(ඉන්දිකා රාමනායක)
රුපියල් කෝටි හතරකට අධික වටිනාකමින් යුත් බව කියන හෙරොයින් මත්කුඩු තොගයක් මෙරටට රැගෙන එමින් සිටි පාකිස්තාන අඹුසැමි යුවළක් කටුනායක ගුවන් තොටුපොලේ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අද අත්අඩංගුවට ගත් බව පොලිස් මුලස්ථානය පවසයි.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකාර යුවළ සතුව හොරොයින් මත්කුඩු කිලෝ 4.218 ක් තිබී ඇත.
මොවුන් දෙදෙනා රැගෙන ආ ගමන් මලූවල ව්‍යාජ පතුල් සකසා ඒවායේ මෙම හොරොයින් සඟවාගෙන පැමිණි බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුඩු පොවලා ලංකාවේ කොල්ලෝ මරන්න තනන මොවුන්ට මරණ දඬුවම් දීම ලංකාවේ පොඩි උන්ගේ මානව හිමිකම් රැක දීමක්
මොනතරම් නීති තිබුනත් කුඩු සහ රත්තරන් හොරෙන් ගේනවා ...ගේන අයට පොඩි දඩයක් ගහල එලියට දානවා ..මෙහෙම වෙන්නේ ආණ්ඩුවේ ඇමතිලත් මෙයට සම්බන්ද නිසා ...අනෙක මේ අල්ලාගත් කුඩුවලට හා රත්තරන් වලට කරන්නේ කුමක්ද ..?
මොවුන්ට මරණ දඬුවම් දීම සහ එය වහාම ක්‍රියාත්මක කිරීම කලයුතුයි.
ලංකාවේ කොපමණ කුඩු ඇල්ලුවත් ඒවා අතුරුදහන් වෙනවා. ඊටපසු ඒවා මොන විදියකින් හරි නැවත වෙළඳපොලට එනවා. මේ නොකිය කියන්නේ එයාල ප්‍රසිද්ධියේ කුඩු ගෙන්නල්ල විකුණන බව තමා හොරෙන් ගෙනල්ලත් කුඩු විකුනනවා. අත්අඩංගුවට අරගෙනත් විකුනනවා. දෙකම වෙනවා. පිරිත් නුල් 25-30 අතේ බැදගෙන සුදු ඇදගෙන ඉන්න මේ බෞද්ධයෝ මේ ජාතිය ආගම ගැන කතාකරන අපේ හොර පාලකයෝ අපිට එයාලගේ නිරුවත්බවය අසරණ අපිට පෙන්නනවා. අපිත් එයාල කියන දේ අහල දෙන දෙයක් අරගෙන කටවහගෙන ඉන්නවා. මේවට විරුද්දව කතා කරන්න කොන්ද තියන අය කෝ. ඒ කියනේ අපි හැමෝම මේවට ඍජුව හෝ වක්‍රව දායකත්වය ලබාදෙන බව. නැත්නම් ආගම පිරිහේද ජාතිය පිරිහේ. ජාතිය පිරිහේද ආගම පිරිහේ. එතකොට ඔබසැමට අබ සරණි ලක්වැසි ඔබ සැමට.