පැෂන් බග් රෙදිපිළි ආයතනයේ පැපිලියාන ගබඩාවට පහරදී අලාභහානි කළැයි නුගේගොඩ වැඩ බලන මහේසත්‍රාත් තිස්ස විජේරත්න මහතා විසින් හය දෙනෙක් ලබන දෙවැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ. කෝටිපති ව්‍යාපාරිකයකු, සන්නිවේදන මධ්‍යස්ථාන හිමිකරුවකු, දෙහිවල ගල්කිස්ස නගර සභා සේවකයකු ද ඒ අතර සිටින බව වාර්තාවෙයි. 15 හැවිරිදි බාලවයස්කාර දැරියක සමග ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන ගිය බව කියන සිංහල නොවන තරුණයකු එම දැරිය කෙළෙසීයැයි කියන සිද්ධියකින් ප්‍රකොප වූ පිරිසක් මේ සිද්ධියට සම්බන්ධ බව පොලිසිය කියයි. පැෂන් බග් ආයතනය පිටුපස වෙනත් සමාගමක සේවය කරන බව කියන එම තරුණයා සොයාගිය පිරිසක් පැෂන් බග් ආයතනයට ගල්මුල්ගසා ඇතැයි කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහර ප්‍රදර්ශන බෞද්ධයෝ ජාතිවාදියෝ කරනවා. පාලකයෝ මිනිස්සුන්ගේ හැබෑ ප්‍රශ්න අමතක කරන්න මේවට උඩ ගෙඩි දෙනවා. (නි)
මෙහි වගකීම සම්පුර්ණයෙන් ගිහි පාර්ශවය පුමුඛ පැවිදි පාර්ශවයද බාරගත යුතුය. මන්දයත් පොලිසිය බලා සිටියදී අවිනීත අන්දමට සිවුරු දරාගත් පිරිසක් සිවුරට පවා ගරුනොකර ගල්මුල් වලින් එම ආයතනයට පහර දීම ස්වාමින් වහන්සේලා වන අප තරයේ හෙලා දකින අතර සිවුරට කළාවු අගෞරවයක්ද වන්නේය. (නි)
මේ ලාබාල ගැහැණු ළමයා ඒ තරුණයා සමග සම්බන්ධකමත් ඇතිකරගෙන තිබුණා කියලත් කියනවා නේද? (නි)
එහෙම දූෂනයක් කරලා තියෙනවනම් එයාට මරණීය දන්ඩනය දුන්නත් අපිට සංතෝෂයි. (නදී)
සියල්ල කාටද දැන් බැර කරන්න ඕනෑ? (නි)
දෙමවිපියොත් තරුණ දරුවන්ට අවවාද කරන්න ලංකාවට තියෙන ප්‍රශ්න හොදටම ඇති.(නදී)
කැමරා වල සටහන් වුණු චීවරධාරීන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්නේ කවදාද? (නි)
මේ දේ මුස්ලිම් තරුණියකට සිංහල තරුණයෙකුගේ අතින් වුණා නම්? (නි)
බාලඅපරාධ කරපු කෙනාට නම් මතක හිටින දඩුවමක් දෙන්න ඕනෑ. (නි)
බයවෙලාද?(නදී)
විකාර කියලා කියන්නේ මෙවාට තමයි (දී)
මෙයින් අසාධාරණයට ලක්වූ දැරියට සාධාරණය ඉටුවේවිද? (නි)
කවිරුවුනත් සිවුරු දාගෙන දාමරිකයෝ වගේ හැසිරෙනවා නමි නීතිය අතට අර ගන්නවා නමි අපි ඒකට කැමති නැහැ. මමත් හොද බෞද්ධයෙක්.(නදී)
පළමුව මෙම ආගමික අන්තවාදය විනාශ කළ යුතුයි. (නි)
වෛරය වපුරලා ජාතිවාදි බීජය පැතිරුවාට පස්සේ දැන් වගකිවයුත්තන්ගේ සද්දයක් නැහැ. (නි)
අරගොල්ලො නම් කළේ මිනිස්සු අවුස්සලා පැත්තකට වුණ එකයි. (නි)
අර කාන්තාවන් සීයක් සමග ඉදලා පාටි දැම්ම කෙනාට මෙහෙම ගහන්න මිනිස්සුන්ට හිතුණෙ නැත්තෙ ඇයි දන්නෙ නැහැ. (නි)
සංසාරයෙන් එතෙර වෙන්න කියලා මහණ වෙලා මෙහෙම ගල් ගහන එක හරිද? ලැජ්ජයි. (නි)
මේවාට වගකියන්න ඕනෑ සිවුරු දාගත් පුද්ගලයින් මිසක් හාමුදුරුවරු නෙමෙයි. (නි)
දැන් ඉතින් කියයි මේවාට හාමුදුරුවරුන්ගේ කිසිම සම්බන්ධයක් නැහැ කියලා. (නි)
දැන් කවුරු කිවුවත් මිනිසුන් පාලනය කරගන්න අමාරුයි. (නි)
වගකිම ගන්න ඕනෑ අය වගකීම ගතයුතුයි. (නි)
සමහරු ඔක්කොම විෂ ටික පතුරවලා දැන් පූසො වගේ පැත්තකට වෙලා ඉන්නවා. (නි)
මිනිසුන්ගේ හිත්වල මෙහෙම වෛරය රෝපණය කරන්න ඉඩ දීලා වගකිවයුත්තන් බලාඉන්න එක වැරදියි. (නි)
එතනත් වැරැද්දක් ඇති තමයි. ඒත් කරපු වැඩේ නම් නින්දිතයි. (නි)
මේකට තමයි කියන්නේ බළලුන් ලවා කොස් ඇට බාවනවා කියලා. මිනිසුන්ට විෂ පෙවූ අය දැන් නිහඩයි. (නි)
කවුද මේවට අවශ්‍ය මානසික පරිසරය සකස් කළේ? (නි)
83දීත් මෙහෙමම දෙයක් තමයි වුණේ. (නි)
නැති ප්‍රශ්න ඇතිකරන්න එපා (දී)
පාලකයෝ 83දි වගේම තවමත් බලාගෙන ඉන්නවා. (නි)
කවුද එතකොට ජාතිවාදය මිනිස්සුන්ගේ ඔළු වලට දාන්නේ? (නි)
හැමදාම හාමුදුරුවරුන්ට චීවරධාරීන් යැයි කියලා ඇග බේරගන්න අපිම කොච්චර කල් ඒ කියන චීවරධාරීන්ට වැදලා ඇද්ද? (නි)
මිනිසුනේ, දැන් ඉතින් අපි එයාලට චීවරධාරියෝ කියලා කියමු නේද? (නි)
මේ වගේ බාලඅපරාධ වුණ පළමු වතාව නෙමෙයිනේ මේක. (නි)
මේවත් දැන් අන්තර්ජාතික කුමන්ත්‍රණද? (නි)
එතකොට දූෂනය කරපු එක හරි, ගහපු එක වැරදියි. ඔන්න සහජීවනයේ තරම... (නි)
පේනවා නේද අපේ 2600 වසරක හැදියාව? (නි)
භාවනා වඩලා, මිනිසුන් යහමගට ගන්න ඉන්න හාමුදුරුවරු සීසීටීවි කැමරා වලට ගල් ගහනවා?? (නි)
මේකට කියන්නේ මුස්ලිම් අයත් එක්ක තියෙන ඊර්ෂ්‍යාව කියලා. (නි)
කෝටිපතියා නම් බිස්නස් වැඩිකරගන්න මේ ආයතනය විනාශ කරන්න යන්න ඇති කියලාවත් හිතමුකෝ. එතකොට අර එදා වේල හොයාගන්න බැරි මිනිස්සු මොකට ගියාද? (නි)
සමහරු කෙලින්ම සම්බන්ධ නොවුණත් වපුරපු විෂ තමයි මේ. (නි)
ලංකාව ලෝකයා හමුවේ අසරණ කරන්න එපා (දී)
ලංකාව ජාත්‍යන්තරය හමුවේ අසරණ වෙන එක විතරයි මෙවන් වැඩ වලින් වෙන්නේ (දී)
අයියෝ සල්ලි (දී)
ලංකා නාමය කතා කරන්න එපා (දී)
ලංකාවේ ප්‍රශ්න නැහැනේ , ඒ නිසා මේ ප්‍රශ්න හදනවා (දී)
මට මතකයි හාමුදුරු කෙනෙක් පාසල් ශිෂ්‍යාවකට අතවර කළා. ඒවා කමක් නැද්ද? (නි)
මෙවන් වැඩ නිසා සිදුවන්නේ ලංකාවේ නැවතත් මහා කෝලාහලයක් ඇති වෙන එක විතර යි (දී)
එතකොට සාධුලාට මොකද වුණේ? මම දැක්කා සාධුලා කැමරාවට ගල් ගහනවා. (නි)
කොහොම වුනත් ලංකාවේ නම කැත කරන එක ගැන ආන්ඩුව වුනත් මීට වඩා සොයා බැලිය යුතුයි. අනික අපේ සිංහල කෙල්ලොත් දැනගන්න ඕනා.(නදී)
ඔක්කොම කුණු බොදු බල සේනාවට බැර කරන්න දත නියෝගෙන හිටපු අය තේරුම් ගත්තොත් හොඳයි බොරුව තාවකාලිකයි කියල.(නදී)
මම මුස්ලිම් තමයි. හැබැයි තාමත් මම රටට හා සිංහල ජනතාවට ආදරය කරනවා. මේ නීතිය ගැනත් විශ්වාසයි. ජයවේවා!(නදී)
මොකද්ද මේ ප්‍රශ්නය (දී)
නන්දන, රාණි, රූපා වැනි අය අද සමාජියේ සිටිම සතුටක්.(නදී)
කව්රු මොනවා කළත් හාමුදුරුවන්ට රෑ 10.00ට තියෙන වැඩ මොනවද? (නි).
හැමෝගෙම අතේ වැරදි තියෙනවා.(නදී)
මිත්‍රවරුණි, මම බුදුන් වඳින සිංහල බෞද්ධයෙක්. අපි ජීවත්වෙන මේ රට බහුජාතික රටක්. ඉතින් අපි රණ්ඩු වෙන්න ගියොත් අපේ දරුවන්ට රටක් නැතිවෙයි. බුදුන් කවදාවත් අනෙක් ආගම්වලට ගරහන්න කිව්වේ නැහැ. ප්‍රශ්නයක් තියෙන බව මම පිළිගන්නවා, මේක නවත්වන්න පුළුවන් අපේ දරුවන්ට හැමදෙයක්ම හොඳට කියලා දීමෙන්. ඔබලාගේම හදවතට තට්ටු කරලා බලන්න කීදෙනෙක් බුදු දහමට අනුව ජීවත්වෙනවද කියලා. (නි)
අපි හිතුවේ හලාල් ප්‍රශ්ණයක් කියලා. බැලින්නම් බාලඅපරාධ ප්‍රශ්ණයක්. අධකරණයෙන් නිසි දඩුවම් බලාපොරොත්තු වෙමු.(නදී)
අන්න දැන් තේරෙයි කළේ කව්ද කියලා. හොද ආදායමක් ලබනකොට අනිත් අයට ඉරිසියා හිතෙයි.(නදී)
මේක බාල අපරාධයක් නෙමෙයි වැඩිහිටි අපරාධයක්. (නි)
හරිද (අ)
කවුරු කළත් මේක මහා ජරා වැඩක්. කරපු අයව අඩුම තරමේ මාස 6 ක්වක් හිරේ අරින්න ඕනේ.(නදී)
සියල්ල බොදු බල සේනාවට බැර නොකර සාධාරණව හිතන්න.(නදී)
අන්තවාදීන් විදිහට වැඩ කරන්න එපා (දී)
නන්දන මහත්තයා, ඔයා මුස්ලිම් අය වෙනුවෙන් කතා කරනවා. දැකලා තියෙනවද මුස්ලිම් අය සිංහලයෝ වෙනුවෙන් කතා කරනවා? මේක තමා අපේ ජාතියේ විනාශය. (නි)
නන්දන, වෙලා තියෙන්නේ මොකක්ද කියලා නොදැන ඔය විදියට කතා කරන්න එපා.(නදී)
මම හිටියත් එතන ඔය ටික තමයි කරන්නේ. බාල අපරාධ කරන්නේ ඇයි?(නදී)
හැම විටම නීතිය හරියටටම ක්‍රියාත්මක කරන්න.මේකත් ජාත්යන්තර කුමන්ත්‍රනයක්.(නදී)
මෙතන තමන්ගෙම ජාතියට විරුද්දව අදහස් දානවා, උඩ බලාගෙන කෙල ගහගන්නවා, සිංහලය එදා ඉදලම ජාතිය පාවලදුන්නු කට්ටියක්, ඔහොම යං.(නදී)
බොදු බල සේනාව කියනවා පරික්ෂනයක් අවශ්‍යයි කියලා. 2013 හොදම විහිළුව.(නදී)
අනුමත කරන්න බැහැ මහත්තයෝ (දී)
අත්තටම වෙන වැඩ නැද්ද මේ විකාර වැඩ කරන්නේ (දී)
මොනවාද මේ කරන විකාර වැඩ (දී)
අකුරුස්සේ ළමා අපචාර 400 කරපු දවස් වල මේ අය කොහෙද හිටියේ. (නදී)
ඔක්කොම බොදු බල සේනාවට බනිනවා. ඒත් බොදු බල සේනාව ඇති වුනේ උලමාවරුන්ගේ හලාල් ප්‍රශ්නයත එක්කයි. ඔවුන්ට හලාල් ඕනානම් ඒක කරගන්න තිබුනා සාමානය සිංහල සහ මුස්ලිම් අයව අසමගි නොකර. වේලුපිල්ලේ ප්‍රභාකරන් කළෙත් ඔය වගේ දෙයක් තමයි.(නදී)
වැරැද්ද වරද්දමයි ( දී)
බෞද්ධයින් හෝ චීවරධාරීන් මේ ආකාරයෙන් හැසිරී ඇත්නම් ඔවුන් බෞද්ධාගමට අයත් නොවේ. (නි)
අපේ ආයතනය ලංකාවේ පමණක් නොව ලෝකෙටම ප්‍රසිද්ධ කළ සියල්ලන්ට අපගේ උපහාරය! (නි)
සියළුම ආගමික අන්තවාදී සංවිධාන තහනම් කළ යුතුයි. (නි)
පුදුම මිනිස්සු තමයි (දී)
නීතිය සැමට පොදු කළ යුතුය. සුළු ජාතීන් අහිංසක නැත. මහජාතියේද අන්තවාදීන් ඇත. නමුත් කරුමය නම් සුළු ජාතීන්ට වචනයකින් හෝ අවැඩක් සිදු වන විට සියළු දෙන එක්ව සිංහලයන් දෙසට ඇගිල්ල දිගු කිරීමයි (නි)
මේවා ජාත්‍යන්තර කුමන්ත්‍රන.(නදී)
ප්‍රාදේශිය සභා මන්ත්‍රී කෙනෙක් ඔය පැත්තේ කරක් ගහල වගේ... (නි)
නීතිය ඉතා සාධාරණව සහ ඉක්මනින් ක්‍රියාත්මක කිරීමෙන් ජාතීන් අතර වෛරයක් ගොඩනැගීමට ඇති අවස්ථාව වළක්වන අතර සියලු අන්තවාදීන්ට තමන්ගේ කාර්ය කරගැනීමට නොහැකි වේ. සෞදි අරාබියේ වෙසෙන මුස්ලිම්, සිංහල, දෙමළ කවුරුත් විදේශිකයෝ, අපි හැමෝවම එලවන්නේ ලංකාවට තමයි. එහෙයින් සැවොම සාමයෙන් ජීවත් වීමට සිතන්නේ නම් මැනවි (නි)
ඔය ගල් ගහපු කට්ටිය හැබෑ සිංහල දේශප්‍රේමී බෞද්ධයින් නම් මුලින්ම ගල් ගහන්න ඕනෑ වෙන තැනකට. (නි)
රටේ නීතිය රැකිය යුත්තේ චීවරධාරීන් හෝ සාමාන්‍ය ජනයාද? නැත්නම් රජයද? (නි)
එතකොට අර යකා නටපු හාමුදුරුවරු? (නි)
බොදු බල සේනාවෙ ඉන්නෙ වැදගත් මිනිස්සු. (නි)
අන්තවාදී වැඩ නොකර ඉන්න (දී)
ඇත්තෙන්ම කියනවනම් අපේ රටේ බහුතර ජනාතව විරැකියාවෙන් පෙළෙනවා. ඔහුන්ට ජීවන මගක් නැහැ. කොහොමහරි හවසට කීයක් හරි හොයාගෙන මත්පැන් බොනවා. ඊටපස්සෙ ඕනෑම ජරා වැඩක් කරන්න උත්සහ කරනවා. මෙන්න මේකයි වර්තමාන ලංකාවේ හැටි. (නි)
මේ අපේ හාමුදුරුවරුත් පාර්ලිමේන්තුවේ ඉන්නවා නේද? දේශපාලකයන් අපරාධ කරමින්, පොඩි ළමයින් දුෂණය කරමින් මේ කරගෙන යන වැඩ පිළිවෙලට නැද්ද කිසිම විරෝධ හඬක් නගන්නේ? ඒ අපරාධ කාරයන්ට කොහේ ගියත් ඉහලම සත්කාර ලබා දෙන්න, උදවු කරන්නත් තවත් දේශපාලකයන් ඉන්නවා. ලංකාවේ අපරාධ රැල්ලක් නැහැ කියල සමහරු කිව්වට මේ මොකද්ද සිද්ද වෙන්නේ? මේ අපරාද රැල්ල නවත්තන්න කවුරුවත් නැද්ද?(නදී)
කෝ අපේ බෞධයෝ ටික ? වෙනදට නම් මෙලහකට කොමෙන්ට් 100 විතර දාල. අද නිහඬ මොකෝ? (නදී)
මෙ ඛේදවාචකය ගෑන තමයි අපි පන යනකම් කියන්නෙ . දැන් ඇස් ඉදිරිපිටම ඔප්පු උනානෙ. අපි මේවා කිව්වම අපිට අන්යාගමිකයන්, බුදුදහම විකෘති කරන්නන් කියල චෝදනා කරනව. ඕක තමයි තිත්ත ඇත්ත. මොනවා නෑතත් මේක හොරුන්ගෙ රෙදි ගෑලවෙන කාලයක්.(නදී)
කොහෙද යන්නේ මල්ලේ පොල්.(නදී)
හේන මුවෝ කෑවම ගෙදර ඇවිත් මුව හමට තලන එක අපේ පුරුද්දනේ (නි)
සිංහල, දෙමළ, මුස්ලිම් සියළු ජාතීන් එක්ව සිටීමට අදිටන් කරගත යුතුයි. (නි)
හලාල් ආරබි අකුරු වෙනුවට දැන් කොළ පාට බිංදුවක් සෑම භාණ්ඩයකම සදහන් කර තිබෙනවා (නි)
කාට වුණත් නීතිය අතට ගන්න දෙන්න බැහැ (නි)
ඕකතමයි කියන්නේ මිනිස්සුන්ව පරෙස්සමින් ආස්සරේ කරන්න කියලා (නි)
බැරිවෙලාවත් සිංහල තරුණයකු අතින් මුස්ලිම් තරුණියක් දූෂණය වූවා නම් මෙයටත් වඩා දරුණු විදියට මුස්ලිම්වරු එළියට බහිනවා. (නි)
බැරිවෙලාවත් සිංහල තරුණයකු අතින් මුස්ලිම් තරුණියක් දූෂණය වූවා නම් මෙයටත් වඩා දරුණු විදියට මුස්ලිම්වරු එළියට බහිනවා. (නි)
එක අතකින් බලපුවහම ෂෙහාර් ඩේවුඩ් වගේ අය අනෙක් අයටත් ආදර්ශයක්. (නි)
මෙවන් අයට සමාජය විසින් හෝ දඩුවම් දියයුතුය. (නි)
රවීන්ද්‍ර, ඔයා වගේ මිනිස්සු වගයක් තමයි ඕක කරලා ඇත්තේ. (නි)
කෝ අපේ සේනාව? (නි)
නැති ප්‍රශ්නනේ (දී)
අනේ රවී, බාල අපරාධ සිංහල අය කරලම නැද්ද? (නි)
රවීන්ද්‍ර , වෙන සමාගමක කෙනෙකු හොයන්න ගිහින් වැරදිලාද මේකට ගහලා තියෙන්නේ? ගහපු අය ටික දෑන් හැංගිලාද? ඔය වගේ කට්ටිය එළිපිට නටද්දිත් අත් අඩංගුවට ගන්නෙ නැත්තෙ ඇයි? (නි)
මුස්ලිම් අය සිංහලුන්ව ප්‍රකෝපකාරී නොකළ යුතුයි. (නි)
මහත්තයෝ මොනවාද මේ වැඩ, තමන්ගේ වැඩක් බලාගෙන හිටියානම් ඉවරයිනේ (දී)
ගෙදර වැඩ නැතිවා වගේ ගිහින් කර ගත්තා වැඩේ (දී)
මිනිසුන් හැසිරෙන්නේ හරියට මේක ලාංකික ඉතිහාසයේ සිදුවුණූ පළමු ස්ත්‍රී දූෂණය වගෙයි. (නි)
නීතියක් කියල දෙයක් තවම ලංකාවේ තියෙනවා, මතක තියා ගන්න (දී)