ජනවාරි 20 වැනි දා සිට කොළඹ කොටුව සහ මාතලේ අතර නව දුම්රියක් ධාවනයට යෙදවීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත.
සෑම සිකුරාදා සහ සෙනසුරාදා කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පස්වරු 2.20ට පිටත්වන දුම්රිය පස්වරු 7.13ට මාතලේට ළඟාවන අතර සෑම සෙනසුරාදා සහ සඳුදා දිනවල පෙරවරු 6.40 ට මාතලේ දුම්රිය ස්ථානයෙන් පිටත් වී පෙරවරු 11.15 ට කොටුවට ළඟාවේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙලාව සංශෝධනය වේවි කියා සිතනවා. ඒ වගේම කෝච්චිය මිනිසුන්ගේ සම්පතක්. දේශපාලනයෙන් මේ රටේ යම් යම් දේ හැදුනා වගේම නැතිවුණ එක ආයතනයක් දුම්රිය දෙපාර්තමේන්තුව. දැනට මේ වගේ සේවයක් හෝ ලබාදීම ගැන ඔවුනට ප්‍රශංසා කළයුතු වේ. යම් සේවයක් මහජනයා හට ලැබීම රටේ දියුණු තත්වයක් ලෙස දකිමි. (නි)
මාතලේ දුම්රිය මාර්ගය ඉතා අබලන් තත්වයෙය් තියෙන්නේ.මෙහි ගමන් කළ හැක්කේ අැක්සල් ලෝඩ් අඩු දුම්රියන් පමණි. හැකිනම් මහනුවර සිට මාතලේ දක්වා වූ දුම්රිය මාර්ගය යාරයට රාත්තල් 90 රේල් පීලි යොදා සකස් කළ මැනවි (බ)
මේක කාලෝචිත ක්‍රියාවක් ,නමුත් ඉරිදා දිනයටත් මාතලේ සිට කොටුවට දුම්රියක් ධාවනය කරවන්න මොකද ,විශාල රජයේ හා පෞද්ගලික ආයතනවල සේවකයන් ගමන් පහසුව සදහා, (බ)
ඉතාමත් හොඳ තීරණයක් . කොළඹින් සවස 12.40 සිට 15.30 දක්වා මහනුවර ට මාතලේ ට යාමට දුම්රියක් නොමැත. එම වෙලාව මේ සදහා යෙදවීම අගය කරමි (ම)
නියමයි. මේක නම් ඉතාම හොඳ වැඩක් (නි)
මේ වගේ වැඩනේ කරන්න ඕනෑ. හොඳ වැඩක් (නි)
අගය කළයුතු වැඩක් (නි)
මෙය සෑම දිනකම ධාවනය කිරීමේ හැකියාව සොයා බලනමෙන් දුම්රිය දෙපාර්තමේන්තුවෙන් කරුණාවෙන් ඉල්ලමි. ටික දිනක් යනවිට මගීන් මෙම දුම්රියට හැඩගැසේවි. එ් නිසා සේවයක් සැළසිය හැකිවේවි (නි)
හදවතින්ම සතුටුවෙනවා (නි)
ඉතාම හොඳ තීරණයක්. එසේම මහනුවර කොළඹ නගරාන්තර දුම්රිය සඳහා ප්‍රවේශ පත්‍ර වෙන්කරවා ගැනීම දින කීපයකට කලින් සිදු කළයුතුයි. එමනිසා දෙවන පංතියේ සහ තුන්වන පන්තියේ තවත් මැදිරි කිහිපයක් එකතු කළහොත් ඉතාමත් යෝග්‍යයයි. බලධාරීන්ගේ කාරුණික අවධානය යොමුවේවා! (නි)
කොළඹින් 12.40 සිට 4.35 දක්වා නුවරට සාමාන්‍ය දුම්රියක් නෑ මේක දිනපතා ධාවනය කරන්න 12.40 හැටන් දුම්රියේ මැදිරි 5 ගාර්ඩ් පෙට්ටි බාග 2ක් ගියාම 04 ඉතුරු පොඩ්ඩක් එ්වෙලාවට ගිහින් බලන්න ඇමති තුමා (ප්‍රවාහන එක්කෙනෙක් ඉන්නවනම්) කොච්චර සෙනග ඉන්නවද කියල (බ)
පසුව හරි මාතලේ මතක් වුන එක ගැන සතුටු වෙනවා. එ්ත් මේ වෙලාව සාධාරණද යන්න ප්‍රශ්නයකි. හවස 2.20 වෙනකොට කොළඹ මොන කන්තෝරුවද වැඩ අවසන් වෙන්නේ.. ඒ වගේම සඳුදා උදේ මාතලෙන් එන්න ගියොත් වැඩට එන්න වෙන්නේ 11 වෙනකොට.කොහොමත් හවස බස් එකෙන් මාතලේට යන්න පැය 6ක්ම යනවා. සිකුරාදා සඳුදා විතරක් මේ දුම්රිය ධාවනය කරන්නේ වැඩි පිරිසක් යන නිසා. වැඩිපුරම වැඩ කරන අය වෙනුවෙන්. ඒ නිසා මේ වෙලාව සංශෝධනය වෙනවා නම් හොදයි. නැත්නම් නමට දැම්මා වෙනවා...(බ)
මේ වගේම කැලණිවැලි දුම්රිය මාර්ගයටත් අවදානය යොමු වෙනවා නම් හොදයි. (ම)