( තිළිණි ද සිල්වා )
කටාර් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ අනුග්‍රහය යටතේ එරට පවත්වාගෙන යන ස්ටැෆර්ඩ් ශ්‍රී ලංකා පාසලේ බැංකු ගිණුමේ මුදල් ඉවතට ගැනීම තාවකාලිකව අත්හිටුවන ලෙසට එරට ශ්‍රීලංකා තානාපතිවරයා එම බැංකු ගිණුම පවත්වාගෙන යන බැංකුවට දැනුම් දී තිබේ.
කටාර් රාජ්‍යයේ ලාභ නොලබන පාසලක් ලෙස පවත්වාගෙන යෑමට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ අනුග්‍රහය ලැබුණද තානාපති කාර්යාලයේ දැනුවත් වීමකින් තොරව ,එම පාසලේ සිදුවන ඇතැම් ක්‍රියාකාරකම් හේතුවෙන් ශ්‍රී ලංකා තානාපතිවරයා විසින් මෙම තීරණය ගත් බව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
එසේම මේ සම්බන්ධයෙන් පරීක්ෂණ අවසන් වනතෙක් තමන්ගේ අවසරයකින් තොරව එම පාසල් ගිණුමේ මුදල් ගැනීම මෙලෙස අත්හිටුවූ බව කටාරහි ශ්‍රී ලංකා තානාපති ඒ.එස්.පී.ලියනගේ මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහොම කලක් මෙම පාසැල සාර්ථකව පවත්වාගෙන යමින් කටයුතු කරන කමිටුව සහ මෙම පාසැල සඳහා සහ මෙරටට පැමිණ අතරමං වූවන්ට බොහෝ උදව් කරන ලද සහ කරන කුමුදු ෆොන්සේකා මහතාගේ සේවය අගය කළ යුතුයි. ශ්‍රී ලාංකිකයා සූරා කන මුදලාලි පැලැන්තියක් තානාපති සමග මෙහි මුදල් සූරා කන්න බොහෝකලක් කුමන්ත්‍රණ කරමින් ඉන්නේ මෙය මෙහි අධ්‍යාපනය ලබන දූ දරුවන්ගේ අනාගතය විනාශ කරලා කඩ කරනවා වගේ පාසලත් කරන්නය හදන්නේ...
ඇත්තට අපේ රටේ විදේශ දුත සේවයට උගත් රාජ්‍ය පරිපාලන නිලධාරීන් නැද්ද? ඒ.එස්.පී ලියනගේ මහතා ඉඩම් කොටස් කර වෙළඳාම් කරපු ව්‍යාපාරිකයෙක්... පහු ගිය කාලේ පීකොක් මන්දිර විහිළුව කලෙත් මෙයාමයි. කොහොම තානාපති කෙනෙක් වුණාද දන්නේ නෑ...
මම දන්නා තරමින් නම් කිසිම ගුරුවරයෙක් හෝ සේවකයෙක් වැටුප් ලැබුනේ නැහැ කියලා නම් චෝදනා කරලා නැහැ. ලැබෙන වැටුප ප්‍රාණවත් නැති අය නම් ඇති, ඒ තත්වය අඩු වැඩි වශයෙන් අපි හැමටම පොදු දෙයක් ලෝකේ කොහේ හිටියත්. ළමයින්ට උගන්නන්න ඉන්න ගුරුවරුන්ගේ නම් යම්යම් අඩුපාඩු නම් තියෙනවා... ඒවා නම් හදා ගන්න වෙයි. නමුත් මේ දැන් ඇති වෙලා තියෙන තත්වය, පාසලේ තත්වය උසස් කරන්න අර අඳින වෑයමක් නෙවෙයි කියලා හැමෝම දන්නවා.