025 දෙසැම්බර් මස 16
41
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
836
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
604
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
කුඩු මඩින මහ කන්තෝරුව කොළඹ
ඇසළ Thursday, 23 April 2015 03:16 PM
ලෝකෙම තියන මහා බැංකු කාර්යාල ටිකත් මෙහෙට ගේන්නකෝ බැංකු අධිපතිට නොදැනෙන්නම අපිට කොල්ල කා ගන්න පුළුවන්. මෙහෙ ආණ්ඩුවේ ඉන්න මෝඩයෝ සේරම එක පිළිගන්නවා. (බ)
ගමගේ Friday, 24 April 2015 03:12 AM
අපේ වෙලේ සුදාව ඒකෙ නේවාසික නිත්‍ය නියෝජිතයා හැටියට පත්කළා නම් හොඳ නැද්ද? (නි)
මර්වින් Thursday, 23 April 2015 03:31 PM
එතකොට කොලොම්බියාවේ පකිස්ථානයේත් ඔය කට්ටියගේ කාර්යාල තියනවද?ඕකත් අලුත් ගේමක් වගේ අපේ රටට රිංගන්න (ස)
දුමින්ද Thursday, 23 April 2015 11:40 AM
හොඳ නම්බුනාමය. (ස)
සිරි Thursday, 23 April 2015 05:09 PM
ඉල්ලන් කැමක්ද? (ස)
පද්මිණී Friday, 24 April 2015 05:07 AM
අප්පේ, අර පාවෙන අවි ගබඩාවක් තිබිලත් ඔය දකුණු වෙරළේ ඔහොම වුනාද? (බ)
විජේසුන්දර Thursday, 23 April 2015 12:31 PM
අපි බලමුකෝ මොකද වෙන්නෙ කියලා (නි)
සඳුන් Thursday, 23 April 2015 09:42 PM
ඉහත ප්‍රතිචාර වලින් පෙනෙන්නේ "කුඩු තිබුනට කමක් නැහැ. ඒවා වළක්වන්න කාර්යාලය එපා" කියලා. කොහොමද සංවර්ධනය! (නි)
ලාල් Thursday, 23 April 2015 01:50 PM
ඕක කොලොන්නාව පැත්තේම පිහිවෙව්වනම් තමයි හොඳ. (ස)