මත්කුඩු වලට ඇබ්බැහිවු බව කියන උසස් පෙළ ශිෂ්‍යයෙක් (17) ද ඔහුගේ ඥාතියෙකු බව කියන තරුණයෙක් ද (27) මත්කුඩු ග‍්‍රෑම් දෙකයි මිලිග‍්‍රෑම් හාරසිය හැත්තෑ අටක් ළඟ තබාගත්තැයි දෙසැම්බර් 5 වැනිදා තෙක් රිමාන්ඩ් කිරීමට ඇඹිලිපිටිය අතිරේක මහේස්ත‍්‍රාත් ප‍්‍රසන්න ප‍්‍රනාන්දු මහතා අද (23) නියෝග කළේය.
පාසල් සිසුවා සහ සුදසිංහ නදීර පුෂ්ප කුමාර එසේ රිමාන්ඩ් කරනු ලැබූහ.
සැකකාර ශිෂ්‍යයා දැඩි ලෙස මත්කුඩු වලට ඇබ්බැහිවූවෙකු බවත්, අනෙක් පුද්ගලයා ඔහුට කුඩු ගෙනත් දෙන පුද්ගලයා බවත් පොලිසිය සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් පැවසීය.
මෙම පුද්ගලයන් සමග සම්බන්‍ධකම් පවත්වන තවත් පාසල් සිසුන් සහ වෙනත් පුද්ගලයන් මෙලෙස මත්කුඩුවලට ඇබ්බැහිවී ඇද්ද යන විමර්ශනය කරන බව ද පොලිසිය පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd