කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ ධාවන පථය පුළුල් කිරිමේ කටයුතු අද (6) පෙරවරුවේ ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කැරිණි.
අද (6) සිට අප්‍රේල් 6 වැනි දා දක්වා මාස තුනක් පෙරවරු 8.30 සිට පස්වරු 4.30 දක්වා ගුවන් තොටුපළ වසා තැබේ.
ගුවන් තොටුපළ වැසීමට ප්‍රථම අද (6) පෙරවරු 8.13ට ක්වාලාලාම්පුර් සිට ලංකාවට ගුවන් යානයක් පැමිණි අතර පෙරවරු 8.21 ට තවත් යානයක් බංගලාදේශයේ ඩකා බලා පිටත්ව ගියේය.
ගුවන් ගමන් සඳහා පැමිණෙන මගීන්ට පැය පහකට පෙර ගුවන්තොටුපළට පැමිණෙන ලෙස දන්වා ඇත.
මින් සිදුවන පාඩුව ඇමෙරිකන් ඩොලර් මිලියන 47ක් (රුපියල් කෝටි 697ක්) වනු ඇතැයි ‘ශ්‍රී ලන්කන් එයාර්ලයින්ස්’ සමාගම සඳහන් කරයි.
ඡායාරූප - ප්‍රසාද් මුතුකුඩ



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැම කෙනෙක්ම උඩ බලාගෙන කෙල ගහනවා මිස හරි දේ තේරුම් නොගනී (නි)
මත්තලින් වැඩක් ගන්නේ නැත්තේ බැරිකමට නොවේ කුහක කමට (ම)
අන්තර්ජාලය මඟින් චෙකින් වෙනවා නම් ප්‍රශ්නයක් නෑ. ප්‍රශ්නේ තියෙන්නේ මත්තලින් බැහැලා මඟීන්, කාර්ය මණ්ඩලය එක්කො එහෙ නවතින්න ඕන,නැත්නම් ආයි කොළඹට එන්න ඕන. එහේ නවතින්න මොනවද තියෙන පහසුකම්.(ම)
නුගත් දෙසපලකයෝ ඉන්න රටක මෙහෙම තමා.(ම)
විදේශගතව සිට දවල් කාලයේ පැමිනෙන අයට මොකද වෙන්නේ ? (ර)
එතකොට එන ගුවන් යානා මත්තලටද හරවා යවන්නේ. (ර)
හැම එකටම ඇමති යන්න ඕනෑලුනේ. අලුතෙන් හදන ඒවටත් එයා ඕනෑ. විවෘත කරන ඒවටත් එයා ඕනෑ. අලුත්වැඩියා කරන ඒවටත් එයා ඕනෑ. මේවා මේ උත්සව තියන්න ඕනෑ වැඩද? (නි)
ඔන්න කරන්න ගත්තා තව වැඩක්... (නි)
මත්තලට ජාත්‍යන්තර රක්ෂණ ආවරණයක් නැති නිසා විදේශ ගුවන් සමාගම් එන්නේ නැත (නි)
දේශපාලන කුහකයින් සිටිනතාක් මේ රට දියුණු නොවේ (නි)
දවල් කාලයේ එන ගුවන් යානා හවස් වෙනකම් උඩ ඉන්නවා. රෑ වුණාම බිමට බානවා. කොහොමද යහපාලන මොළේ? (නි)
තවත් ගුවන් තොටුපළක් මේ වෙලාවට කොච්චර වටිනවද? (නි)
මෙහෙම වේලාවකටවත් මත්තලින් වැඩක් ගන්න බැහැ නේද. (ම)
ගුවන් තොටුපලට පැය පහකට කලින් එන්න කීම නියම ශ්‍රී ලංකා ආණ්ඩුවේ 1974 තිබුන පාන් පෝලිම් ක්‍රමයම නැවත ක්‍රියාත්මක කිරීමක් වගෙයි. මීටවඩා කාර්යබහුල ගුවන් තොටුපළවල් වල මගීන්ට දින කීපයකට කලින් එන්න කියනවද (නි)
මත්තල හොදට ප්‍රසිද්ධ කරගන්න තිබුණු අවස්ථාව නැති කලා. (ම)
මත්තල ගැන කතාකරන්නවත් මේ රජය කැමති නැත්නම් මොනවා කරන්නද? වී ගබඩාව මතක් වෙනවා ඇති (ම)
පිස්සු හැදෙනවා මේවා අහනකොට (නි)
දැන් එහෙනම් මැති ඇමතිවරු ඇතුළු අගමැති හා ජනාධිපතිටත් පැය 5 කට කලින් ගුවන් තොටුපලට එන්න සිදුවේවි නේද? අනේ ඒ ගොල්ලන්ගේ වටිනා කාලය.(බ)
දැන් එහෙනම් මැති ඇමතිවරු ඇතුළු අගමැති හා ජනාධිපතිටත් පැය 5 කට කලින් ගුවන් තොටුපලට එන්න සිදුවේවි නේද? අනේ ඒ ගොල්ලන්ගේ වටිනා කාලය. (බ)
පහුගිය ආණ්ඩුව තිබුන නම් මත්තලින් වැඩක් අරගෙන. ඒවාට බැන බැන ඒවායෙන් වැඩක් ගන්නේ කොහොමද මේ ආණ්ඩුව.(ම)