කුඩු කාරයන් හා එතනෝල් කාරයන්ට නාමයෝජනා නොදෙන්නැයි බල කරමින් සාරධණ මැතිවරණයක් සඳහා වූ ජනතා ක්‍රියාකාරිත්වය (පැෆරල්) සියලු දේශපාලන පක්ෂවල ලේකම්වරුන්ට අස්සන් දස ලක්ෂයකින් යුතු පෙත්සමක් හෙට බාර දෙයි.
දූෂිතයන්ට ඡන්දය නොදෙන බවට වූ ජනතා ප්‍රතිඥාවක් තැබීම ද හෙට කෙරෙන බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුඩු, එතනෝල් ඇරෙන්න වෙන කතාවක් ඇත්තෙම නැද්ද? කුඩු එන්නේ පාකිස්තානෙන්, එතනෝල් හදන්නෙත් යුරෝපයේ , ඇමරිකාවේ, චීනයේ වගේ රටවල.කාටත් ඒවා ගෙන්වන්න පුළුවන්. නමුත් එළියට එන්නේ කොහොමද? ඔයාලා ඒ ගැන හොයන්න. ඉඳිකට්ටක් නම් නොපෙනෙන්න ගෙනෙන්න පුළුවන්. (නි)
මේ මොහොතේ දසලක්‍ෂයේ පෙත්සමට කන්දෙයිද කියලා බලමු (නි)
යකඩ මල්ලට ගුල්ලෝ ගැහුවා නම් හාල් මල්ල නොබලාම විසිකරපියෝ කියලා කිවුවලු (නි)
කාට නාම යෝජනා දුන්නත් ජනතාව හරියට කාටද තමන්ගේ චන්දය දෙන්න ඕනේ කියන එක තේරුම් ගත්ත නම් හරිනේ (නදී)
එතනෝල් අවශ්‍ය වන්නේ මත්පැන් නිෂ්පදනයටය. ලංකාව පුර ඇති සුරාසැල් වසා දැමුවහොත් එතනෝල් ප්‍රශ්නයක් වන්නේ නැත (නි)
කොහෙන් ගියත් එකම කට්ටියට තමයි නාමයෝජනා ලැබෙන්නේ. අලුතින් කෙනෙකුට එන්නත් අමාරුයි. ඉන්න අයව යවන්න හැදුවත් ඡන්දෙ දෙන්න වෙන්නෙත් ඒ අයගෙන් කෙනෙකුටමනේ. වෙනස් කරනවා නම් මුල ඉඳලම කරන්න ඕනෑ. ඒත් අත්දැකීම් නැති අයට දෙන්න අවදානම් ගන්නත් ජනතාව කැමති නැහැනේ. එක්කෝ අවදානමක් අරගෙන වෙනස් කරවන්න ඕනෑ, නැත්නම් බැඳගත්තු බෙරේ ගහන්න ඕනෑ (නි)
ජයවේවා! (නි)