කොටි සංවිධානයේ සාමාජිකයකු ලෙස කටයුතු කළ බවට චෝදනා ලැබූ ජී.යෝගේන්ද්‍රන් නමැති ශ්‍රී ලාංකිකයකුට ජර්මනියේ හැම්බර්ග් නුවරදී සඳුදා නඩු පවරා ඇති බව ලෙබනනයේ ඩේලි ස්ටාර් පුවත් සේවය වාර්තා කරයි.
කොටි සංවිධානය ජර්මනියේ ත්‍රස්තවාදී කණ්ඩායමක් ලෙස තහනමට ලක් වුවකි.
2007 දී ජර්මන් පුරවැසි භාවය ලැබු ඔහු 2007 සිට 2009 දක්වා වසර දෙකක් ජර්මනියේ හැම්බර්ග් නුවර අවට විවිධ ක්‍රියාකාරකම් වලින් ශ්‍රී ලංකාවේ එල්.ටී.ටී.ඊ සංවිධානය සඳහා අරමුදල් එකතු කළ බවට චෝදනා ලබා ඇත.
මේ කාලයේදී ඔහු ඇමෙරිකා ඩොලර් 88,000 කට සමාන මුදලක් (රුපියල් 1,26, 83276) කොටි සංවිධානය වෙත ලබාදී ඇති බවටද ඔහුට විරුද්ධව ඉදිරිපත් කර ඇති චෝදනාවෙහි දැක්වෙයි.
නඩු විභාගය ආරම්භවූ සඳුදා දිනයේ යෝගේන්ද්‍රන් ඔහුගේ නිදහසට කියන කරුණු කිසිවක් ඉදිරිපත් නොකළ බවද එම නඩු විභාගය මාර්තු 7 වැනිදා තෙක් පැවැත්වීමට නියමිත බවද වාර්තා වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජර්මනියටත් කොටි අල්ලන්න මතක්වෙලා තියෙන්නේ දැන්ද? (නි)
ජර්මනියේ කොටි අල්ලනකොට, කොටි බිහිවුන රටේ කොටින්ව නිදහස් කරනවා, වෙනස මාරයි' (බ)
කොටි බිහිවුණ රටේ කොටින්ව නිදහස් කරනවා. වෙනස පුදුමාකාරයි (නි)
මම හිතන්නේ සල්ලි දීලා මැරුණු ත්‍රස්තවාදියෝ හිටපු එකම රට ලංකාව. (නි)
කොටින්ට කන්ඩ දීලා කොටින්ගෙන්, ඉල්ලන් කාපු උදවියත් ඒ කාලේ හිටිය. (බ)
කොටියා නම් මොකද ඉතින්. අපේ අයත් සල්ලි දුන්නා දුන්නා කියලා පහුගිය කාලේ එයාලගෙම කට්ටිය කෑගැහුවේ දියවන්නාවේ ඉඳලා. (නි)
හැමතැනම දකින්න ලැබෙන්නේ දෙබිඩි පිළිවෙත යි (ම)
ලංකාවේ වගේ නොවේ මෙහෙ. නඩුව මාස කිහිපයක් ඇතුළත අහලා අවසන් කරාවී (නි)
එකට අපේ සිරි ලංකාවේ අහිංසකයෙක් අහුවුනොත් දඩුවම් දෙන ගමන් නඩු අහන්නේ .ලොක්කෙක් අහුවුනොත් ඇප දෙන්න බැරි වරදිවලටත් ඇප දීල එලියට දානවා සාක්කි වෙනස් කරගන්න ලිපි ලේඛන අතුරුදහන් කරගන්න (බ)
ලංකාවට ආවනම් පොදු සමාවක් ලැබේනවා (ම)
මොකට පිටරට කොටින්ව හිරේ දාන්න හදනවාද මන්ද අපේ රටේ කොටියව නිදහස් කරද්දී (බ)
ප්‍රබාකරන් පුනර්ජීවනය කරන්න පුළුවන්නම් මේ අය ඒකත් කරනවා. (බ)
රටට ආදරෙයි කියපු අපේ සමහර ලොක්කොත් කොටින්ට කෝටි ගණන් සල්ලි දුන්නනේ. කෝ ඒවාට නඩු? (බ)