IMG-LOGO

2025 සැප්තැම්බර් මස 29 වන සඳුදා


කටුමැටි පැලේ අලිගැවසෙන වනය මැද නිවුන් පුතුන් තිදෙනකු බිහි කෙරුව සඳ

(කාංචන කුමාර ආරියදාස)

හබරණ පුවක්පිටිය  මහා වන මැද පුංචි කටු මැටි ගැසූ පැලක  ජිවත් වූ තරුණ මවක පසුගිය අම්මා වරුන්ගේ දිනයට පැය කිහිපයක් තිබියදී දඹුල්ල රෝහලේදී තුන් නිවුන් පිරිමි දරු උපතක් සිදුකළාය.

මෙම මවට තවත් අවුරුදු 03 ක පුංචි දියණියක්ද සිටි ,මිට පෙර නිවුන් පුතුන් දෙන්නෙක් අහිමි වූ බවද කියයි .

මෙසේ තුන් නිවුන් දරු උපත සිදුකර ඇත්තේ හබරණ පුවක්පිටිය පදිංචි 25 හැවිරිදි ගිහානි සුපෙෂලා කුමාරි නමැති මවකි , මේ දරුවන්ගේ පියා සන්ජිත් අසෝක දයානන්ද මහතා කැලේ ගසක් උඩ තැනු අලි පැලකින් බිමට වැටි අබාධිතව පසුවෙන බවද එම මව පවසන්නීය .

දරුවන්ගේ මව හා පියා දඹුල්ල රෝහලෙන් දරුවන් තිදෙනාද රැගෙන සුපුරුදු වන මැද පැලට 14 වැනිදා පස්වරුවේ මොර සුරන වරුසාවේ පැමිණියහ.

වරුසාවට පුංචි පැල තෙමි හිරිකඩ ගෙතුලට එද්දී පුංචි පැටවූ මොරදී හඩද්දී පියාත් මවත් සංවේදී වන අයුරු එහි ගිය අපට දැකගැනීමට හැකිවිය .

දඹුල්ලේ සිට කිලෝමීටර් 40ක් පමණ දුරක් මෙම ගමට යායුතුව ඈත.මව අප සමග කිවේ දරුවන් ලැබෙන්න යනතුරුම වන අලින්ගෙන් බේරීමට වන මැද ගසක් උඩ තැනු පැලක රැය පහන් කළ බවයි .

මේ පැටවුන් අරගෙන ගිය කටු මැටි ගැසූ ටකරන් තහඩු සෙවිලි කළ නිවසට විදුලිය, ජලය කිසිවක් නැත .

 පුංචි පැටවුන්ට අම්මගේ කිරි ප්‍රමණවත් බව වෛද්‍යවරු පවසා තිබේ , එහෙත් ඇදුම් ,සබන් ,මදුරු දැල් ආදී බොහෝ දෑ  පැටවුන්ට අඩුපාඩු රැසකි .

‘මේ පැටවුන්ට නොතෙමී ඉන්න අඩුම තරමේ පුංචි කාමර දෙකක් හදලා දෙන්න හැකිනම් ඒක මහා ශක්තියක් මෙන්ම පුන්‍ය කර්මයක් බව මව පවසන්නීය.

මේ පවුලට කතා කරන්න දුරකථනයක් නොමැත . දරුවන්ගේ පියා සන්ජිත් අසෝක දයානන්ද මහතාගේ නමට හබරණ මහජන බැංකුවේ ගිණුමක් පවති. එම ගිණුම් අංකය 203 2 002 3 00 29445, හැකියාවක් ඇත්නම් උදව්වක් කරන්නැයි ඔවුන් අයැද සිටි.

 



අදහස් (9)

කටුමැටි පැලේ අලිගැවසෙන වනය මැද නිවුන් පුතුන් තිදෙනකු බිහි කෙරුව සඳ

sana Wednesday, 15 May 2024 04:55 PM

මෙහෙව් මිනිසුන් ඉන්න රටේ දේශපාලකයින් තමයි තවතවත් කාර් පර්මිට්, බාර් පර්මිට් හොයන්නේ...!

:       4       73

නිහාල්Wednesday, 15 May 2024 07:29 PM

කව්ද අප්පා Thumbs Down දාපු එකා.මනුස්සයෙක්ද?

:       0       6

Lalla Wednesday, 15 May 2024 08:20 PM

මෙහෙව් මිනිසුන්!! ඇත්තටම තමන් ආබාධිතනම් සහ ජීවිතය පවත්වාගෙන යාම මෙතරම් අසීරුනම් තවත් දරුවන් හැදීම සාධාරණද? දුක කියා ආධාර ඉල්ලීමද නැතිව ඒ තත්ත්වය කලමනාකරනය කර ගැනීමද හරි?

:       27       20

ලසන්ත Thursday, 16 May 2024 04:59 AM

පුළුවන් එකාල එකීල හදන්නෙ නැත්නම් බැරි එකාල හරි ජාතිය කුඩාවීම වළක්වන්න ඕන කියලා හිතන්නේ නැද්ද මෝඩයෝ .කෝ ඉතින් ජනාධිපති වෙන්න ඇදුම් මසාගෙන කයිවාරු ගැසීම පමණක් කරන මහලොකු සමාජ වාදීන්ගේ අවධානයක් මොවුන්ට නැහැනේ

:       2       6

Pradeep KumaraThursday, 16 May 2024 11:03 AM

ඒ සම්බන්ධයෙන් දීර්ඝ විග්‍රහයක් කරන්න වෙනවා ඔබට පැහැදිලි කරන්න. මේ ඒකට වෙලාව නෙමෙයි. මොනවා වුනත් දැන් මේ සිදුවීම සිදුවී අවසානයි. හැකි අයෙක් වේ නම් ඔවුන්ට හැකි අයුරින් උදව් කරන්න. නැති නම් අනෙක් අය උදව් කරනා දෙස බලා සතුටු වෙන්න.

:       0       0

සෑම් Wednesday, 15 May 2024 06:35 PM

වහාම මේ පවුල ඔය කැලයෙන් අයින්කරන්න. දැන දැනම ඔය ගේ හදාගෙන තියෙන්නේම කැලයක. කවදා හරි ඔය ගේ අලියෙක් කැඩුවාම අලියාටවත් වනජීවියටවත් බනින්න එපා. ඔතැන ගෙයක් හදපු එක සම්පූර්ණ වරදක්... හුඟක් මිනිස්සු අලින්ගෙන් පහර කාලා මැරෙන්නේ මෙන්න මේ වගේ වැරැදි විදිහට මහා කැලෑ මැද්දේ... හිතුමතේ ගෙවල් හදන නිසා..

:       0       0

වීර Thursday, 16 May 2024 07:36 AM

පුලුවන් අයට ආධාර කරන්න කතා කරන්න දුරකතන අංකයකුත් දාන්න තියෙනවානම්.

:       0       3

Sunila Thursday, 16 May 2024 08:27 AM

ග්‍රාම සේවක නම සහ දෙමව්පියන්ගේ ගෙදර ලිපිනය ලබාදෙන්න.. ස්තූතියි

:       0       3

චේතනා Thursday, 16 May 2024 10:04 AM

අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ හා MOH කාර්‍යාලයේ ක්ෂේත්‍ර නිළධාරින් රාශියක් ගමක් වෙනුවෙන් ඉන්නවා. සුව අංශය නැතත් ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ මාසිකව කොට්ඨාස දින රැස්වීම් තියලා ප්‍රදේශයේ තියෙන ප්‍රශ්න සාකච්ඡා කරනවා. ඉතින් ග්‍රාම නිළධාරි ,සමුර්ධි සංවර්ධන නිලධාරීන් රාජකාරියක් නොකර නිතරම වැටුප් ඉල්ලා උද්ඝෝෂණ කරනවා. සංවර්ධන නිළධාරින් ළමා හිමිකම් ප්‍රවර්ධන ආදී ළමා නිළධාරි ආදී මෙකී නොකී හැට හුටහමාරක් නිළධාරි ගමකට ඉන්නවා. ඉතින් උන්දැලාට මේවා පේන්නෙ නැද්ද? පවුල් සෞඛ්‍ය සේවා නිළධාරීන්ට මේ ගැන ඉහළට දන්වන්න බැරිද ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32578 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 15123 10


අනුර -ට්‍රම්ප් හමුවේ
2025 සැප්තැම්බර් මස 24 9953 15

මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 132 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 412 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1334 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site