රට පුරා සවි කළ නීති විරෝධී බැනර හා පෝස්ටර ඉවත් කිරීමට දිවයින පුරා පොලිස් මට්ටමින් කම්කරුවන් 2010 දෙනකු බඳවා ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
මූලස්ථාන පොලිසියකට පස් දෙනකු ද, නාගරික පොලිසියකට සිව් දෙනකු ද, උප පොලිසියකට තිදෙනකු ද, ගම්බද කුඩා පොලිසියකට දෙදෙනකු ද ලබා දෙනු ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජීවන්ත මල්ලි, බයවෙන්න එපා ජනවාරි 9 දා ගිනි දෙවියන්ට පුජා කරයි (නදී)
ත්‍රිවිද හමුදාවක්ම කටවුට් ගහන්න ඉන්න කොට ඕක වැඩක් වෙන්නේ නැහැ, තවත් මහජන මුදල් නාස්තියක් විතරයි. (නදී)
ඕව තිබුන නැති උනා කියල වැඩක් නැහැ. මිනිසුන් හිතන අපේක්ෂකයාට ඡන්දෙ දුන්නම ඉවරයි (නදී)
අන්තිමේදී එක්කෙනෙක්ගේ කටවුට් ඇරෙන්න අනිත් ඔක්කොම නීති විරෝදී වේවි. (නදී)
මේ සල්ලිත් අපේ තමයි (නදී)
ලංකාවේ පහළම පුරවැසියාගේ සිට ඉහළම පුරවැසියා දක්වා නීතිගරුක ආදර්ශවත් අය වෙනවා නම් මොකටද පොලිසිය.ඔය කවුරු කවුරුත් පිටරට යනවිට එම රටවල පරිසරය,ඡන්දය වැනි දේවල් කරන හැටි බලාගෙන ආවා නම් හොඳයි. (නි)
ඔය මොකුත් ඕනෑ නැහැ.ග්‍රීස් යකාව දම්මලා ඔය කටවුට් ටික ඔක්කොම රෑ පානේම ගලවලා දැම්මා නම් හරිනේ. (නදී)
මහජන සේවයටයි කියමින් දේශපාලන බලය ඉල්ලන සමහර නායකයන්ගේ බලපෙරේතයින් බලය ලැබීමට පෙරසිටම මහජන මුදල් කාබාසිනියා කරති. බලයට කෑදර සමහර නායකයන්ද මෙසේ විනාශකරන්ගේ ඔවුන්ගේ බුදලය නොවන බැවින් නිශ්ශබ්දව සිටිති. (නි)
අනේ අපේ බන්දුල මල්ලිවත් බදවා ගන්නකො ඔය හමුදාවට.එයා මේ දවස්වල රැකියාවකුත් නැතුව ඔහේ කියවා කියවා ඉන්නවා. (අ)
ලංකාවේ ජන්දයක් කියන්නේ යුද්දයක් වගේ. පොලිසියටයි , හමුදාවටයි වෙන වැඩ නැතුවට හොඳයි. (නදී)
මඩ ගහපු අයටම කියන්න මඩ ගළවන්න. නැත්නම් නීතියක් ගෙනැල්ලා දඩ ගහන්න (නි)
අපරාදේ සල්ලි. ඕවා ගහපු අයටම කිව්වා නම් හරිනේ ගලවන්න. (නදී)
අපේක්ෂකයන්ගෙන් මුදල් අය කරලා ඒ අයගේ පඩි ගෙවන්න. මේ පෝසටර්වලට යන සල්ලියි ඒවා ගලවන්න යන සල්ලියි දෙකම මහජන මුදල් (නදී)
"එක්කෙනෙක්" ගෙ ඒවා ගලවන්න ත්‍රිවිධ හමුදාව දැම්මත් බැරිවෙයි. එහෙම ගලවන්න ගියොත් යුද්ධයක් තමා. (නදී)
අපරාදේ සල්ලි ! (නි)
හිනාවෙලා ඉන්න ඒවා මෙහෙන් ඉවත් කරගෙන යනකොට, වැඳගෙන ඉන්න ඒවා එහෙන් ගහගෙන එනවා. ඒවා ඉවත් කරගෙන යනකොට, දෑතම උස්සගෙන ඉන්න ඒවා අරහෙන් ගහගෙන එනවා...එහෙන් ගලවන ... මෙහෙන් ගහන ... මෙහෙන් ගල.. එහෙන් ගහ.. ඕවා ඔහොම තමයි මල්ලි. (ස) අනාගතයේදී කාගේ කාගේත් සාක්කුවට සල්ලි එන්න ඕන නේ, මල්ලි. මේවා හදන්නටත් වියදම්..! ගහන්නට, අලවන්නටටත් වියදම් !! ගලවන්නට, ලිහන්නටත් වියදම් ...!!! අනේ අපේ රටේ සල්ලි. ඒවුනාට කොල්ලන්ගේ අතට එනවා නේ සොමියේ ඉන්ඩ සල්ලියි, පැකට් එකයි, බාගෙයි.
පොලිස් මාධ්‍යා ප්‍රකාශක තුමා විහිළු කරනවා වත්ද ? අලවන්න 20,000ක් විතර යොදවලා දැනට සති දෙකක විතර ඉදන් වැඩේ කරගෙන යනවා දැන් නින්දෙන් ඇහැරිලා වගේ 2010ක් දාලා ගලවන්න යනවා ලබන ජනවාරි 8 වෙනිදා වෙනකම් ගැලෙව්වත් ගලවලා ඉවර කරන්න බැරි වෙයි.අනික මොකටද ඕවා ගලවන්නේ ඕවා තියන තරමට හොදයි ,ඡන්දදායකයන්ට දකින දකින වෙලාවට මතක් වෙනවා ලබන 8 වෙනිදාට කරන්න ඕනා මොකක්ද කියලා.(හේ)
ගහන්නත් ගලවන්නත් අපේම සල්ලි , ගලවලා ඒවාට මොකද කරන්නේ ? ආපසු හොරපාරෙන් ගොස් නැවත තිබුනතැනම සවිවේවිද? ගලවාගෙන යනගමන් යනවාහනය පිරුනහම සුදුසු තැනක් බලා දමා ගිනිබත් කරවන්න, ගිනිදෙවියොත් පුදන්න ඕනනේ (හේ)
අපේ ඡන්දදායකයා පෝස්ටර් සැරසිලි වලට නොව ඡන්දය දෙන්නේ තමන්ට ඕන කෙනාටය, මේවා නිකන් මෝඩ සැනසිලි,.(හේ)
තියෙන කටවුට් ගානේ හැටියට 2010 දෙනෙක් මදි වෙයි නේද?(හේ)
හැමදේටම යන්නේ පොඩි මිනිහගේ සාක්කුවෙන්.(හේ)