මාසික කුලී මුදල ගෙවීම් පැහැර හැරීම නිසා බදු ගිවිසුම් අහෝසිවීම මත දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ කඩකාමර 150ක් පැය 24 ක් ඇතුළත භාර දෙන ලෙස දඹුල්ල ප්‍රදේශීය ලේකම් ලක්ෂ්මි හේවාපතිරණ මෙනවිය ලිඛිතව වෙළෙන්දන්ට දැනුම් දී තිබේ.

ආර්ථික මධ්‍යස්ථාන වෙළද සංගමය කියා සිටින්නේ එසේ කඩකාමර නීති විරෝධී ලෙස පවරා ගැනීමට ඉඩ නොදෙන බවත් මෙය රජය අපහසුතාවයට පත්කිරීම සදහා නිලධාරින් විසින් ක්‍රියාත්මක කරන වැඩපිළිවෙලක් බවත් ය .

මේ වනවිට වෙළදසැල් බදු කරුවන් රුපියල් කොටි තුනක මුදලක් රජයට ගෙවීමට තිබෙන බව එහි කළමනාකරු ක්‍රිස්ටි විජේරත්ත මහතා පැවසිය,

තවමත් එවැනි ලිපියක් ලැබී නැති බව සමහර වෙළෙන්දෝ පැවසූහ .