2008 දෙසැම්බර 04 වැනි දා හෙරොයින් ග්‍රෑම් 80ක් ළඟ තබා ගැනීම සහ ජාවාරම් කිරීමට එරෙහිව සමන්ත කුමාර හෙවත් වෙලේසුදාට එරෙහිව කොළඹ මහාධිකරණයේ අද නඩු පැවරිණි.
මැයි දෙවැනි දා නඩුව කැඳවීමට නියෝග කැරිණි.
වෙලේ සුදා සමඟ ගල්කිස්සේ දී කුඩු විකුණු බව කියන මලිති සමීර පෙරේරා නොහොත් අමිල මිය ගොස් ඇතැයි නීතීපති කොළඹ මහාධිකරණ විනිසුරු අයිරාංගනී පෙරේරා මහත්මියට දැන්විය.
වෙලේසුදා හෙවත් ගම්පොල විදානගේ සමන්ත කුමාර පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව යටතේ අධිරණයට රැගෙන එනු ලැබීය. ඔහු යළි හත් වැනිදා තෙක් යළි රිමාන්ඩ් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වෙලේ සුදාට ඉස්සර පොළොන්නරුවේ නවාතැන් දීලා තියෙන්නේ වැලි රාජු බව දන්නවාද? ඒ නිසා මේක වහයි. (ස)
පව් අහිංසකයා . නැති බැරි කමට කීයක් හෝ හොයාගන්න වෙන්න ඇති. දැන් ඉන්න මැති ඇමතිලා තරම් හොරෙක් නෙවේ නේද ?(හේ)
අපොයි දෙයියනේ! මේ ටොන් ගණනින් කුඩු ගෙන්නුවා කිනන කතා බොරුනේ එහෙනම්. කුඩු ග්‍රැම් අසුවයිනේ ගෙන්නලා තියෙන්නේ! ඕක මොකක්ද? ඔන්න ඔහේ නිදහස් කරලා යන්න දෙන්න! අනේ වෙලේ සුදා !!! (නි)
මෙන්න බලාගන්න අපේ ග්‍රෑම් 80 කුඩුරාජයා. (නි)
පව් අහිංසකයා! සියලු දෙවියෝ හා දේශපාලකයෝ ඔහුව ආරක්ෂා කරදෙත්වා! (නි)
පව් අනේ වෙලේ සුදා! කුඩු ග්‍රෑම් 80ට පොඩි දඩයක් ගහලා නිදහස් කරන්න. එයා ළඟ දඩ ගෙවන්න සල්ලි නැත්නම් මම දෙන්නම්. (නි)
කුඩු හංගපු තැන් පෙන්වන්න එක්කගෙන යන්නේ නැද්ද? (නි)
ග්‍රෑම් 80ද? (නි)
ඔන්න යහ පාලනේ. කෝ දැන් බෙරිහන්දීපු කට්ටිය. (ර)
පහුගිය දවස්වල මාද්‍ය මගින් මේ පුද්ගලයාගේ වත්කම් හා දේපල පිලිබදව ප්‍රචාරය කල අන්දමට, රහස් පොලිසිය රදවා තබාගන ප්‍රසන කල විදිහට ජීවිතාන්තය දක්වා සිර දඩුවම් දෙන්න වැරදි ඇති කියලනේ හිතුවේ. දැන් මේ පුද්ගලයා විකුණලා තියෙන්නේ කුඩු ග්‍රාම 80 විතරනේ. ඉක්මනට ඇප ලැබේවි. (ර)
ඔන්න තටමල තටමල අන්තිමට දාගත්තු එකේ තරම, මේ වගේ තමයි මේ ආණ්ඩුවේ හැම වැඩක්ම! බොරු සවුදම විතරයි, හිතා ගත්ත හැකියි අනිත් චෝදනා ගැනත්! (නදී)
මිය ගිය සිංගප්පූරු ජනපති ලංකාවෙවත් ඉපදුනොත් ? (ර)
සමහරවිට ඇප මත නිදහස් වෙන්නත් පුළුවන්.පව් වෙලේ සුදා! (නි)