පානදුර පොලිසියෙන් මාසයකට පෙර සොරාගත් ගිනි අවියකින් මාස්පොත පොලිසියේ උප පරීක්ෂකවරයකු වෙඩි තබා මැරී යැයි කියන සැකකරුවකුට අයත් බව කියන හෙරොයින් කුඩු පැකට් 1000ක් සමග ත්‍රී රෝද රියක් දක්ෂිණ අධිවේගී මාර්ගය ආසන්නයේ තුඩුගල ඇල්ල පාලම යටදී අත්අඩංගුවට ගත් බව කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසයි.

එහි වැඩබලන ස්ථානාධිපති සමන් ශ්‍රී පද්මලාල් මහතාට ලැබුණු ඔත්තුවක් අනුව පොලිසිය ත්‍රී රෝද රිය පසුපස හඹායද්දී එහි සිටි දෙන්නකු රිය අතහැර කැලෑ වැදුණු බවත් ත්‍රී රෝද රියේ තිබී කුඩු පැකට් 1000ක් පමණ සොයාගත් බවත් පොලිසිය කියයි.