‘සංදර්ශන හා නාට්‍ය පවත්වන්න අපට වුවමනා නෑ. ගංවතුරට හා නායයාම් වලට ලක් වූ දරුවන්ට පොත්, පෙළපොත් හා නිල ඇඳුම් වැනි අත්‍යවශ්‍ය සියලු දේ ලබාදෙනවා. හැබැයි කාටවත් ඕන වෙලාවට නොව අවශ්‍ය ක්‍රමවේදයට ලබාදීමට තම අමාත්‍යංශය කටයුතු කරනවා‘ යැයි අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කළේය.
‘සමහරු චෝදනා කරනවා සමහරුන්ට මෙම ආධාර හම්බෙලා නෑ දීලා නෑ කියලා. ඒ දේවල් ලබා දෙන්නේ දෙන ක්‍රමවේදය අනුවයි. අධ්‍යාපනය ලබන සිසුන් තියෙන ඇඳුමකින් පාසලට පැමිණියාට කමක් නෑ. ළමයාට වැදගත් වන්නේ අධ්‍යාපනයයි‘ යනුවෙන් ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේ අද (25) ජාතික පුස්තකාල හා ප්‍රලේඛන මණ්ඩලයේ 26 වැනි සංවත්සරයට සහභාගී වූ අවස්ථාවේදීය.
මෙහිදී නුතන සමාජයට කියවීම ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් ජාතික පුස්තකාලය හා ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය එක්ව නිමැ වූ “ජාතික ඩිජිටල් පුස්තකාලය” වෙබ් අඩවිය www.kiyawamu.lk අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අතින් විවෘත කැරිණි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලොකුවට වෙබ් අඩවි පටන් ගත්තට මේ පිටුව බලන්න බැහැ (බ)
ගංවතුර එයි කියල කව්රුත් දන්නේ නැ.පොත් පත් ඇදුම් පැළදුම් ආයේ අච්චු ගහන්න ඕනි ඇදුම් ආයේ මහන්න ඕනි.ආණ්ඩුවට ඔය සේරම කරන්න බැ. අාණ්ඩුව එක්කෝ මුදල් දෙයි නැත්නම් රෙදි දෙයි කොහොමත් කලක් යනවා සේරම යතා තත්වෙට එන්න. කඩිමුඩියේ ඕවා කරන්න බැ .ඉස්කෝල හදන්න ඕනි පිරිසිදු කරන්න ඕනි. (බ)
වව්චර් දෙන්න වෙන්න ඇති හදන්නේ (බ)
අකැමති වෙලාවක දෙන්න. අපි ඕනෑ වෙලාවක ගන්න සූදානම්. මෙච්චර දවසක් හිටිය අපිට අවුරුදු 4 ක් මහලොකු දෙයක්ද? (නි)
ක්‍රමවේදයකට කරන එකනම් ගොඩක් හොඳයි. (ර)
අවශ්‍ය වෙලාවට ආධාර නැතුව වෙන වෙලාවකට මොකටද.? (ර)
අවශ්‍ය වෙලාවට නොදෙන ආධාර මොකටද අම්ම අප්පාගේ සල්ලි වගේ කතාව (අ)
මේගොල්ලෝ හැමතිස්සෙම මහින්ද ට බැන බැන හිටියට වැඩක් කලේ නැහැ තවම (අ)
එහෙම වෙබ් සයිඩ් එකක් හොයාගන්න නැහැ .ආණ්ඩුවේ කයිවාරුව විතරයි.(අ)
වෙලාව එනවිට සිදුවෙන දේවල් වෙලා අවසානයි. (නි)
එ්කනේ ලලිත් මමත් බැලුවා..තාම මට මේ වෙබ් අඩවිය එ්ක හොයාගන්න බැරිවුණා.(බ)
මෙයාලගේ ක්‍රමවේදය ඉතින් අපි දන්නවනේ (නි)
එහෙම වෙබ් අඩවියක් තවමනම් හොයාගන්න බැහැ. ෆ්‍රී වයි ෆයි වගේද දන්නේ නැහැ. (බ)
චතුරි, නිකන් බොරු හීන ලෝක වල ඉන්නෙ නැතුව ඔය කියන වෙබ් අඩවියට පිවිසෙන්න පොඩ්ඩක් උත්සාහ කරල බලනවද? (නි)
ඡන්දයක් තියන්න දින ගැනලා ආධාර ටික බෙදයිද දන්නේ නැහැ (නි)
රටක අධ්‍යාපන ඇමැති හැටියට නම් මෙයාගේ දේශනාවල කිසිම හරයක් නැහැ.ඉතාම ප්‍රාථමික, නොමේරු අදහස් තමයි ඕනෙම තැනක දර්ශනය වෙන්නේ.අඩුම ගානේ ලලිත් ඇතලත්මුදලි මැතිතුමා අධ්‍යාපන ඇමැති හැටියට කරපු කතාවක් වත් කියවලා බලන්න.රටට විහිලු සපයන්නේ නැතුව.මන්ද එවැනි අතීතයකට උරුමකම් කියපු මිනිස්සු ගොඩක් තවමත් මේ රටේ ජිවත් වෙනවා. මට හිතෙන විදිහට නම් රටක අධ්‍යාපන ඇමැති විය යුත්තේ අධ්‍යාපනකඤයකු මිස සරල ගනයේ විශ්වවිද්‍යාල උපාධිධරයකු නෙවයි.එත් ඉතින් ලංකා දේශපාලනයේ එහෙම කෙනෙක් ඉන්නවද කියන එකත් ප්‍රශ්නයක්. (බ)
කට ඇරියොත් එළුවෙක් වගේ. අධ්‍යාපන ඇමතිකමේ ගෞරවය අත්ව කතා කරන්න පුරුදු වුණෝත් හොඳා. පාසල් ළමෝ මේ සියල්ල දකිනවා. (අ)
මෙයා කියපු දේවල් කළානම් දැන් ලංකාව සුරපුරයක්. කරුමේ කියන්නේ මෙතුමානේ ලංකාවේ අධ්‍යාපන ඇමැති. (බ)
මහින්ද සමග නැගිටින කට්ටියට මේ වගේ දේවල් දකින්න අකමැතියි ,ඒ කට්ටිය සුනාමි අාධාරත් බෙදාගෙන කෑවනේ. මේ විදියට මිනිසුන්ට සැලකුවේ නැහැ දැන් හැම තැනම වැරදි හොයා හොයා යනවා (බ)
ඔයාලට ඕන වේලාවට බෙදන කොට පෙරහර ගිහින් ඉවරයි (බ)
ඒ ළමයින්ට ඒවා අවශ්‍ය වෙලාවේ නොලැබී පස්සේ ලැබිලා ඇති වැඩේ මොකක්ද? (හේ)
බලමුකෝ කාටද ආධාර ලැබෙන්නේ, නොලැබෙන්නේ කියලා.(හේ)
මහත්තයෝ කතා වැඩක් නැහැ, අපිට ඕන වැඩ විතරයි .(හේ)