(සුජිත් හේවාජුලිගේ )
ඉහළ වත්කම් ඇති පුද්ගලයින් 100 දෙනෙකු කෙරෙහි දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ විශේෂ අවධානය යොමු වී ඇතැයි දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.ඒ.සේපාලිකා චන්ද්‍රසේකර මහත්මිය පැවසුවාය.
ඒ සඳහා ඉහළ ධනවත් පුද්ගල අංශය නමින් විශේෂ ඒකකයක්ද ඇතිකර එහි විමර්ශන කටයුතු සඳහා විශේෂඥයින් 10 කුගෙන් යුත් කණ්ඩායමක්ද අනියුක්ත කර ඇත
මේ යටතේ ඉහළ වත්කම් ඇති පුද්ගලයින්ගේ වාර්තා යාවත්කාලීන කිරීම මෙන්ම දෝෂ හා අඩුපාඩු හඳුනාගැනීමටද සැලසුම් කර ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි ඔච්චර මහන්සි වෙන්නේ? ඔය 225ගේම පාර්ලිමේන්තුවට ආපු දවසේ සිට ආදායම හා උපයාගත් ධනය හොයලා බැලුවා නම්...!
පාර්ලිමේන්තුව, රේගුවේ සහ දේශීය ආදායම් එකේ අයගේ වත්කම් හොයන්නේ නැද්ද?
ඔවුන්ටත් කෙළවලා දාපුවාම රටේ සියලුම ව්‍යාපාර විදේශිකයින්ට දෙන්න පුළුවනි. දේශීය තරගකරුවෙක් නැතිවම. ඔවුන් ඒ සල්ලි උපයාගත්ත විදිහ සොයන අතරේම ඒ සල්ලි නැවත ආයෝජනය කරනවා නම් යම් සහනයක් දුන්නොත් එයින් රටට වැඩක් වෙනවා.
ඇයි මේ එක ධනවතුන් ලැයිස්තුවකවත් පියුමි නැත්තේ? එයා කාගේත් හිතවතී හින්දද?