බණ්ඩාරගම විදියගොඩ රජමහා විහාරයේ රාත්‍රී කාලයට ගාල් කරන බසයක් වැදී කැඩී ගිය පෙර පාසල් ගොඩනැගිල්ලක් පිළිසකර කර නොදුන් බව කියමින් මහා සංඝරත්නය ද මව්පියෝ ද උද්ඝෝෂණයක් ඇරබුහ.
මාසයකට පමණ පෙර මෙම ගොඩනැගිල්ල කැඩීගිය බවත් ඉන්පසුව ද රාත්‍රී කාලයේ බස් රථ පන්සලේ ගාල් කර ඇත.
එසේ ගාල් කර ඇති බස්රථයක් අද උදේ ගෙන යාමට පැමිණි අවස්ථාවේ දි ඊට ඉඩ නොදි මෙම විරෝධතාවය සංවිධානය කෙරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හමුදුරුවරුනුත් මෙහෙම නම් ගිහියා මොනවාා නොකරයිද?(දිල්)
රවී - ඕමාන් ,ඔයා හිතනවද පන්සලේ ඉඩමේ එහෙම නිකන් බස් එකක් නවත්වන්න දෙයි කියලා...? (නි)
හොඳ වැඩේ තමන්ගේ බඩ වඩා ගන්න තමයි බලන්නේ පොදු දේපළ වලට මොනවා වුණත්.. එත් මේක තමන්ගේ ගෙදර එකක් උනානම් දැනටමත් හදලා (දිල්)
ඇයි මේ කලබල? රටේ නීතියක් තිබෙනවා නේද? ඒ අනුව කටයුතු කළා නම් නේද හොඳ? (නි)
පන්සල කියන්නේ පුජනීය ස්ථානයක් මිසක් බස් ඩිපෝ එකක් නොවෙයි. පන්සල් බිම මුදල් සොයන්න යොදා ගත්තාම මෙහෙම දේවල් වෙනවා.(නදී)
සෑම්, මෙතන කියල තියනවද හාමුදුරුවෝ පන්සලේ ඉඩම කුලියට දුන්නා කියලා බස් එක නවත්වන්න.? පොදු තැන නිසයි පන්සල් වත්තේ නවත්තලා තියෙන්නේ. (ර)