ඓතිහාසික සීගිරිය කැටපත් පවුරේ ඉංග්‍රිසි අකුරු දහයක් ලියු තරුණියකට දඹුල්ල මහේස්ත්‍රාත් සංජීව රම්‍යකුමාර මහතා අද (02) දෙවසරක සිර දඩුවම් නියම කළේය.
මඩකලපුවේ සින්නතම්බි උදේනි (23) නම් තරුණියට මේ දඩුවම නියම විය.ඇය වරද පිළිගත්තාය.
ඓතිහාසික සීගිරිය කැටපත් පවුරේ ඉංග්‍රිසි අකුරු දහයක් ලියු තරුණියකට දඹුල්ල මහේස්ත්‍රාත් සංජීව රම්‍යකුමාර මහතා අද (02) දෙවසරක සිර දඩුවම් නියම කළේය.
මඩකලපුවේ සින්නතම්බි උදේනි (23) නම් තරුණියට මේ දඩුවම නියම විය.ඇය වරද පිළිගත්තාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමන් කරන්නේ කුමක්ද? කල යුත්තේ කුමක්ද? නොකළ යුත්තේ කුමක්ද? කියලාවත් තෝරා බේරාගන්න බැරිනම් මීට වැඩිය දෙයක් උනත් මේ වගේ අය අතින් සිද්ධ වෙන්න පුළුවන්. (ර)
මේව හිතා මතා කරන වැඩ. සිංහලයාගේ ඉතිහාසය නැති කරලා, පස්සේ වාර්තාමානයත්, අනාගතයත් නැති කරන්න හදන්නේ,.දැඩි දඩූවමක් දෙන්න ඕනේ. (නදී)
මෙවැනි වරදකට වයස අවුරුදු 23 ගැහැණු ළමයෙක් දෙවසරකට හිරේ යෙවීම අපරාදයක්. දඩයක් නියම කිරීම සුදුසු. (ර)
ඉතිහාසය පාසල් වලින් අතුගා දැම්මහම කවුද මේවායේ වටින කමක් දන්නේ? අන්න ඒ දේ කල අයටයි මේ දඩුවම් දිය යුත්තේ! (නදී)
මේ දඩුවම් මදි, අපේ අය හැසිරන්නේ සත්තු වගේ. ඔය වගේ දඩුවම් දෙන්න ඕනේ බිලා පිස්සු කෙලින අය. කොහොමත් අපේ රටේ දඩුවම් මදි හෝ ක්‍රියාත්මක වෙනවා මදි. නිදහසෙන් පස්සේ විනය පිරිහීම තුල සංවර්දනයක් නැහැනේ. ජපානය හොදම උදාහරණය (නදී)
එයා වැරැද්ද තේරුම්ගත්ත නිසා අවවාදකර නිදහස් කරානම් ගොඩක් හොඳයි. අනික සීගිරි ආරක්ෂකයොත් ඉදිද්දිනේ මෙයා කුරුටු ගෑවේ. ආරක්සකයන්ට පඩියක් ගෙවනවා ඇයි එයාලා වැලැකුවේ නැත්තේ? (නදී)
21 වන සියවස ජීවත් වන අයටත් අදහස් ලියන්න පුළුවන් තාප්පයක් හදන්න පුලුවන්නම් හොදයි ඊළඟ ශත වර්ෂයේ අයට බලා ගන්න. (නදී)
දීපු වැදගත්ම තීන්දුවක් අපේ උත්තමාචාරය. (ර)
කුඩුකාරයෝ, අපරාධකාරයෝ නිදැල්ලේ සිටියදී මේ සිදුවූ දෙය ගැන අපිට දුකයි (නි)
ගිය අවුරුද්දෙත් මෙහෙම දෙයක් වුණා. එයත් මඩකළපුවෙන්ම තමා. මේවායේ අගය තේරෙන්නත් එක්ක හොඳ පාඩමක්. අනික මේක ලෝක උරුමයක් (නි)
හොඳයි කාට කාටත් පාඩමක් වෙන්න (නි)
කුරුටු ගී ලියපු තාප්පෙ මෑතක කුරැටු ගෑ සලකනු දකින නොදැනුවත් අයට හිතෙන්නෙ තමන්ගෙ නමත් ලියන්න. ඒකට නිකම් ලනුවක් ඇද්ද පමනින් වලක්වන්න බැරි බව මේ සිදුවීමෙන් පෙනේ. එතකොට ආරක්ෂකයන් බකංනිලාගෙන හිටියද? අපෙන් කීයක් අයකරනවද? (ර)
මේ දඬුවම දුන් එක හොඳයි. මොකද දැන් යන යන තැන කුරුටු ගී ලියන්න මේ අය පුරුදුවෙලා.වටිනාකම නොදැන කළා නම් සමාව දෙන්න තිබුණා. තව කෙනෙක් මේ දේ කරන්න කලින් නැවත වරක් හිතයි දැන්. (නි)
පුරාවිද්‍යා ස්ථාන වලට අලාභහානි කිරීම අපරාධයක්. මොකද ඉතිහාසය අපිට කවදාවත් හදන්න බැහැ. (නි)
රටේ නීතිය අනුව දඩුවම ලැබිල තියෙනවා. එම නිසා පණ්ඩිත අප්පුහාමිලා ටික කට වහගෙන ඉන්න. (නදී)
පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති මේ වගේ දේවල් වලට හානි කරන අය එක අකුරකට අවුරුද්ද ගානේ හිරේ යවන්නයි වටින්නේ .(දිල්)
මධු, හැම එකටම ඔය වාක්‍යය දාන්න එපා. මෙතන සිද්ධිය වෙන එකක්. (ර)
හොදයි නැතිනම් ඉන්න අයට මතක හිටින්නේ නෑ. තව මදි දඩුවම. (ර)
ඉතාමත් හොඳ පාඩමක් අනිත් අයටත් මේ ගැන දැනුවත් වෙන්න. ජානකී ගේ අදහසට එකඟ වෙනවා. අවුරුදු 23 ක් වෙන කෙනෙක්ට මේ තරම් දෙයක් තේරෙන්නේ නැහැ කියන්නේ බොරු. (ර)
පුරාවිද්‍යා වටිනාකමක් ඇති දේවල් විනාශ කිරීම බරපතල වරදක්. එම වරදට දඬුවමක් දිය යුතුමයි. නමුත් මේ තරුණිය තමන්ගේ මෝඩකමට කළ දෙයට දඬුවම ටිකක් සැර වැඩි වගේ කියලා හිතෙනවා. (දිල්)
සමීර ඔබත් කුඩු කාරයෙක්ද ? නැත්නම් ඒවා අනුමත කරන කෙනෙක්ද (නදී)
අවුරුදු දහස් ගණනක් පැරණි ජාතික උරුමයකට හානි කරපු කෙනා හොයල දඬුවම් කරන්න බැරි ඇයි? (ර)
ලංකාවේ නිතිය හරිම ඉක්මනට ක්‍රියා කරනවා (නදී)
මම නම් හිතන්නේ දඩුවම් දෙන්න ඉක්මන්වුනා කියල. ඒ ළමයාගෙන් අහන්න තිබුන ඇයට මෙහෙම කරන්න කිව්වේ කවුද? මොකෝ එහෙම කලේ . බැංකු ගිණුම් කීයක් තියනවද? කවුරු හරි සල්ලි දීල මේ වැඩේ කරන්න කිව්වද? ආදී වශයෙන් (නදී)
කෙල්ලට දඬුවම් කලත් ඔය වගේ කෙල්ලෝ ඉස්සරහටත් ඔය වැඩේ කරාවි. නරකද ආරක්ෂක ආවරණයක් දැම්මොත්. කාගේ කාගේත් සාක්කු වලට කීයක් හරි වැටෙන විධියට වුනත් කමක් නැහැ.(නදී)
අනේ ඉතින් අර මහා පරිමානයෙන් නිදන් හාරපු සේරම බොහොම හොදට නිදැල්ලේ ඉන්නව නේද ? හැමෝම කරන්නේ තෝරු මෝරු ඉඳිද්දී හැල්මස්සෝ පැටියෙක් අල්ලන එක. (නදී)
සීගිරි ගීයක් ඔබේ හදවතේ ලියන්න දෙනවාද (බ)
නීතියක් හරියට ක්‍රියත්මක වෙන්නෙ නැති රටේ එක්කෙනෙක් දෙන්නෙක්ට විතරක් නීතිය ක්‍රියාත්මක උනහම එච්චර හොද නැහැ. . ඔය වැරදි තැනින් පාර මරුවෙන අය, කුනු පාරෙ දාල යන අයගෙ ඉදන් පගා ගහන අය, හොරකන් කරන අය බදු හොරු එකී මෙකී නොකී සියල්ලටම නීතිය ක්‍රියත්මක උනා නම් තමයි මම නම් කැමති. උදාහරනයක් කියනව නම් පොලිසියේ අය හිතාගෙන ඉන්නෙ මාර්ඝ නීති සංග්‍රහයේ තියෙන්නෙ සුදු ඉර කැපීම වේගයෙන් ගමන් කිරීම සහ බීල එලවීම විතරයි කියලා. තව කොච්චර වැරදි කරනවද ? ත්‍රීවීල් මල්ලි පාර මැද කොටන කොට, ලක්ෂ 50 කාර් එක එලවන කෙනා එයාව ඉස්සර කරන්නෙ නැතුව යන්න ඕනේ. මොකද නැත්නම් සුදු ඉර කැපෙනවනේ. කොහොම උනත් නීතියෙ සියලු දේවල් ක්‍රියාත්මක වෙන්න නම් ඕනේ එකේ දෙකක් නැහැ (නදී)
දඩුවම වැඩි කල යුතුයි ආයෙත් මෙවැනි දේවල් නොකරන්න. (ර)