ශ්රී ලංකා රජය 2009 දී එල්.ටී.ටී.ඊ. සංවිධානය පරාජයට පත්කළ ද ඔවුන්ගේ ජාත්‍යන්තර ජාලය තවමත් ක්‍රියාත්මක වෙමින් පවතින බව ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව නිකුත්කළ වාර්තාවක දැක්වේ.
2009 යුද්ධය අවසන්වීමෙන් පසු ශ්‍රී ලංකාවේ එල්.ටී.ටී.ඊ. ක්‍රියාකාරකම් සිදුව නැතැයි ද එම වාර්තාවේ දැක්වේ. එසේ වුව ද ඔවුන් තවමත් ජාත්‍යන්තර වශයෙන් මූල්‍ය සහයෝගය හා අනුකම්පාව ලබාගනිමින් සිටින බව ද එම වාර්තාවේ දැක්වේ.
2014 වර්ෂයේ ලොව පුරා රටවල ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් නිකුත් කළ මේ වාර්තාවේ දැක්වෙන්නේ එල්.ටී.ටී.ඊ. සංවාධානය සමඟ සබඳකම් පැවැත්වූ බව කියන 13 දෙනෙකු මලයාසියාවේදී අත්අඩංගුවට බවයි.
අත්අඩංගුවට ගත් පුද්ගලයින්ගෙන් කිහිපදෙනෙකු ඉන්දියාවේ අමෙරිකානු එක්සත් ජනපද සහ ඊශ්‍රායල තනාපති කාර්යාල වලට ප්‍රහාර සැළසුම් කළ පුද්ගලයින් බවද ඔවුන් පෙන්වා දී තිබේ.
එමෙන්ම ශ්‍රී ලංකා පොලිසිය විසින් අත්අඩංගට ගත් මාලදිවයින් ජාතිකයින් කිහිපදෙනෙකු ත්‍රස්ත පුහුණුවීම් සඳහා සිරියාවට යෑමට උත්සාහයක යෙදී ඇති බවට අනාවාරණය වූවා යැයි ද අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ අදාළ වාර්තාව මඟින් වැඩිදුරටත් පෙන්වාදෙයි.
2025 දෙසැම්බර් මස 16
93
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
896
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
620
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
කොටියා ලොවපුරා සල්ලි ගරනවා
විජයබාහු Monday, 22 June 2015 08:40 AM
අපේ අය කොටියට කිරි පොවනවා (ම)
මෙල් Monday, 22 June 2015 12:03 AM
ඩයස්පෝරාව තමයි ජනවාරි 8 ඡන්දයට හුඟක් සල්ලි දුන්නේ, මහින්ද පරද්දන්න. (නදී)
සිල්වියා Sunday, 21 June 2015 11:21 AM
අපි නම් ඕව දන්නේ ගොඩක් කල් ඉඳල. විදේශ රටවල් වලදී ඇස් දෙකෙන්ම දකිනවා එයාල කොච්චර සංවිධානත්මකව සල්ලි එකතු කරනවද කියල . ප්‍රශ්නය ලංකාවේ ඉන්න සමහර මිනිස්සුයි මෝඩ අවස්ථා වාදී දේශපාලකයෝ කියන්නේ කොටි කියල එකෙක් නැහැ කියල (බ)
ප්‍රකාශ් Sunday, 21 June 2015 12:26 PM
අපේ රටේ ඉන්න පිංගුත්තර දේශපාලකයින් දැනගත යුතු දෙයක් ඇත. එනම් කොටි ලෝකේ වටේ තමන්ගේ ක්‍රියා දාමය නවතා නැත. නමුත් දැන් ඉන්න ජඩපාලකයින් කියන්නේ එසේ නැති බවෙකි. නමුත් ඇමෙරිකාව දෙබිඩි පිළිවෙතකින් අප රට දෙස බලයි. (නදී)
ඉසුරන්දි Sunday, 21 June 2015 04:33 AM
ත්‍රස්තවාදයට අනුබල දෙන හැමදෙනාම ත්‍රස්තවාදියෝ. (බ)
දිනේෂ් Sunday, 21 June 2015 01:22 PM
එතකොට අපේ විදේශ ඇමතිතුමා මොකද ඩයස්පෝරාව කරේ තියන් ඉන්නේ. එයාටත් ගානක් එනවාද? (නදී)
නිමාෂා Monday, 22 June 2015 05:27 AM
ඇමරිකාව කිව්වා හින්ද ඩයස්පෝරාවක් නැහැ කිව්ව අය දැන් මොනවා කියිද දන්නේ නැහැ.(ම)