පාකිස්ථානයේ සිට ශ්‍රී ලංකාවට හෙරොයින් මත්කුඩු එවමින් සිටියදී පාකිස්ථානයේදී අත් අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට බාර දුන් වෙලේ සුදා හෙවත් සමන්ත කුමාර 2008.12.04 වැනිදා ගල්කිස්සේදී හෙරොයින් කුඩු ග්‍රෑම් 7.9 ක් සන්තකයේ තබාගෙන අලෙවි කළැයි වෙලේ සුදාට අද (18) චෝදනා පත්‍ර බාරදුන්නේය.
තමා නිවැරදිකරු බව වෙලේ සුදා අයිරාංගනී පෙරේරා මහාධිකරණ විනිසුරුවරිය හමුවේ කීවාය.
නඩුව අගෝස්තු 10 වැනිදා සිට අවසන් වනතුරු එක දිගට විභාග කිරීමට තීරණය විය. මේ නඩුවේ සැකකරුවකුවූ මලිත් සමීර පෙරේරා හෙවත් අමිල වැලිකඩ බන්ධනාගාර කැරැල්ලේදී මියගිය බව පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජංගම දුරකථනයක් ඇහිඳගත් අසරණ මිනිසෙකුට ක්‍රියාත්මකවන නීතිය මේ මිනිසුන්ට ක්‍රියාත්මක වෙන්නේ ලාල් කියන විදිහට තමා. මාස හයකට අත්අඩංගුවට ගනු බැරිද? මේ තමා ලෝකයේ උතුම්ම නීතිය තිබෙන රට! (නි)
එතකොට නඩුව ඇදිලා යනවනේ. මෙයා කුඩුකාරයන්ගේ, එතනෝල්කාරයන්ගේ, සුදු වෑන්කාරයන්ගේ යුගය නැවත එනතුරු බලාගෙන වෙන්න ඇති ඇත්තේ. (නි)
පාකිස්තානෙන් ගෙනවිත් තියෙන්නේ පාන්පිටි කියලා සියලු චෝදනා වලින් නිදොස්කොට නිදහස් කරාවිද දන්නෙ නැහැ (නි)
ඇත්තනේ මෙයා කියලා තියෙන්නේ. ග්‍රෑම් 7.9 ක් කියන්නේ මෙයාට කරන අන්තිම අපහාසයක්නේ. ඔන්න කිලෝ ග්‍රෑම් 50 ක් 100ක් මෙරටට ගෙනඒමට වැරදිකරුද කියලා ඇහුවා නම්, 'ඔවු' කියයි. (නි)
මීට වඩා වැරදිකළ කට්ටිය මේ රටේ නැද්ද? ඒ කට්ටියට සමාවක් දීලා නැද්ද? ඉතින් මෙයාට විතරක් මේ තරමටම වදදෙන්නේ ඇයි? (නි)
කුඩු කිලෝ ගණන් ගෙනෙන අය අල්ලන්න එපා (නි)
බන්දනාගාර කැරැල්ල ගොඩක් ඒවා විනාස කරා. වෙන මුකුත් නොකිය ඉඳිමි .(කේ)
දඞුවම් වලක්වාලන අතුරු නියෝග එහෙම නැද්ද අපේ නීතිපොතේ. සමහර විට අනාගතයේදී එහෙම නියෝග දෙන්න පුලුවන් නීතියකුත් ඇතිවේවී,පුද්ගලයාගේ ස්වාභාවය අනුව. (කේ)
වෙලේ සුදා පවු නේද? (නි)
මොකුත් මතක නැතුව ඇති. කුඩු කියා නොදැන ගෙන්වූ දෙයක් පසුව මත්කුඩු වෙලා වෙන්න ඇති (නි)
කිලෝම දාහක් එවුවා කියලා නේද මෙයාව අත්අඩංගුවට අරගෙන, මේ වෙනතුරු කන්න බොන්න දීලා තියාගෙන ඉන්නේ? එහෙව් එකේ ග්‍රෑම් 7.9 ට නඩු අහලා උසාවියේ කාලය අපතේ යවන්නේ මොකටද? එක අතකට වෙලේ සුදා කියන්නෙත් ඇත්ත වෙන්න ඇති. මිනිහා නිවැරදිකරු තමයි ග්‍රෑම් 7.9 ට. (නි)
කල්පනා කරලා බලනකොට වෙලේ සුදා කියන්නේ ඇත්ත කියලා හිතෙනවා (නි)
අර කලකට ඉහත කන්ටේනර් එකක මත්කුඩු ඇවිල්ලා අහුවුණ එකේ , අල්ලපු නිලධාරීන්ට මොකද වුණේ? දන්නේ නැති නිසා අහන්නේ (නි)
ඇයි මතක නැද්ද පොල් ගෙඩිය ඇහිදපු ළමයට තිබුණු නීතිය? (නි)
පව් වෙලේ සුදා! (නි)