(ෂේන් සෙනෙවිරත්න)
මහනුවර වැව රවුමේ රතු බෝක්කු හන්දිය අසල සුවිසල් නිවසක තනිව ජීවත්වූ 65 හැවිරිදී කෝටිපති කාන්තාවක ගෙල කපා ඝාතනය කොට ඇති බව මහනුවර මූලස්ථාන පොලීසිය කියයි.
එසේ ඝාතනය වී ඇත්තේ කමනී රණසිංහ (65) නමැති කාන්තාවක බවද පොලිසිය කියයි.
එම කාන්තාව රජයේ විධායක ශ්‍රේණියේ රැකියාවක් කොට විශ්‍රාම ලබා තනිව ජීවත්ව ඇති අතර සුවිසල් නිවස අසල කඩ සාප්පු විශාල ප්‍රමාණයක් කුලියට දී ඇති බව පොලිසිය සඳහන් කරයි .
කාන්තාවගේ සැමියා මීට පෙර මියගොස් ඇති අතර ඔවුන්ගේ දරුවන් දෙදෙනකු ඕස්ට්‍රේලියාවේ ජීවත් වන බව ද පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
නම සඳහන් කිරීමට අකමැති සිද්ධිය ඇසින් දුටුවකු පවසා සිටියේ කාන්තාව ජීවත් වූ නිවස තුළින් කළු අඩි පහක් පහක් පමණ උසැති පුද්ගලයකු පිහියක්ද අතැතිව නිවස තුළින් එළියට එන බව දුටු බවත් ඔහුගේ අතක් ද කැපී ලේ ගලමින් තිබූ බවද පැවසීය.
පිහියක් දික් කරමින් එම පුද්ගලයා තමන්ට ද තර්ජනය කළ බැවින් ඔහු අසලට නොගිය බව පැවසූ එම ප්‍රකාශකයා පසුව නිවස තුළට ගොස් බලන විට මෙම කාන්තාව බිම වැටී දඟලමින් සිටි බවද පැවසිය .
ඉන් මද වේලාවකට පසු ඇය මියගිය බැවින් එය රෝහල්ගත කිරීමට පියවර නොගත් බව පැවසූ ඔහු ඒ පිළිබඳව පොලිසියට දැනුම් දීමට කටයුතු කළ බවද පැවසීය .
දේපොළ ප්‍රශ්නයක් මත මෙම ඝාතනය සිදුවී ඇති බවට සැක කරන පොලීසිය අදියර කිහිපයක් ඔස්සේ වැඩිදුර පොලිස් විමර්ශනයක් සිදු කෙරේ .
2025 දෙසැම්බර් මස 18
449
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
248
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1038
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කෝටිපති කතක් මරා දමලා