ශ්‍රී ලංකා රජය 2009 දී එල්.ටී.ටී.ඊ. සංවිධානය පරාජයට පත්කළ ද ඔවුන්ගේ ජාත්‍යන්තර ජාලය තවමත් ක්‍රියාත්මක වෙමින් පවතින බව ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව නිකුත්කළ වාර්තාවක දැක්වේ.
2009 යුද්ධය අවසන්වීමෙන් පසු ශ්‍රී ලංකාවේ එල්.ටී.ටී.ඊ. ක්‍රියාකාරකම් සිදුව නැතැයි ද එම වාර්තාවේ දැක්වේ. එසේ වුව ද ඔවුන් තවමත් ජාත්‍යන්තර වශයෙන් මූල්‍ය සහයෝගය හා අනුකම්පාව ලබාගනිමින් සිටින බව ද එම වාර්තාවේ දැක්වේ.
2014 වර්ෂයේ ලොව පුරා රටවල ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් නිකුත් කළ මේ වාර්තාවේ දැක්වෙන්නේ එල්.ටී.ටී.ඊ. සංවාධානය සමඟ සබඳකම් පැවැත්වූ බව කියන 13 දෙනෙකු මලයාසියාවේදී අත්අඩංගුවට බවයි.
අත්අඩංගුවට ගත් පුද්ගලයින්ගෙන් කිහිපදෙනෙකු ඉන්දියාවේ අමෙරිකානු එක්සත් ජනපද සහ ඊශ්‍රායල තනාපති කාර්යාල වලට ප්‍රහාර සැළසුම් කළ පුද්ගලයින් බවද ඔවුන් පෙන්වා දී තිබේ.
එමෙන්ම ශ්‍රී ලංකා පොලිසිය විසින් අත්අඩංගට ගත් මාලදිවයින් ජාතිකයින් කිහිපදෙනෙකු ත්‍රස්ත පුහුණුවීම් සඳහා සිරියාවට යෑමට උත්සාහයක යෙදී ඇති බවට අනාවාරණය වූවා යැයි ද අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ අදාළ වාර්තාව මඟින් වැඩිදුරටත් පෙන්වාදෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ අය කොටියට කිරි පොවනවා (ම)
ඩයස්පෝරාව තමයි ජනවාරි 8 ඡන්දයට හුඟක් සල්ලි දුන්නේ, මහින්ද පරද්දන්න. (නදී)
අපි නම් ඕව දන්නේ ගොඩක් කල් ඉඳල. විදේශ රටවල් වලදී ඇස් දෙකෙන්ම දකිනවා එයාල කොච්චර සංවිධානත්මකව සල්ලි එකතු කරනවද කියල . ප්‍රශ්නය ලංකාවේ ඉන්න සමහර මිනිස්සුයි මෝඩ අවස්ථා වාදී දේශපාලකයෝ කියන්නේ කොටි කියල එකෙක් නැහැ කියල (බ)
අපේ රටේ ඉන්න පිංගුත්තර දේශපාලකයින් දැනගත යුතු දෙයක් ඇත. එනම් කොටි ලෝකේ වටේ තමන්ගේ ක්‍රියා දාමය නවතා නැත. නමුත් දැන් ඉන්න ජඩපාලකයින් කියන්නේ එසේ නැති බවෙකි. නමුත් ඇමෙරිකාව දෙබිඩි පිළිවෙතකින් අප රට දෙස බලයි. (නදී)
ත්‍රස්තවාදයට අනුබල දෙන හැමදෙනාම ත්‍රස්තවාදියෝ. (බ)
එතකොට අපේ විදේශ ඇමතිතුමා මොකද ඩයස්පෝරාව කරේ තියන් ඉන්නේ. එයාටත් ගානක් එනවාද? (නදී)
ඇමරිකාව කිව්වා හින්ද ඩයස්පෝරාවක් නැහැ කිව්ව අය දැන් මොනවා කියිද දන්නේ නැහැ.(ම)