කොටි සංවිධානයට සම්බන්ධ කිසිදු යුද සැමරුමකට ඉඩ නොදෙන බවත් එවැනි දෑ සිදුකරන පුද්ගලයන්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරන්නැයි ත්‍රිවිධ හමුදාවට හා පොලිසියට දන්වා ඇති බවත් ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතා පවසයි.
යහපාලන රජයේ පිරිසක් ඝාතනය කිරීමේ සූදානමක් පවතින බව රජයේ කැබිනට් ප්‍රකාශක ඇමැති රාජිත සේනාරත්න මහතා පළ කළ කරුණු සම්බන්ධයෙන් මෙතෙක් බුද්ධි අංශවලට තොරතුරු වාර්තා වී නැති බවද ඒ මහතා කීවේය.
මේ වසරේ රණවිරු සැමරුම මැයි 18 වැනිදා සවස 4ට බත්තරමුල්ල රණවිරු ස්මාරකය අසලදී පැවැත්වෙන බවද ආරක්ෂක රාජ්‍ය ඇමැති සඳහන් කළේය. පසුගිය වසරවල මෙන් හමුදා ප්‍රදර්ශනයක් නොපවත්වා ඒ සඳහා යන මුදල් රණවිරු සුබ සාධනයට යොදවන බවද ඒ මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තැටිය රත් කර ගත් වෙලේ රොටිය හදා ගත් අය නේද (බ)
අනවශ්‍ය විදියට බලය පාවිච්චි කරන්න ඔවුන්ට ඉඩනොතැබිය යුතුයි. අපේ රණවිරුවන් අපිට සම්පතක් (නි)
රාජිත බොරු කීවේ සහ බැසිල්ව යෝෂිතව ඇරස්ට් කළේ වැට් නිසා ආන්ඩුවට බනින ජනතාවගේ මානසිකත්වය වෙනතකට ගන්න මිසක රාජිතට සාක්කි තිබිලා නෙමේ. කොහොම වුනත් මිනිස්සු මේවට පට ගාල අහුවෙනවා. (බ)
ජවිපෙ අය ඉල් සමරුව තියනවා නේද? ඒක නිවැරදිද? (නි)
ඒ මුදල් රණවිරු සුබසාධනයට යොදන එක නම් ඉතා හොඳයි (නි)
ඉස්සරනම් රණවිරු සැමරුම තිබුනේ මහනුවර මයිලපිටිය රණවිරු ස්මාරකය ලග.එතනට ගියාම දැනෙන සංවේදීතාවය ගැන කියන්න බැහැ.නීල් ඩයස් මහත්මාගෙන් පසු පෙරලුනා.දෙන රණවිරු අධිකාරිය දේශපාලන අධිකාරියක් වෙලා ඉවරයි. (හේ)
මේක මේ කොටි සැමරුම කියලා නෙමෙයි පටන්ගන්නේ. හැබැයි අවසන් වෙන්නේ කොටි සමරලා තමයි! (නි)
ජෙයම්, අපිට නම් එ්ක තේරෙනවා. හැබැයි තවමත් ඉන්නවා නොතේරෙනවා වගේ කට්ටියකුත්! (නි)
රජයේ හමුදාවට විරුද්ධව සටන් වදින ඕනෑම කල්ලියක් හෝ සංවිධානයක් ත්‍රස්ත සංවිධානයක් වියයුතුය. එවැනි කල්ලි, සංවිධාන වල සැමරීම් වලට ඉඩ නොදිය යුතුය. (නි)
බදු වැඩි වෙනවා, ඇමතින්ට කාර් ගෙන්වනවා. (බ)
සම්පුර්ණයෙන් වැරදි අදහසක් දීලයි මේ සැමරුම වුණත් කරන්නේ. මේවා ත්‍රස්තවාදය කරපු අයගේ (නැවතත් කරන්න) ඉදිරි සැළසුම් (නි)
ඡන්දය තියන්න පිළිතුරු නිසි පියවර අපෙන් (බ)
කොටි සැමරුම් එපා. යුද්ධයෙන් උතුරේ දකුණේ මියගිය රණවිරුවන් ඇතුළු සියලුදෙනා සමරමු. ජාති බේද නවතමු (නි)
රාජිත මංගල එස් බ් ගල්පැලෙන බොරු කියන්නේ ඒක තමයි එයාලගේ ආණ්ඩු පෙරළීමේ රහස (බ)