බස්නාහිර  පළාතේ  පිහිටි මුස්ලිම් දේවස්ථාන එකසිය හැත්තෑවක අද (27) පැවැත්වෙන දහවල්  යාඥාවේදි  “ඩ්‍රග්ස්  හරාම්” (කුඩු එපා) යනුවෙන්  මත්ද්‍රව්‍ය  විරෝධි  පණ්වුඩයක්  නිකුත්  කරනු  ලබන බව අන්තරාදායක ඖෂධ පාලක මණ්ඩලයේ  සහ පුර්වජන රසායන පාලන අධිකාරියේ  සභාපති වෛද්‍ය  නිලන්ත සමරසිංහ මහතා පැවසිය.

මීට අමතරව මත්ද්‍රව්‍ය විරෝධි  අත්සන්  ලක්ෂයක්  එකතු කිරිම සිදුවෙයි.

එළඹෙන අප්‍රේල්  3 දා  දේවස්ථාන ඉදිරිපිට  විථිවලදි  මත්ද්‍රව්‍යයට  එරෙහිව විරෝධිතාවයක්  පැවැත්විමටද නියමිතය.

මත්ද්‍රව්‍ය  පිටුදැකිම වෙනුවෙන්  වැදගත්  මෙහෙවරක්  ඉටුකිරිමට මුස්ලිම් දේවස්ථාන පෙරට පවත්වා  ඇති බවට  වෛද්‍ය සමරසිංහ මහතා  පැවසිය.