කොටි ත‍්‍රස්තවාදින් 1990 ජුනි 11 වැනිදා අම්පාර දිස්ති‍්‍රක්කයේ පොලිස් සාමාජිකයන් 600 ක් තිරුක්කෝවිල් රූපස්කුලම් වනයේදි ඝාතනය කර වසර 25 ක් පිරිමේ සමරු වැඩසටහනක් අම්පාර පොලිස් රණවිරු ස්මාරකය අභියසදි සහකාර පොලිස් අධිකාරි නිශාන්ත චන්ද්‍රසේකර මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (11) පැවැත්විණි.
මියගිය නිලධාරින් සිහිකර පොලිස් උත්තමාචාරයක් පවත්වනු ලැබූ අතර සහකාර පොලිස් අධිකාරි නිශාන්ත චන්ද්‍රසේකර මහතා ඇතුළු නිලධාරිහු පොලිස් රණවිරු ස්මාරකයට පුෂ්ප උපහාර දැක්වූහ.
උතුරු නැගෙනහිර පිරිවෙන් භාර අධ්‍යාපන අධ්‍යක්ෂක අම්පාර මහාවාපි මහා විහාරාධිපති අරන්තලාව බෞද්ධ මධ්‍යස්ථානාධිපති පුලූකුණාව රජමහා විහාරාධිපති කිරිඳිවැල සෝමරතන හිමියන් , අම්පාර ශී‍්‍ර මාණික්ක පිල්ලයාර් කෝවිලේ කුරුකල් කේ. ශර්මා, අම්පාර ජුම්මි පල්ලියේ මව්ලවි මෙහමඩි යන ආගමික නායකයෝ බෞද්ධ, හින්දු හා ඉස්ලාම් ආගමික වතාවත් සිදු කළහ.









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට ජාතිය වෙනුවෙන් දිවි පරදුවට තැබු ඔබට නිවන් සුව (ම)
වැඩේ නම් අගෙයි .ඒත් කාගෙහරි හිත රිදුනද දන්නේ නැහැ (නි)