ගාල්ල නගරයේ අලංකාරයට හානි සිදුවන අයුරින් සවිකර ඇති දේශාපලක කටඅවුට් පුවරු ඉවත් කරන ලෙස ස්වදේශ අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ දී ඉල්ලා සිටියේය.
‘‘ මේ පුවරු සවිකර තියෙන්නේ දේශපාලකයන්ට සුබ පතන්න. මා වෙනුවෙන් සවිකළ මගේ රුව තියෙන පුවරුවක් ද මෙතන තිබෙනවා. මේවා හරිම අවලස්සනයි. විදේශිකයන් විශාල වශයෙන් එන ගාල්ල නගරයේ අලංකාරයට මේවා බාධාවක්. ඒ වගේම ලෝක උරුම නගරය අවලස්සන කරන මෙවැනි පුවරු වහාම ඉවත් කරන්න“
'මේ පුවරු නගර සභාවේ ඉවත් නොකරන්නේ දේශපාලකයන්ගේ රුව තියෙන නිසා ප්‍රශ්න ඇතිවේවි කියලා. නගර සභභ එය නොකරන්නේ නම් පොලිසිය එවා කඩා ඉවත්කරන්න ඕනෑ'
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි නොදන්නා මොනරතැන්න. මිනිස්සු ඕව බලෙන් ගහල නැහැ ඇඟේ අමාරුවට, ඔහෙලා (දේශපාලුවන්) ම තමයි ඕව ගහගෙන තියෙන්නේ - තමන්ටම සුබ පතාගෙන (ටීවී එකේ, පත්තරේ ඇඩ් දාගන්නෙත් එහෙමනේ, තමන්ටම සුබ පතාගෙන). දැන් මෙතන මෙහෙම කියල වැරදිලා හරි පොලිසියෙන් ඕක ගැලෙව්වොත් ඒ පොලිස් මනුස්සය ගෙදර එදා ඉඳන්.(බ)
ලොකුම පුවරුව ගයන්තගේ. ඊළඟට මුතුහෙට්ටිගමගේ. කුඩාම එක මෙයාගේ. (බ)
ගරු අමාත්‍යතුමනි, ඔබ හරි. කොළඹ හා තදාසන්න ප්‍රදේශයේ මෙවන් දේශපාලන කටවුට් කොපමණ තිබේද? (නි)
දේශපාලකයින් ගොඩක්දුරට කරන්නේ රඟපෑමනේ (නි)