IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


කොටියා ප්‍රභාකරන්ට රුපියල් කෝටියක් දීලා

කොටි සංවිධානයේ සාමාජිකයකු ලෙස කටයුතු කළ බවට චෝදනා ලැබූ ජී.යෝගේන්ද්‍රන් නමැති ශ්‍රී ලාංකිකයකුට ජර්මනියේ හැම්බර්ග් නුවරදී  සඳුදා නඩු පවරා ඇති බව ලෙබනනයේ ඩේලි ස්ටාර් පුවත් සේවය වාර්තා කරයි.

කොටි සංවිධානය ජර්මනියේ ත්‍රස්තවාදී කණ්ඩායමක් ලෙස තහනමට ලක් වුවකි.

2007 දී ජර්මන් පුරවැසි භාවය ලැබු ඔහු 2007 සිට 2009 දක්වා වසර දෙකක් ජර්මනියේ හැම්බර්ග් නුවර අවට විවිධ ක්‍රියාකාරකම් වලින් ශ්‍රී ලංකාවේ එල්.ටී.ටී.ඊ සංවිධානය සඳහා අරමුදල් එකතු කළ බවට චෝදනා ලබා ඇත.

මේ කාලයේදී ඔහු ඇමෙරිකා ඩොලර් 88,000 කට සමාන මුදලක් (රුපියල් 1,26, 83276) කොටි සංවිධානය වෙත ලබාදී ඇති බවටද ඔහුට විරුද්ධව ඉදිරිපත් කර ඇති චෝදනාවෙහි දැක්වෙයි.

නඩු විභාගය ආරම්භවූ සඳුදා දිනයේ යෝගේන්ද්‍රන් ඔහුගේ නිදහසට කියන කරුණු කිසිවක් ඉදිරිපත් නොකළ බවද එම නඩු විභාගය මාර්තු 7 වැනිදා තෙක් පැවැත්වීමට නියමිත බවද වාර්තා වෙයි.

wev-2016119ARAJAN



අදහස් (0)

කොටියා ප්‍රභාකරන්ට රුපියල් කෝටියක් දීලා

නලීන් Tuesday, 19 January 2016 06:55 AM

ජර්මනියටත් කොටි අල්ලන්න මතක්වෙලා තියෙන්නේ දැන්ද? (නි)

:       0       0

මහින්ද සෞදි Tuesday, 19 January 2016 07:11 AM

ජර්මනියේ කොටි අල්ලනකොට, කොටි බිහිවුන රටේ කොටින්ව නිදහස් කරනවා, වෙනස මාරයි' (බ)

:       0       0

උදය Tuesday, 19 January 2016 07:37 AM

කොටි බිහිවුණ රටේ කොටින්ව නිදහස් කරනවා. වෙනස පුදුමාකාරයි (නි)

:       0       0

අමා Tuesday, 19 January 2016 07:49 AM

මම හිතන්නේ සල්ලි දීලා මැරුණු ත්‍රස්තවාදියෝ හිටපු එකම රට ලංකාව. (නි)

:       0       0

මහින්ද සෞදි Tuesday, 19 January 2016 09:44 AM

කොටින්ට කන්ඩ දීලා කොටින්ගෙන්, ඉල්ලන් කාපු උදවියත් ඒ කාලේ හිටිය. (බ)

:       0       0

ඉමේෂ් Tuesday, 19 January 2016 05:19 AM

කොටියා නම් මොකද ඉතින්. අපේ අයත් සල්ලි දුන්නා දුන්නා කියලා පහුගිය කාලේ එයාලගෙම කට්ටිය කෑගැහුවේ දියවන්නාවේ ඉඳලා. (නි)

:       0       0

සේන Tuesday, 19 January 2016 10:27 AM

හැමතැනම දකින්න ලැබෙන්නේ දෙබිඩි පිළිවෙත යි (ම)

:       0       0

ද සිල්වා බර්ලින් Tuesday, 19 January 2016 05:48 AM

ලංකාවේ වගේ නොවේ මෙහෙ. නඩුව මාස කිහිපයක් ඇතුළත අහලා අවසන් කරාවී (නි)

:       0       0

විදානගේ Tuesday, 19 January 2016 05:59 AM

එකට අපේ සිරි ලංකාවේ අහිංසකයෙක් අහුවුනොත් දඩුවම් දෙන ගමන් නඩු අහන්නේ .ලොක්කෙක් අහුවුනොත් ඇප දෙන්න බැරි වරදිවලටත් ඇප දීල එලියට දානවා සාක්කි වෙනස් කරගන්න ලිපි ලේඛන අතුරුදහන් කරගන්න (බ)

:       0       0

කටුවාන Tuesday, 19 January 2016 06:11 AM

ලංකාවට ආවනම් පොදු සමාවක් ලැබේනවා (ම)

:       0       0

ධනූ Tuesday, 19 January 2016 06:09 AM

මොකට පිටරට කොටින්ව හිරේ දාන්න හදනවාද මන්ද අපේ රටේ කොටියව නිදහස් කරද්දී (බ)

:       0       0

මහින්ද සෞදි Tuesday, 19 January 2016 06:10 AM

ප්‍රබාකරන් පුනර්ජීවනය කරන්න පුළුවන්නම් මේ අය ඒකත් කරනවා. (බ)

:       0       0

පිටිගල මිලානෝ Tuesday, 19 January 2016 06:31 AM

රටට ආදරෙයි කියපු අපේ සමහර ලොක්කොත් කොටින්ට කෝටි ගණන් සල්ලි දුන්නනේ. කෝ ඒවාට නඩු? (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 574 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 285 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site