අම්බලන්ගොඩ මාදම්පේ ඉඩම්තොට පදිංචි එකම පවුලේ තිදෙනකු අද රාත්‍රී වෙඩි තබා ඝාතනය කර ඇතැයි පොලිසිය කියයි. පියා (32) මව (28) සහ පුතා (04) මෙලෙස ඝාතනයට ලක්වූහ. පොලිසිය පවසන්නේ වෙඩි තැබූ ස්ථානයේ ටී 56 හා හා මිලිමීටර 9 උණ්ඩ දක්නට ලැබෙන බවයි. මියගිය තිදෙනාගේ සිරුරු බලපිටිය මූළික රෝහලට ගෙනගොස් ඇත.
ඡායාරූප - දීපාල් සිල්වා



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පෙන්නුම් කරන්නේ සමාජ පරිහානිය නොවේද? (නි)
පොඩි ළමයා මොකද මැරුවේ? රටට මොකක්ද මේ වෙන්නේ...? (නි)
මේක කළේ කාගේ සෙට් එකද දන්නෙ නැහැ (නි)
ශ්‍රී ලංකාව දැන් ඉතිරිව තිබෙන අන්තිම පාලන තන්ත්‍රය ජනතා විමුක්ති පෙරමුණ බව නොසතුටෙන් වුවද කිවයුතුය. (නි)
ආයුද රට පුරාම තියෙනවා අද මුලුරටේ කොපමණ අපරාද වෙනවද.? (ර)
අපේ ඥානසර හාමුදුරුවෝ මඩකළපුවේ වදිනවා දෙමළ අයට බුදු දහම උගන්වන්න. අපේ අය මෙහෙ මරා ගන්නවා. අනේ බුදු හාමුදුරුවනේ, අපේ රටට ගිය කලක්! (නි)
මිනිස්සු මෙහෙම කොහොම අපරාධ කරනවද මන්දා. (ර)
ෂුවර් එකටම මේකත් පහුගිය අාණ්ඩුවේ වැඩක්. මේ අාණ්ඩුව අපහසුතාවයට පත්කරන්න හිතාගෙන 2015ටත් කලින් සැළසුම් කරපු අපරාධයක්. (මෙහෙම කියන අයත් ඉන්න පුලුවන්) (නි)
තමන්ගේ අන් අයගේ ජිවිත වටිනාකම සහා තම රටේ වැදගත් කම නොදත් නොසලකන බහුතරයක් අප උගතුන් යයි සිතන මෝඩයින් ජිවත්වන ශ්‍රී ලංකාවේ මොවුන්ට නිවන් සුව ලැබේවා . (ර)
දඩ වැඩි කරලා මාර්ග අනතුරු වලක්වා ගත්ත වගේ මෙම අපරාධ වලට මොනවා හරි කරන්න වෙනවා. (බ)
කුමන වැරැද්දකට වුනත් මිනිස්සු මරන්න කාටවත් අයිතියක් නැ. මේ අසරණ පුංචි පුතාට මොන තරම් බයක් දැනේන්න ඇතිද? අනේ අපේ ලංකාව දවසින් දවසම ධර්මයෙන් ඈත් වෙනවා නේද? හොර බොරු වංචා අඩු වෙලා ආයේ මේ රට ධර්මද්වීපයක් වෙන එකක් නැති වෙයි වගේ. හරිම දුකයි (ර)
මොකද්ද මේ වෙන්නේ රාටේ අපලයක්ද මේ (ර)
කොහොමද..අපේ ධර්මද්වීපයේ වැඩ ? හැමතැනම...හැමදාම...බණ,පිරිත්...පින්කම්..දේශකයෝ එමටයි. (ර)
මොනාද මේ කරන විපත්.(හේ)
දැන් අවුරුදු දෙකකට කිට්ටු වෙන්න වෙනවා මෙවැනි දේවල් සිද්ධ වෙන්න වෙලා. වගකිවයුත්තෝ කරන්නේ මොනවද කියලා ජනතාව දන්නේ නැද්ද? (නි)
අවුරුදු 7ක දරුවෙකුට වෙඩි තියන්න තරම් කුරිරු මේ මිනිසුන්ව මහපාරේ ගල් ගහලා මරන්න ඕනෑ (නි)
ඔව් සර්... යර්ස් සර්... නැහැ සර්... එයාලව ඇරෙස්ට් කරන්නේ නැහැ සර්...! තැන්ක් යු...සර්...! (නි)
අද කාලේ මිනිස්සු නොමිනිසුන් වෙලා (නි)
පොලිසියේ ලොක්කොත් නීතිය නවනකොට ඔහොම වෙනවා. අද රටේ මිනිස්සු නීතියට බය නැහැ (නි)
සමහර හාමුදුරුවරු වෛරය දේශනා කරනකොට අනෙක් අයත් ඒ බෙර පදයටම නටනකොට, එම පරිසරයේම තමයි මේ වර්ගයේ සාහසික ක්‍රියා සිදුවන්නේ. (නි)
අපේ රට දැන් චිකාගෝවත් පරද්දලා ඉවරයි. ළඟදීම ආපහු ටයර් උඩත් මිනිස්සු රෝස් වෙයි. දැන්වත් ගෝඨාව හොයාගෙන ගිහිල්ලා හරි රට බාරකරමු (නි)
මේවා අහස පොළොව උහුලන්නේ නැති අපරාධ (නි)
මෑතක ඉදන් අම්බලන්ගොඩ ප්‍රදේශයේ මැර කල්ලි හිස ඔසවල නේද (ර)
1971 - 88-89 දකුණෙනුත් 1975 දී ප්‍රභාකරන් උතුරෙනුත් ආරම්භ කළ අනුන්ගේ රක්ත වර්ණ රුධිරය උරා බීමේ කාලකණ්නි මෙහෙවරේ අතුරු ඵල අන්තර් ජාල වේගයට මදක් අඩුවෙන් සමස්ත සමාජ දේහයම වෙලා ගන්නා හැඩ රුව දකින්නට අසන්නට ලැබීම දේශයේ කවර නම් අවාසනාවක්ද?(හේ)
පොලිසිය තවමත් නිදාගෙනද? මේවට එරෙහිව නැඟීසිටින්න සුභ නැකත කවදාද තියෙන්නේ? (නි)
රජයෙන් ආයුධ මිලයට ගැනීම සාර්ථකයි කියලා පුරසාරම් දෙඩුවා නේද? එහෙනම් කොහොමද මෙහෙම වෙන්නේ? (නි)
දැන්මම එල්ලුම්ගහ ක්‍රියාත්මක කරන්න එපා. තව මැරුනා මදි! (නි)
රජය අවි ආයුධ මිලදී ගැනීම සාර්ථකයි කිවුවට තවම ටී-56 ගිනිඅවි එළියේ (නි)
දහම් දීපයට ගිය කලක්. (ර)
නීතිය ක්‍රියාත්මක කරන මෙන් ඉල්ලා සිටිනවා (ර)
මේ අවුරුදු 2 ඇතුලත අම්බලන්ගොඩ විතරක් කියක් මෙහෙම මැරුණද ? නීතිය වහාම ක්‍රියාත්මක කර දැඩි දඩුවම් දිය යුතුයි (ර)
හන්දිය හන්දියක් ගණනේ මිනි කඳු ගැසීමට පාර කැපූ, මිනිස් ජීවිතයන්හි වටිනා කම නොදත් ම්ලේච්ඡ තිරිසන් කල්ලි දැන් අනන්තයි. (ර)
බුදුන් තුන්වරක් වැඩි සිරි ලංකාදීපය. දහම් සඟුන් සෙවණේ දරුවෝ හැදුනු දේශය..... ඒ මිනීමරු දේශයේ යළි උපදින්නට හේතු වාසනා වේවා!!! (නි)
අපරාධ යනු සමාජවිරෝධී වුණත් සමාජගත උපසංස්කෘතියක්. පවතින දේශපාලන ප්‍රවාහය තුළ බලවතුන්ගේ ඕනෑ එපාකම් සපුරමින් විටෙක රාජ්‍ය අනුග්‍රහය ලබමින් ප්‍රචණ්ඩත්වය සාමාන්‍ය සංසිද්ධියක් බවට පත්වීමේ ප්‍රතිවිපාකය වන්නේ සමාජයේ පහළ ස්ථර වලටත් එය නිරායාසයෙන් කාන්දුවීමයි. එයින් ගොඩඒම දුෂ්කර වන්නේ සමස්ත සමාජය පුරාම පන්ති, වර්ග, ආගම් හා කුල භේදයකින් තොරව මේ අපරාධකාරී චර්යාවන් සමාජගතවීම නිසයි. සැබෑ වෙනසක් යනු ආණ්ඩු පෙරළියක් නොව සමාජය මේ ව්‍යාසනයෙන් මුදාගැනීමකි. (නි)
අනේ දෙවියනේ, මොනතරම් ලොකු ඛේදවාචකයක්ද? (නි)
පොලිසිය මොනවද කරන්නේ? අනේ මන්දා රටට මොනවා වෙනවද කියලා (නි)
අලුත් ආණ්ඩුව පත්වුණාට පස්සේ මේ වගේ දේවල් සිද්ධවෙනවා වැඩියි වගේ (නි)
ජිවිත තුනක් දැඩි දඩුවම් දිය යුතුයි (ර)
අපේ කරුමෙට එළාර ලංකාවේ ඉපදුනේ .(ර)
එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්නම ඕන. නැතුව මේ අය හදන්න බැහැ . (ර)
මෙය සාමාන්‍යය මිනීමැරුමක් නොවේ. ටී 56, මිමි 9 උණ්ඩ මෙතැනින් හමු වුනා නම් මෙතැනත් එවැනි දේ ගැවසෙන ස්ථානයක් විය නොහැකිද. (හේ)
කියුමට නම් සිංහල බෞද්ධයෝ 100% ඉන්නවා කියන පළාත.. (ර)
අවුරුදු 4 පොඩි එකාට වෙඩි තියපු එවුන්ට දඩුවම් දෙන්න (ම)
හැම තැනකම ඊර්ෂ්‍යාව, වෛරය, ක්‍රෝධය සහ පළිගැනීම්. තව පැත්තකින් රටම බිලිගන්නා මත් උවදුර. (නි)
සාරධර්ම පිරිහුණු සමාජයක මෙවැනි දේවල් අසන්න ලැබීම සාමාන්‍ය දෙයක්නේ.අද කොහෙන්ද ජිවිතයට වටිනාකමක්? (බ)
වජිර, ආගම් වල නම් සඳහන් කරන්නට පෙර සිවිල් ජනතාව අතට ආයුධ සැපයුවේ කවුරුන් විසින්ද කියන එක ගැන කල්පනා කරන්න.(බ)
එල්ලුම් ගස නැති එකේ වරද (නි)
සමහරක් හැමදේටම ආගම ගාවාගන්නවා. මේවා මිනිසුන්ගේ මෝඩකම. පුතා වැරදි කළාම ගුණවත් දෙමව්පියන්ට බනිනවා වගේ වැඩක් (නි)
යහපාලානේ දෝරේ ගලනවා..(හේ)
කෝ මේ නීතිය නවන අය? මෙහෙම මරාගන්නේ අැයි? (නි)
මේ අපරාධ කාරයෝ එල්ලුම් ගහට යවන්න ඕනේ.(හේ)
රට පාලනය කරන අයට එදත් අදත් කවදත් බැරිවුණා නොදරුවෝ අමු අමුවේ මරණ අය හොයලා නිසි දඬුවම් දෙන්න. මහින්ද රාජපක්ෂට පුළුවන් වුණා නම් යුද්ධය ඉවර කරන්න, ඇයි මෙයාලට බැරි මේ පාතාලේ කියන අයට දඬුවම් දෙන්න. (නි)
මේ පව් පල දෙනවා (ර)
අැයි බැරි එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න ..? දේශපාලකයෝ ආරක්ෂා කරන්න ඕනෑ නිසාද? නීතිය ක්‍රියා නොකර මේ විදියට රටේ මිනිසුන්ගේ ජීවිත ගැන නොසළකා සිටීමෙන් මොනවද මේ කරන්නේ? (නි)
රට පාලනය කරන අයට එදත් අදත් කවදත් බැරිවුණා නොදරුවෝ අමු අමුවේ මරණ අය හොයලා නිසි දඬුවම් දෙන්න. මිනීමරුවන්ට රැකවරණය ,ආරක්ෂාව සපයන අය හොයලා නිසි දඬුවම් දෙන්න. කුඩා දරුවෝ මරණ අයට මරණ දඬුවම දෙන්න බැරිනම් අත් දෙක අප්‍රාණික කරන නීති ගෙනෙන්න. නොදරුවෝ අමු අමුවේ මරණ අය දුක් විඳවලා මැරෙන්න ඕනෑ (නි)