( තිළිණි ද සිල්වා )
රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන හා අයගම ප්‍රදේශයේ ජලයෙන් අවහිර වී ගං වතුරට කොටු වී පැවති ප්‍රදේශයන් හි රෝහල් ගත වී සිටි අසාධ්‍ය රෝගීන් හා ගර්භනී මවුවරුන් සියලු දෙනා අමාත්‍ය දයා ගමගේ මහතාගේ මැදිහත් වීමෙන් ඔහුගේ පෞද්ගලික හෙලිකොප්ටරය උපයෝගී කර ගනිමින් රත්නපුර මහ රෝහල වෙත ගෙන යාමට අවශ්‍ය පහසුකම් සැලසීමට අද (28) පියවර ගනු ලැබීය.
දින කිහිපයේ ඇද හැලුනු අධික වර්ෂාව හේතුවෙන් දැඩි පීඩාවට පත්ව සිටින රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන හා අයගම ප්‍රදේශයේ ජනතාවගේ අවශ්‍යතා සොයා බැලීමට ගිය අවස්ථාවේදී මෙම පියවර ගෙන තිබේ.
සෑම ප්‍රවේශ මාර්ගයක්ම ජලයෙන් අවහිර වී ගං වතුරට කොටු වී සිටින මෙම ජනතාවගේ සුවදුක් විමසීමට ලඟා වුණු පළමු සහන කණ්ඩායම මෙය විය. එහිදී රෝහල් ගත වී සිටි අසාධ්‍ය රෝගීන් හා ඝර්භනී මවුවරුන් සියලු දෙනා අමාත්‍යතුමාගේ මැදිහත් වීමෙන් තම පෞද්ගලික හෙලිකොප්ටරය උපයෝගී කර ගනිමින් රත්නපුර මහ රෝහල වෙත ගෙන යාමට අවශ්‍ය පහසුකම් සපයන ලදී.
පැය කිහිපයක නිරීක්ෂණ චාරිකාවක යෙදුන අමාත්‍යවරයා කලවාන හා අයගම ප්‍රදේශයේ ජනතාවගේ සුවදුක් විමසා බැලීමට කටයුතු කල අතර ජනතාවගේ මූලික ආහාර හා සෞඛ්‍ය අවශ්‍යතා සපයා දීමට අවශ්‍ය පියවර ගන්නා ලදී.
බිඳ වැටි ඇති ප්‍රදේශයේ විදුලි පහසුකම් යථාතත්වයට පත් කිරීම සඳහා දිස්ත්‍රික් ලේකම්වරයාගේ අධීක්ෂණය යටතේ විදුලිබල මණ්ඩලයේ කණ්ඩායමක් වහාම පීඩාවට පත් කලවාන ප්‍රදේශයට ගුවනින් ලඟා වීමට අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු අමාත්‍යතුමාගේ මැදිහත් වීමෙන් සිදුවිය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට තෙරුවන් සරනයි ..
මෙය ඇමති කෙනෙකුගේ ඉතා හොඳ වැඩක්.. ඔහු කොහොමත් ඉදිරියෙන් සිටින කෙනෙක්. පසුගිය රාජ්‍ය කාලේ රජයේ යානා වල පවුලේ අයනේ වැඩිපුර ගියේ... තමන්ගේ යානාවක තමන්ගේ තෙල් වලින් දුකට පත් අයට මෙහෙම පිහිට වුණ එක ඇත්තෙන්ම අගේ කරන්න ඕනේ...
වුවමනා තැනට ඔබ රැස්කරගත් ධනය වියදම් කිරීම යනු ඔබ ධනය රැස්කිරීමට මෙන්ම, රැස්කරගත් ධනය අවශ්‍ය තැනට වියදම් කිරීමට දක්ෂයෙකු බව පෙන්වා දී ඇත. මේ ගැබිණි මව්වරුන්ට පිහිට වීමෙන් ලබාගත් ධනය කාහට නම් මිලකළ හැකිද?. ඔබට තවතවත් සවිශක්තිය ලැබේවා කියා පතමි....!!!
ඔබට තෙරුවන් සරණයි. දිනෙන් දින දියුණුවේවායි පතමි.
දිගාමඬුල්ලේ වීරයා ඔබයි. ඔබ අපට ආඩම්බරයක්. අපි සැමදා ඔබ සමගයි.
හොඳ පූර්වාදර්ශයක් ... ස්තුතියි ඇමතිතුමනි! අනික් මැති, ඇමතිවරුන්ටත් කාර්වලට අමතරව හෙලිකොප්ටරය බැගින් දුන්නොත් නරකද?