මැදපෙරදිග සේවයෙන් පසු ශ්‍රී ලංකාවට පැමිණෙන ශ්‍රී ලාංකික  ශ්‍රමිකයන්ගේ ගමන්මලු වල තිබෙන වටිනා භාණ්ඩ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී නැතිවෙන බව අරාබිපුවත්සේවය වාර්තා කරයි.

මේ සම්බන්ධව නවතම පුවත වාර්තාවන්නේ මැදපෙරදිග සේවයෙන් පසු මව්බිමට පැමිණි  ගෘහසේවිකාවකගේ සෞදි රියාල් 7000 (රුපියල් 242894 ) පමණ වටිනා මුදල් සහ රන් ආභරණ නැතිවීමයි.

 මෙම හොරකම සම්බන්ධයෙන් ගුවන්තොටුපෙළ පොලීසියට පැමිණිලි කළ පසු සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඊට සම්බන්ධ තවත් අයකු පොලීසිය මග හරිමින් සිටිනබව පවසයි. සොරකම් කැරුණු  මුදල් සොයාගෙන ඇති අතර රන්ආභරණ මේවන තෙක් සොයාගෙන නැත.

අරාබි පුවත්සේවය පවසන්නේ ගමන්මලුවල තිබෙන වටිනාදේවල්  නැතිවන්නේ ගුවන්යානයේ සිට මගීන් වෙතට පැමිණෙන ගමන්මලු පටිය අතරතුර බවයි. ගුවන්තොටුපොළ පොලීසිය කියනුයේ මෙම වසරේ මෙවැනි පැමිණිලි තුනක් කැර ඇති බවයි.

 ඒ සම්බන්ධයෙන් හත්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හළ බවයි. ශ්‍රී ලංකාවට පැමිණෙන මගින්ගේ ගමන්මලු වල තිබෙන විවිධාකාර දේ නැතිවෙන අතර වැඩිපුරම නැතිවන්නේ ජංගමදුරකථන, කැමරා සහ යටඇඳුම් බව අරාබි පුවත්සේවය වාර්තාකරයි.

එසේම විදේශ දූත මෙහෙවරකට ලංකාවට පැමිණි අරාබි ජාතිකයකුවන මොහොමඩ් අලි ගේ ගමන්මල්ලේ තිබු පරිගණකය සහ තවත් භාණ්ඩ  කිපයක් තමා නිවසටවිත් බලන අවස්ථාවේදී අතුරුදහන් වු බවත් තමා ගුවන්තොටුපොළින් පිටවි ඇති නිසා ඒ ගැන කිසිවක් කිරීමට නොහැකිවු බව ඔහු පවසයි.