IMG-LOGO

2025 ජුලි මස 29 වන අඟහරුවාදා


‘කාටවත් ඕනෑ වෙලාවට අපි ආධාර දෙන්නේ නෑ : ක්‍රමවේදයකට ඒක කරනවා‘

 

‘සංදර්ශන හා නාට්‍ය පවත්වන්න අපට වුවමනා නෑ. ගංවතුරට හා නායයාම් වලට ලක් වූ දරුවන්ට පොත්, පෙළපොත් හා නිල ඇඳුම් වැනි අත්‍යවශ්‍ය සියලු දේ ලබාදෙනවා. හැබැයි කාටවත් ඕන වෙලාවට නොව අවශ්‍ය ක්‍රමවේදයට ලබාදීමට තම අමාත්‍යංශය කටයුතු කරනවා‘ යැයි අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කළේය.

‘සමහරු චෝදනා කරනවා සමහරුන්ට මෙම ආධාර හම්බෙලා නෑ දීලා නෑ කියලා. ඒ දේවල් ලබා දෙන්නේ දෙන ක්‍රමවේදය අනුවයි. අධ්‍යාපනය ලබන සිසුන් තියෙන ඇඳුමකින් පාසලට පැමිණියාට කමක් නෑ. ළමයාට වැදගත් වන්නේ අධ්‍යාපනයයි‘ යනුවෙන් ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේ අද (25) ජාතික පුස්තකාල හා ප්‍රලේඛන මණ්ඩලයේ 26 වැනි සංවත්සරයට සහභාගී වූ අවස්ථාවේදීය. 

මෙහිදී නුතන සමාජයට කියවීම ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් ජාතික පුස්තකාලය හා ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය එක්ව නිමැ වූ “ජාතික ඩිජිටල් පුස්තකාලය” වෙබ් අඩවිය www.kiyawamu.lk අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අතින් විවෘත කැරිණි.

akilaviraj_2016525 akilaviraj_2016525-2 akilaviraj_2016525-3 akilaviraj_2016525-4



අදහස් (0)

‘කාටවත් ඕනෑ වෙලාවට අපි ආධාර දෙන්නේ නෑ : ක්‍රමවේදයකට ඒක කරනවා‘

රන්ජන් Wednesday, 25 May 2016 02:52 PM

ලොකුවට වෙබ් අඩවි පටන් ගත්තට මේ පිටුව බලන්න බැහැ (බ)

:       0       0

කුමාර් මෙන්ඩිස් Thursday, 26 May 2016 06:03 AM

ගංවතුර එයි කියල කව්රුත් දන්නේ නැ.පොත් පත් ඇදුම් පැළදුම් ආයේ අච්චු ගහන්න ඕනි ඇදුම් ආයේ මහන්න ඕනි.ආණ්ඩුවට ඔය සේරම කරන්න බැ. අාණ්ඩුව එක්කෝ මුදල් දෙයි නැත්නම් රෙදි දෙයි කොහොමත් කලක් යනවා සේරම යතා තත්වෙට එන්න. කඩිමුඩියේ ඕවා කරන්න බැ .ඉස්කෝල හදන්න ඕනි පිරිසිදු කරන්න ඕනි. (බ)

:       0       0

නිම්මි Wednesday, 25 May 2016 03:09 PM

වව්චර් දෙන්න වෙන්න ඇති හදන්නේ (බ)

:       0       0

රංග Thursday, 26 May 2016 07:15 AM

අකැමති වෙලාවක දෙන්න. අපි ඕනෑ වෙලාවක ගන්න සූදානම්. මෙච්චර දවසක් හිටිය අපිට අවුරුදු 4 ක් මහලොකු දෙයක්ද? (නි)

:       0       0

චතුරිකා Wednesday, 25 May 2016 06:07 PM

ක්‍රමවේදයකට කරන එකනම් ගොඩක් හොඳයි. (ර)

:       0       0

මලිත් Wednesday, 25 May 2016 08:11 PM

අවශ්‍ය වෙලාවට ආධාර නැතුව වෙන වෙලාවකට මොකටද.? (ර)

:       0       0

චතුරි Thursday, 26 May 2016 08:19 AM

අවශ්‍ය වෙලාවට නොදෙන ආධාර මොකටද අම්ම අප්පාගේ සල්ලි වගේ කතාව (අ)

:       0       0

චතුරි Thursday, 26 May 2016 08:19 AM

මේගොල්ලෝ හැමතිස්සෙම මහින්ද ට බැන බැන හිටියට වැඩක් කලේ නැහැ තවම (අ)

:       0       0

ලලිත් සෞදි .. Thursday, 26 May 2016 08:57 AM

එහෙම වෙබ් සයිඩ් එකක් හොයාගන්න නැහැ .ආණ්ඩුවේ කයිවාරුව විතරයි.(අ)

:       0       0

එස්. රත්න Thursday, 26 May 2016 09:35 AM

වෙලාව එනවිට සිදුවෙන දේවල් වෙලා අවසානයි. (නි)

:       0       0

බණ්ඩාර - කැකිරාව Thursday, 26 May 2016 09:44 AM

එ්කනේ ලලිත් මමත් බැලුවා..තාම මට මේ වෙබ් අඩවිය එ්ක හොයාගන්න බැරිවුණා.(බ)

:       0       0

සඳරුවන් Thursday, 26 May 2016 01:46 AM

මෙයාලගේ ක්‍රමවේදය ඉතින් අපි දන්නවනේ (නි)

:       0       0

රොමේෂ් Thursday, 26 May 2016 09:57 AM

එහෙම වෙබ් අඩවියක් තවමනම් හොයාගන්න බැහැ. ෆ්‍රී වයි ෆයි වගේද දන්නේ නැහැ. (බ)

:       0       0

ජයරත්න Thursday, 26 May 2016 02:46 AM

චතුරි, නිකන් බොරු හීන ලෝක වල ඉන්නෙ නැතුව ඔය කියන වෙබ් අඩවියට පිවිසෙන්න පොඩ්ඩක් උත්සාහ කරල බලනවද? (නි)

:       0       0

විපුල Thursday, 26 May 2016 02:49 AM

ඡන්දයක් තියන්න දින ගැනලා ආධාර ටික බෙදයිද දන්නේ නැහැ (නි)

:       0       0

උපුල් වීරසිංහ Thursday, 26 May 2016 10:36 AM

රටක අධ්‍යාපන ඇමැති හැටියට නම් මෙයාගේ දේශනාවල කිසිම හරයක් නැහැ.ඉතාම ප්‍රාථමික, නොමේරු අදහස් තමයි ඕනෙම තැනක දර්ශනය වෙන්නේ.අඩුම ගානේ ලලිත් ඇතලත්මුදලි මැතිතුමා අධ්‍යාපන ඇමැති හැටියට කරපු කතාවක් වත් කියවලා බලන්න.රටට විහිලු සපයන්නේ නැතුව.මන්ද එවැනි අතීතයකට උරුමකම් කියපු මිනිස්සු ගොඩක් තවමත් මේ රටේ ජිවත් වෙනවා. මට හිතෙන විදිහට නම් රටක අධ්‍යාපන ඇමැති විය යුත්තේ අධ්‍යාපනකඤයකු මිස සරල ගනයේ විශ්වවිද්‍යාල උපාධිධරයකු නෙවයි.එත් ඉතින් ලංකා දේශපාලනයේ එහෙම කෙනෙක් ඉන්නවද කියන එකත් ප්‍රශ්නයක්. (බ)

:       0       0

ජයන්ත Thursday, 26 May 2016 10:56 AM

කට ඇරියොත් එළුවෙක් වගේ. අධ්‍යාපන ඇමතිකමේ ගෞරවය අත්ව කතා කරන්න පුරුදු වුණෝත් හොඳා. පාසල් ළමෝ මේ සියල්ල දකිනවා. (අ)

:       0       0

ශානක Thursday, 26 May 2016 11:32 AM

මෙයා කියපු දේවල් කළානම් දැන් ලංකාව සුරපුරයක්. කරුමේ කියන්නේ මෙතුමානේ ලංකාවේ අධ්‍යාපන ඇමැති. (බ)

:       0       0

චතුරි Wednesday, 25 May 2016 12:54 PM

මහින්ද සමග නැගිටින කට්ටියට මේ වගේ දේවල් දකින්න අකමැතියි ,ඒ කට්ටිය සුනාමි අාධාරත් බෙදාගෙන කෑවනේ. මේ විදියට මිනිසුන්ට සැලකුවේ නැහැ දැන් හැම තැනම වැරදි හොයා හොයා යනවා (බ)

:       0       0

අයිවන් Wednesday, 25 May 2016 01:57 PM

ඔයාලට ඕන වේලාවට බෙදන කොට පෙරහර ගිහින් ඉවරයි (බ)

:       0       0

සුසන්ත Wednesday, 25 May 2016 02:12 PM

ඒ ළමයින්ට ඒවා අවශ්‍ය වෙලාවේ නොලැබී පස්සේ ලැබිලා ඇති වැඩේ මොකක්ද? (හේ)

:       0       0

දිල්ශාන් Wednesday, 25 May 2016 02:31 PM

බලමුකෝ කාටද ආධාර ලැබෙන්නේ, නොලැබෙන්නේ කියලා.(හේ)

:       0       0

බණ්ඩාර Wednesday, 25 May 2016 02:36 PM

මහත්තයෝ කතා වැඩක් නැහැ, අපිට ඕන වැඩ විතරයි .(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 23 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 186 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 508 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site