IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


කටවුට් ගලවන්න වෙනම ‘හමුදාවක්‘

 රට පුරා සවි කළ නීති විරෝධී බැනර හා පෝස්ටර ඉවත් කිරීමට දිවයින පුරා පොලිස් මට්ටමින් කම්කරුවන් 2010 දෙනකු බඳවා ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.

මූලස්ථාන පොලිසියකට පස් දෙනකු ද, නාගරික පොලිසියකට සිව් දෙනකු ද, උප පොලිසියකට තිදෙනකු ද, ගම්බද කුඩා පොලිසියකට දෙදෙනකු ද ලබා දෙනු ඇත.



අදහස් (0)

කටවුට් ගලවන්න වෙනම ‘හමුදාවක්‘

රන්ජිත් Wednesday, 10 December 2014 01:23 PM

ජීවන්ත මල්ලි, බයවෙන්න එපා ජනවාරි 9 දා ගිනි දෙවියන්ට පුජා කරයි (නදී)

:       0       0

සේන Wednesday, 10 December 2014 01:26 PM

ත්‍රිවිද හමුදාවක්ම කටවුට් ගහන්න ඉන්න කොට ඕක වැඩක් වෙන්නේ නැහැ, තවත් මහජන මුදල් නාස්තියක් විතරයි. (නදී)

:       0       0

කලූ Wednesday, 10 December 2014 01:27 PM

ඕව තිබුන නැති උනා කියල වැඩක් නැහැ. මිනිසුන් හිතන අපේක්ෂකයාට ඡන්දෙ දුන්නම ඉවරයි (නදී)

:       0       0

ජෙහාන් Wednesday, 10 December 2014 01:31 PM

අන්තිමේදී එක්කෙනෙක්ගේ කටවුට් ඇරෙන්න අනිත් ඔක්කොම නීති විරෝදී වේවි. (නදී)

:       0       0

චාමර Wednesday, 10 December 2014 01:49 PM

මේ සල්ලිත් අපේ තමයි (නදී)

:       0       0

සමන්ති Wednesday, 10 December 2014 11:37 PM

ලංකාවේ පහළම පුරවැසියාගේ සිට ඉහළම පුරවැසියා දක්වා නීතිගරුක ආදර්ශවත් අය වෙනවා නම් මොකටද පොලිසිය.ඔය කවුරු කවුරුත් පිටරට යනවිට එම රටවල පරිසරය,ඡන්දය වැනි දේවල් කරන හැටි බලාගෙන ආවා නම් හොඳයි. (නි)

:       0       0

නන්දදේව Wednesday, 10 December 2014 02:00 PM

ඔය මොකුත් ඕනෑ නැහැ.ග්‍රීස් යකාව දම්මලා ඔය කටවුට් ටික ඔක්කොම රෑ පානේම ගලවලා දැම්මා නම් හරිනේ. (නදී)

:       0       0

නිමල් ලලිත Thursday, 11 December 2014 12:08 AM

මහජන සේවයටයි කියමින් දේශපාලන බලය ඉල්ලන සමහර නායකයන්ගේ බලපෙරේතයින් බලය ලැබීමට පෙරසිටම මහජන මුදල් කාබාසිනියා කරති. බලයට කෑදර සමහර නායකයන්ද මෙසේ විනාශකරන්ගේ ඔවුන්ගේ බුදලය නොවන බැවින් නිශ්ශබ්දව සිටිති. (නි)

:       0       0

සුගුනවති Thursday, 11 December 2014 09:52 PM

අනේ අපේ බන්දුල මල්ලිවත් බදවා ගන්නකො ඔය හමුදාවට.එයා මේ දවස්වල රැකියාවකුත් නැතුව ඔහේ කියවා කියවා ඉන්නවා. (අ)

:       0       0

සාමා Wednesday, 10 December 2014 02:44 PM

ලංකාවේ ජන්දයක් කියන්නේ යුද්දයක් වගේ. පොලිසියටයි , හමුදාවටයි වෙන වැඩ නැතුවට හොඳයි. (නදී)

:       0       0

කුලතිලක Thursday, 11 December 2014 02:54 AM

මඩ ගහපු අයටම කියන්න මඩ ගළවන්න. නැත්නම් නීතියක් ගෙනැල්ලා දඩ ගහන්න (නි)

:       0       0

දසුනි Wednesday, 10 December 2014 12:46 PM

අපරාදේ සල්ලි. ඕවා ගහපු අයටම කිව්වා නම් හරිනේ ගලවන්න. (නදී)

:       0       0

සුනිල් ගී කියනගේ Wednesday, 10 December 2014 12:51 PM

අපේක්ෂකයන්ගෙන් මුදල් අය කරලා ඒ අයගේ පඩි ගෙවන්න. මේ පෝසටර්වලට යන සල්ලියි ඒවා ගලවන්න යන සල්ලියි දෙකම මහජන මුදල් (නදී)

:       0       0

ජීවන්ත Wednesday, 10 December 2014 12:53 PM

"එක්කෙනෙක්" ගෙ ඒවා ගලවන්න ත්‍රිවිධ හමුදාව දැම්මත් බැරිවෙයි. එහෙම ගලවන්න ගියොත් යුද්ධයක් තමා. (නදී)

:       0       0

සරත් පියසේන Thursday, 11 December 2014 07:38 AM

අපරාදේ සල්ලි ! (නි)

:       0       0

පරා Wednesday, 10 December 2014 06:04 PM

හිනාවෙලා ඉන්න ඒවා මෙහෙන් ඉවත් කරගෙන යනකොට, වැඳගෙන ඉන්න ඒවා එහෙන් ගහගෙන එනවා. ඒවා ඉවත් කරගෙන යනකොට, දෑතම උස්සගෙන ඉන්න ඒවා අරහෙන් ගහගෙන එනවා...එහෙන් ගලවන ... මෙහෙන් ගහන ... මෙහෙන් ගල.. එහෙන් ගහ.. ඕවා ඔහොම තමයි මල්ලි. (ස) අනාගතයේදී කාගේ කාගේත් සාක්කුවට සල්ලි එන්න ඕන නේ, මල්ලි. මේවා හදන්නටත් වියදම්..! ගහන්නට, අලවන්නටටත් වියදම් !! ගලවන්නට, ලිහන්නටත් වියදම් ...!!! අනේ අපේ රටේ සල්ලි. ඒවුනාට කොල්ලන්ගේ අතට එනවා නේ සොමියේ ඉන්ඩ සල්ලියි, පැකට් එකයි, බාගෙයි.

:       0       0

සත්‍යපාල Thursday, 11 December 2014 05:16 AM

පොලිස් මාධ්‍යා ප්‍රකාශක තුමා විහිළු කරනවා වත්ද ? අලවන්න 20,000ක් විතර යොදවලා දැනට සති දෙකක විතර ඉදන් වැඩේ කරගෙන යනවා දැන් නින්දෙන් ඇහැරිලා වගේ 2010ක් දාලා ගලවන්න යනවා ලබන ජනවාරි 8 වෙනිදා වෙනකම් ගැලෙව්වත් ගලවලා ඉවර කරන්න බැරි වෙයි.අනික මොකටද ඕවා ගලවන්නේ ඕවා තියන තරමට හොදයි ,ඡන්දදායකයන්ට දකින දකින වෙලාවට මතක් වෙනවා ලබන 8 වෙනිදාට කරන්න ඕනා මොකක්ද කියලා.(හේ)

:       0       0

චන්ද්‍ර Wednesday, 10 December 2014 08:45 PM

ගහන්නත් ගලවන්නත් අපේම සල්ලි , ගලවලා ඒවාට මොකද කරන්නේ ? ආපසු හොරපාරෙන් ගොස් නැවත තිබුනතැනම සවිවේවිද? ගලවාගෙන යනගමන් යනවාහනය පිරුනහම සුදුසු තැනක් බලා දමා ගිනිබත් කරවන්න, ගිනිදෙවියොත් පුදන්න ඕනනේ (හේ)

:       0       0

චන්ද්‍ර Wednesday, 10 December 2014 08:49 PM

අපේ ඡන්දදායකයා පෝස්ටර් සැරසිලි වලට නොව ඡන්දය දෙන්නේ තමන්ට ඕන කෙනාටය, මේවා නිකන් මෝඩ සැනසිලි,.(හේ)

:       0       0

පෙරේරා Thursday, 11 December 2014 05:29 AM

තියෙන කටවුට් ගානේ හැටියට 2010 දෙනෙක් මදි වෙයි නේද?(හේ)

:       0       0

ශිරෝන් Thursday, 11 December 2014 05:38 AM

හැමදේටම යන්නේ පොඩි මිනිහගේ සාක්කුවෙන්.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 741 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 566 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site