IMG-LOGO

කොටුවක් බලන්න යමු මන්නාරම්

2016-05-27-ent-53

මන්නාරම කිව්වාම මතක් වෙන්නේ කරවල වෙන්න ඇති. ආයේ ඉතින් කතා දෙකක් නෑ. සුපිරිම කරවල තමයි මන්නාරම් කරවල. කරවල ගැන කතාව පස්සට තියලා අද වෙන මාතෘකාවට යමු. මූලිකවම අරාබිවරැන්ගේ වෙළෙඳ නගරයක්‌ හැටියට හැඳින්වුණු මන්නාරම 1550 දී පෘතුගීසි ආක්‍රමණයකට ලක්වෙනවා. ඉතිහාසය පිළිබඳ බොහෝ තතු අපට හෙළි පෙහෙළි කර දෙන මන්නාරම නගරයේ පිහිටි කොටුවද පෘතුගීසීන් විසින් ඉදිකරන ලද්දක්‌ හැටියට තමයි සැලකෙන්නේ. හැබැයි අද වෙද්දි මේ කොටුව හඳුන්වන්නේ ලංදේසි කොටුව කියලා. ඒකට හේතුව පෘතුගීසීන් පන්නා දැමීමෙන් පසු ඔවුන්ගේ බලකොටුවේ බලය තහවුරැ කරගෙන ඇත්තේ ලන්දේසීන් විසින් නිසා වෙන්න ඇති.. කවරෙකු විසින් ගොඩනැගුවද, පාලනය කෙරැවද "බලකොටුවක්‌" ලෙස එය ගොඩනගා ඇති අපූර්වත්වය ඉතාමත් සුන්දරයි.

2016-05-27-ent-54පුරාණ රාජමාලිගා ආකාරයටම බලකොටුව වටා දිය අගල්, ඒවායේ පිරී සිටින කිඹුලන්, තුන් තිස් පැයම බලකොටුව රකින ආරක්ෂකයෝ එක්ක මේ බලකොටුව අතීතයේදී හරිම කාර්යබහුල වෙන්න ඇති. අපි යමු අද එහේ එහෙනම්..

පවුරේ කෙළවරක පිටත පෙනෙන සේ බිම් මට්‌ටමේ සිට ඉහළින් ඇති නැරඹුම් කුටිය වැනි කොටස එකළ වරදකරැවන්ට ප්‍රසිද්ධියේ මරණ දඬුවම ලබාදුන් ස්‌ථානයත් ලෙස තමයි අපිට අහන්න ලැබුණේ. පෘතුගීසීන්ට පසු පැමිණි ලන්දේසීන් පල්ලියක්‌, පරිපාලන ශාලාවත්, අධිකරණ ශාලාවක්‌, සොහොන් බිම් ආදිය මෙහි ගොඩනඟා ඇති අතර, ලන්දේසීන්ට පසු මන්නාරම් කොටුව පාලනය කළ ඉංග්‍රීසීන් ඒවා විනාශ නොකර ආරක්‌ෂා කරලා තියෙනවා. මේ කාර්යාල හැරැණාම මෙහි සිටි විශේෂ නිලධාරීන් වෙනුවෙන් ඉදිකළ කාමර ආදියත් අද දකින්න පුළුවන්. ඒ කාමර දෙස බලද්දි ඒවාටම සම්බන්ධ කරලා නිර්මාණය කළ නාන කාමර හා වැසිකිළි පවා අදටත් ආරක්ෂාවෙලා තියෙනවා.. බලකොටුව වටේටම ආරක්ෂාව වෙනුවෙන් පළල් දිය අගලක් දකින්න පුළුවන්. බලකොටුව වටා තියෙන ප්‍රධාන බැම්මට ඉහළින් ඇවිද යන්න හැකියාව තිබෙනවා. ඒ කාලේ බලකොටුවේ ආරක්ෂාවට සෙබළුන් මාරැවෙන් මාරැවට මේ මතින් ඇවිද යන්නට ඇති.

බලකොටුවට වැස්සොත් ඒ වහින වතුර එක බිංදුවක් අපතේ නොයන විදියට සමස්ත බලකොටුවේම ජලය එකතු කරගන්න පුළුවන් මට්ටමේ කාණු පද්ධතියක් මේ සතුයි. බලකොටුව ඇතුළේ ඇවිදගෙන යද්දී වැටහෙන කාරණය තමයි මේ බලකොටුව දින ගණනක් වුණත් බාහිරින් කිසිවක් නොමැතිව තමා විසින් රුකෙන්නට හැකි ලෙස ගොඩනගලා තියෙනවා කියන කාරණය. සාමාන්‍යයෙන් බලකොටුවලට පහර දීමේ පහසුම තැනක් තමයි අදාළ බලකොටුවේ ජල සැපයුම නවතන එක. ඒත් මන්නාරම් බලකොටුවට එහෙම කරන්න බෑ. මන්නාරම් කොටුව සතුව කොටුව ඇතුළෙම ළිං රුසක් සකසලා තිබෙනවා.

මන්නාරම් නගරයට ප්‍රවිෂ්ඨ වෙන සුප්‍රසිද්ධ මන්නාරම් පාළම පහුවෙනවාත් සමඟම දකුණු පැත්තට හැරිලා ගියාම ඔබට මන්නාරම් කොටුව බලන්න යන්න පුළුවන්.

 

ප්‍රසාද්


2016-05-27-ent-43
2016-05-27-ent-44
2016-05-27-ent-45
2016-05-27-ent-46
2016-05-27-ent-47
2016-05-27-ent-48
2016-05-27-ent-49
2016-05-27-ent-50
2016-05-27-ent-51
2016-05-27-ent-52

 



අදහස් (0)

කොටුවක් බලන්න යමු මන්නාරම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 161 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 462 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 71 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site