අපරික්ෂාකාරී ලෙස රිය පදවා මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමේ චෝදනාවට වැරදිකරු වූ ශ්‍රී ලාංකිකයකුට කටාරයේ දොහා අධිකරණයෙන් මාස හයක සිර දඬුවමක් පනවා ඇතැයි කටාරයේ ශ්‍රී ලංකා තානාපති ආරංචි මාර්ග කියයි.
රිය අනතුරෙන් ජීවිතක්ෂයට පත් පුද්ගලයාගේ පවුලේ උදවියට කටාර් රියාල් දෙලක්ෂයක (රුපියල් 7319114.52) වන්දියක් ගෙවන ලෙස ද අධිකරණය නියෝග කර ඇත.
ඔහුගේ රියදුරු බලපත්‍රය ද මාස තුනකට අත්හිටැවිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රක්ෂණයෙන් මේ වන්දිය ගෙවන්නේ නැද්ද ?ඕවගේ දේවල් ගෙවන්න බැරි නිසානේ වාහන රක්ෂණය කරන්නේ ?බීල හිටියනම් මොන දඩුවම දුන්නත් කමක් නැහැ .මමත් මේ රටේ නිතිය මොකද්ද කියල හොයල බලන්න ඕනේ (බ)
මේක බලාගෙන යනකොට හරි අසාධාරන තීන්දුවක්. වාහනයේ ටයර් එකක් යන්න ඕනෑම වෙලාවක පුළුවන්. එනිසා වෙනත් වාහනයක හැපීම නවත්වන්න කාටවත් බැහැ. සම්පූර්ණ මුදල රක්ෂණයෙන් ගෙවන්න ඕනෑ. මෙයට ඇපීල් කරන්න පුළුවන් කටාර් නීතියේ හැටියට. (නි)
කල්ප, ඔයා හදිසි වෙන්න එපා.ඔය රටවල නීති ඒ ඒ හැටියටනේ!! අතට අතක්, බෙල්ලට බෙල්ලක්!! (නි)
අනේ කල්ප හදිසි වෙන්න එපා. අපි පොඩ්ඩක් බලමු! (නි)
ඔය මනුස්සයා එක රැයක් දෙකක් හිරකරලා තියලා රියල් 100 විතර දඩයක් ගහලා පහුවෙනිදා ඉඳලා සුපුරුදු පරිදි වැඩට යවන්නනේ තිබුනේ අපේ දේශයේ වගේ. (නි)