(යොහාන් භාසුර සහ ටී.කේ.ජී.කපිල  )

රුපියල් කෝටියකට අධික වටිනා යුරෝ 46,000 ක් නීතිවිරෝධීව රටින් පිට කිරීමට තැත්කළ පුද්ගලයන් දෙදෙනෙක් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් අද (2) අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය රෝගු අධ්‍යක්‍ෂ සුදත්ත සිල්වා මහතා පැවසීය.

ඩුබායි බලා යාමට සූදානම් වූ මෙම පුද්ගලයන් දෙදෙනාගේ ගමන් මළුවල සුක්ෂම ලෙස සඟවා තිබූ මෙම විදේශ මුදල් තොගය අත්අඩංගුවට ගත් බව කී රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් පිළිබඳ විමර්ශන ක්‍රියාත්මක බව ද සඳහන් කළේය.