දේශපාලන නායකයකුට කඩේ යනවට වඩා ජාතික ප්‍රතිපත්තිමය දේශපාලනයක් කිරීමට සියලු කලාකරුවන්ට ආරාධනා කරන බව ‘ප්‍රජාතන්ත්‍රවාදය සඳහා කලාකරුවෝ‘ සංවිධානය අද (31) පිටකෝට්ටේ සෝලිස් ශාලාවේ පැවති මාධ්‍ය හමුවකදී කීවේය.

මහින්ද රාජපක්ෂ හිටපු ජනපති නැවත බලයට ගෙන ඒමට කලාකරුවන් පිරිසක් උත්සාහ දරණ බවත් එය ඔවුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය බවත් එයට විරුද්ධ වීම, ප්‍රහාර එල්ල කිරීම කලාකරුවන්ට උචිත නැති බවද ඔවුහු පැවසූහ.

බෙනට් රත්නායක, ඉනෝකා සත්‍යාංගනී, අනුරුද්ධ ජයසිංහ, බුද්ධික දමයන්ත, විමුක්ති ජයසුන්දර ඇතුළු කලාකරුවෝ රැසක් එයට එක්වූහ.

RDS_0699 RDS_0736 RDS_0747

 

ඡායාරූප සහ වීඩියෝ - රොමේෂ් ධනුෂ්ක සිල්වා