මහින්දගේ කඩේ වගේම රනිල් - මෛත්‍රීගේ කඩේ බඩුත් කල් පැනපු පරණ ඒවා හෙයින් නැවුම් බඩු තිබෙන අලුත් කඩයක් විවෘත කරන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා එම පක්ෂ මුලස්ථානයේදී අද (30) පැවති ප්‍රවෘත්ති සාකච්ජාවකදී පැවසුවේය.
ජනාධිපතිවරයා යහපාලන මුලධර්ම පසෙක තබා හොරුත් සමඟ හෙළුවෙන් නටන බවද කලින් ආණ්ඩුව කළ හොරකම් මේ ආණ්ඩුවත් යස අපුරුවට කරන බවද ඔහු කීවේය.
ජනවරමට පයින් ගසා ආණ්ඩුව කටයුතු කරන බවටද චෝදනා කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලුත් කඩේ බඩු බලලා ඊට පස්සේ පරණ කඩේටම යාවි බඩු ගන්න. හැමදාම උනේ එකනේ. ඊට පස්සේ කට්ටිය මාස 3ක් යනතුරු අලුත් කඩේ බඩු අස්කර ගනීවි. (ර)
ඒ කඩ දෙකේම පරණ බඩු හරි තියෙනවා, මේ කඩේ මොනම බඩුවක් වත් නැහැ, හැබැයි ලොකු බෝඩ් එකක් නම් තියෙනවා. (ර)
ඒ හැම කඩයකම පරණ සීනි අලුත් ඒවා කියලා බොරු කිය කිය වික්කේ... (ර)
පසුගිය දවස්වල රනිල්ට කඩේ ගිය නිසා අනුර කුමාරලා ඕවා දන්නවා (බ)
චමිලා, සීනි කොච්චර පරණ උනත් ප්‍රශ්නයක් නැති නිසයි එහෙම විකුනන්නේ .(හේ)
අපොයි! ඔය කඩෙන් බඩුගන්න ගිය බොහෝ ගණනකට තවම යන එන මං නැහැ.කඩේ බඩු ඒ තරමටම හොඳයි. (නි)
හැමදාම කඩේ ගිය කල් ඉකුත්වුණ අයගේ පරණ කඩේ (බ)
ඇයි කලින් කඩේ දාගත්තේ ඕකම කියලා නෙවේද ? (ම)
මේ පිස්සු කඩේ බඩු විකිනෙන්නේ නැති ඒවා. කෙහොමවත් වැඩක් නෑ.(හේ)
අලුතින් දාපු කඩේ මුදලාලි අස්වෙලා ගිහින් ලගදී වෙන කඩයක් දැම්මනේ .එයා දැන් මේ මුදලාලිට වැරදි කියනවා. ඔක්කොම එකයි .(හේ)
බඩු පරණ වන්න වෙන්න තමා සැර පරණ බඩුම හොඳ සරට වදින නිසා (ම)
එකනම් ඇත්ත .කි දෙනෙකුට කඩේ ගියාද ?? අවුරුදු ගානක් ගතවෙලා හරි තමන්ටම කියල කඩයක් අරින එක හොදයි,එතකොට වැඩි ලාබයක් ගන්න පුළුවන්..බලමුකෝ මෙයාලගේ කඩ කෙරුවාවත් (බ)
කඩ ,කඩ අනේ මුන් දමන කඩ. මෝඩ හැත්ත. (බ)
මේ අනුර කුමාර කියන්නේ රනිල්ගේ ගෝලයෙක් එයා කියන විදිහට තමයි වැඩ. (බ)
71 එකේ ඉදම්ම කඩ දන්නා තමයි මොන ක්‍රමයෙන් හරි බැලුවේ. (හේ)