
(විමුක්ති එස් රුද්‍රිගු)
කටාර් රජය ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට තෑගි දුන් ඇමෙරිකානු ඩොලර් මිලියන 400ක් වටිනා බෝයිං 747-8 වර්ගයේ ගුවන් යානය ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ නිල ගුවන් යානය වන "එයාර් ෆෝස් වන්" බවට පරිවර්තනය කරමින් පසුගියදා එළි දැක්වූවේය.
තමන්ට කටාර් රජයෙන් තෑගි ලැබූ බෝයිං 747-8 ගුවන් යානය පියාසර කරන ධවල මන්දිරය බවට පත් කිරීමට හැකියාව ලැබී තිබෙන බවත් මීට පෙර කිසිවෙකු නොදුටු සුඛෝපභෝගීත්වයක් යානය තුළ තිබෙන බවත් යානය එළිදක්වමින් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේය.
ඇමෙරිකා ගුවන් හමුදාව ප්‍රකාශ කර සිටියේ අවසන් පරීක්ෂණයෙන් පසුව ට්‍රම්ප්ගේ "නව එයාර් ෆෝස් වන්" ගුවන් යානය ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ නව නිල යානය බවට පත්වෙමින් පියාසර කරනු ඇති බවයි.
යානයේ ආරක්ෂාව, මෙහෙයුම් සන්නිවේදනය, සැපයුම් සහාය සහ උසස් තාක්ෂණය වැඩිදියුණු කිරීමට කටයුතු කර තිබෙන බවත් පෙර යානයේ තිබූ දුර්වලතාද මෙම යානයේ නිවැරදි කරන තිබෙන බවත් ඇමෙරිකානු ගුවන් හමුදාව ප්‍රකාශ කළේය. කෙසේ නමුත් යානය අභ්‍යන්තරය අවම වශයෙන් වෙනස් කරමින් මෙම සියල්ල සිදුකර තිබෙන බවද පැවැසෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd