කටාර් රාජ්‍යයේ, රාස් ලෆාන් කාර්මික කලාපයේ, ‘බර්සාන්’ නමැති ප්‍රධාන ස්වභාවික වායු අපනයන පර්යන්තයේ සිදුවූ පිපිරීමකින් 54 දෙනකු තුවාල ලැබූ බවත්, 18 දෙනකු අතුරුදන් බවත් විදෙස් මාධ්‍ය පැවැසීය.
තුවාල ලැබූවන්ගෙන් කීප දෙනකුගේ තත්ත්වය බරපතල බවත්, මරණ වාර්තා වීමට ඉඩ ඇති බවත් රෝහල් ආරංචි මාර්ග පැවැසීය.
මීට දින කීපයකට පෙර, ඉරානය විසින් එල්ල කරනු ලැබූ බෝම්බ ප්‍රහාරයකින් පසුව, එහි මෙහෙයුම් කටයුතු යළි ආරම්භ කිරීමට සේවකයන් උත්සාහ ගනිමින් සිටිය දී පර්යන්තයේ මෙම පිපිරීම සිදුවුණු බව පැවැසෙයි.
ස්වභාවික වායු අපනයන පර්යන්තයේ සිදුවූ මෙම පිපිරීම ගෝලීය බලශක්ති වෙළඳපොළ තුළ තවදුරටත් අර්බුදකාරී තත්ත්වයක් ඇති කිරීමට හේතු විය හැකි බවය.
ඉරානය, හෝමූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම හේතුවෙන් කටාර් රාජ්‍යයට තම පාරිභෝගිකයන් වෙත නැව්ගත කිරීම් සිදු කිරීමට නොහැකි වූ අතර, ඒ නිසා ඔවුන් තම නිෂ්පාදන කටයුතු අත්හිටුවීමට පියවර ගෙන තිබුණි.
යුද ගැටුම් අවසන් කිරීම සඳහා කෙරෙන සාකච්ඡා අතරතුර ඉරානය විසින් සමුද්‍ර සන්ධිය විවෘත කිරීමත් සමග කටාර් රාජ්‍යය තම අපනයන පර්යන්තය නැවත ආරම්භ කිරීමට කටයුතු කළේය. එහිදී එම වැඩකටයුතු අතරතුර බර්සාන් ගෑස් සැපයුම් මධ්‍යස්ථානයේ මෙම පිපිරීම සහ ගින්න හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබේ.
පිපිරීම සිදුවුණු මෙම බර්සාන් බලාගාරයට, දිනකට සම්මත ඝන අඩි බිලියන 1.4 ක පමණ වායු ධාරිතාවක් සැපයීමේ හැකියාව ඇත. මෙම වායු බලාගාරයේ සම්පූර්ණ අයිතිය කටාර් රාජ්‍යය සතු වන අතර, එහි සුළු කොටසක් පෞද්ගලික සමාගම සතු බව ද පැවැසෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොටි නැගිටිනවවත්ද?