ප්‍රශ්නය - මට වයස අවුරුදු 12 දී වැටිමකින් කකුලේ මහපට ඇගිල්ලේ නියපොත්ත ගැල වුණා. ඒ කාලයේ දී මම බෙහෙත් කළේ නැහැ. නමුත් දැන් මට වයස අවුරුදු 27ක් වනතුරුම මේ නියපොත්ත හරියට වැවෙන්නේ නැහැ. නියපොත්ත එන මුල් අවදියේ වැලි, මඩ ගිය නිසා මම නියපොත්තේ දෙපැත්ත සුද්ද කළා. එම නිසා නියපොත්ත දෙපැත්තෙන් ගොඩක් කැතයි. ඒ වගේ ම නියපොත්ත දෙපැත්ත කළු පැහැයක් ගන්නවා. ඒ වගේ ම ගඳක් එනවා. මට දැන් මෙය මානසික වදයක් වි ඇත. නැවත නියපොත්ත හරියාකාරයෙන් වවෙන්නට මා මොනවා කළ යුතු ද ? - සමන් -
පිළිතුර - නියපොත්තක් ගැලවීයන අවස්ථාවේ එහි මූලයට හානි සිදුවුවහොත් අළුතෙන් එන නියපොත්ත පෙර පරිදි ලස්සනට වැඩෙන්නේ නැත. කුණු දුහුවිලි හා මඩ යාමෙන් නියපොත්ත දෙකෙලවර ආසාදනය විය හැකියි. මෙය කළ හැකි එකම පිළියම වන්නේ නිතරම නියපොත්ත හා ඒ දෙපස වියළිවත් පිරිසිදුවත් තබා ගැනීමයි. කුණු දුහුවිලි හා මඩ රැඳෙන්න ඉඩ දෙන්න එපා. නියපොත්තේ අසාදිත තත්ත්වයක් තිබෙන්නම් විෂ බිජ නාශකයක් යොදා තරමක් සෙමෙන් පිරිසිදු කරන්න. තදින් පිරිසිදු කළ විට දෙපස හෑරී යා හැකියි. ඔබේ නියපොත්ත පිරිසිදුව හා වියළිව තබා ගැනීම හැර දැන් කරන්නට දෙයක් නැත.
(මේ සඳහා පිළිතුරු සැපයුවේ කොලඹ විශ්වවිද්‍යාලයේ ශල්‍ය ශාලාක්‍ය අධ්‍යයන අංශයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය පද්මසිරි දිසානායක මහතා සහ විශේෂඥ සර්වාංග රෝග වෛද්‍ය උපුල් ද සිල්වා මහතා විසිනි)
ප්‍රශ්නය - පුරස්ථි ග්‍රන්ථියේ රෝගාබාධ නිට්ඨාවට සුවකළ හැකි ආයුර්වේද වෙදැදුරකුගේ විස්තර ලබා දෙන්න. - අනුරාධපුරයේ ගුණරත්න -
පිළිතුර - පුරස්ථි ග්‍රන්ථියේ රෝග සඳහා ප්‍රතිකාර ගැනීමට කොළඹ රාජගිරියේ ආයුර්වේද රෝහලේ බාහිර රෝගී අංශයේ කාමර අංක 15ට පැමිණෙන්න. සතියේ දිනවල සහ සෙනසුරාදා උදේ වරුවේ එහි සායනය පැවැත්වෙයි.
ප්‍රශ්නය - වසර කිහිපයක සිට පවතින තුනටියේ අමාරුව (ස්නායු අමාරුව) නිට්ඨාවට සුව කළ හැකි ආයුර්වේද වෛද්‍යවරයකු පිලිබඳ විස්තර ලබාදෙන්න.
පිළිතුර - තුනටියේ අමාරුවට විවිධ හේතු බලපායි. එය ස්නායු අමාරුවක්යැයි පූර්ව නිගමනයකට එල්බ සිටීම වරදකි. වඩාත් සුදුසු වන්නේ කොළඹ රාජගිරියේ ආයුර්වේද රෝහලට අඟහරුවාදා දිනක පැමිණ එහි බාහිර රෝගී අංශයේ පැවැත්වෙන චාන්දනී පියසේන මහත්මියගේ සායනයට සහභාගී වීමයි.
ප්‍රශ්නය - වෛද්‍යතුමනි. මගේ උදරයට ඉහළින් සැරව ගෙඩියක් ඇවිත් සුවවුණා. නමුත් එතනින් නිතර නිතර සුදු පාට සැරව එනවා. හැමදාමත් නොවෙයි. මේක පිළිකා තත්ත්වයට හැරෙයි ද කියා බියක් තිබෙනවා. කරුණාකර මේ ගැන පහදා දෙන්න. කවර ප්‍රතිකාරයක් ගත යුතු ද ? - අජිත් ප්‍රනාන්දු -
පිළිතුර - සැරවගෙඩියක් පැමිණෙන්නේ පිළිකා තත්ත්වයක් නිසා යැයි අනියත බියක් ඇතිකරගැනීම අවශ්‍ය නැත. සාමාන්‍යයෙන් සැරව ගෙඩියක් පැමිණිවිට එය සම්පූර්ණයෙන් ම ඉවත් කළ යුතුයි. එසේ නොකර කොටසක් පමණක් ඉවත් කළහොත් යළි යළිත් සැරව ගෙඩිය මතුවෙයි. මේ නිසා ළඟම ඇති රජයේ රෝහලක ශල්‍ය වෛද්‍ය සායනයක් වෙත යන්න.
විකසිත අමිලගේ ප්‍රශ්නයට පිළිතුර
ඔබ දක්වා ඇති විස්තර අනුව ඔබට කිසිදු ගැටළුවක් නැත. ශරිරයේ සහ එහි කොටස්වල විශාලත්වය තීරණය වන්නේ ස්වභාවිකය. ජනන ඉන්ද්‍රිය විශාල කර ගැනීමට හැකියාව ඇතැයි පවසමින් විවිධ උපකරණ හා බෙහෙත් යැයි කියන ද්‍රව්‍ය විකිණීමේ ජාවාරමක් රට පුරා ක්‍රියාත්මක වෙමින් පවතී. මෙවාට නොරැවටෙන්න. ඔබ නිරෝගී අයෙකි. පසුතැවිලි නොවී ජීවිතය යහපත්ව ගත කරන්න.
පිළිතුරු දුන්නේ විශේෂඥ අධිකරණ වෛද්‍ය යූ.සී.පී.පෙරේරා මහතා විසිනි
2025 දෙසැම්බර් මස 16
95
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
898
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
620
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
කුඩා කාලයේ ගැලවුණු නියපොත්ත තවමත් හරිගියේ නැහැ