අම්බලන්ගොඩ ධර්මාශෝක හා දේවානන්ද දෙවිදුහල් වාර්ෂික ක්‍රිකට් තරඟ පැවැත්වෙද්දී ගැටුමක් ඇතිවීමෙන් තරඟය අතර මැද නැවැත්වීමට සිදු විය.
ක්‍රීඩා විනිසුරුගේ තීන්දුවක් සම්බන්ධයෙන් ඇතිවූ මතබේදයක් නිසා ඔහුටද පහරදී ඇතැයි ද ලේ ගලා ගොස් ඇතැයි ද දැනගන්නට ඇත.
උඩ පන්දුවක් රැක ගැක ගත්තැයි නරඹන්නන් කියා සිටියත් එසේ නොවූ බවට විනිසුරු දුන් තීරණයෙන් පසු පිරිසක් පිටියට කඩා වැදී ඇත.
පොලීසිය පැමිණ ගැටුම දුරදිග යා නොදී සාමය රැකීමට පියවර ගත්තේය. අම්බලන්ගොඩ පොලීසියේ සහායට අවට පොලීසිවලින්ද බලෑණි කැඳවුණු ලැබීය.
පහරදීමක් සම්බන්ධයෙන් සැකපිට කිහිප දෙනෙක් ද අත්අඩංගුවට ගනු ලැබූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දකුණ ගැන නම් දැන් කතාකරලා වැඩක් නැහැ. (නි)
ආයුබෝවන්! මෙන්න අම්බලන්ගොඩ. (නි)
විනිසුරුවරු ඔනේ නැහැනේ බලනකොට ප්‍රේක්ෂකයන්ට පුළුවන් විනිශ්චය කරන්න (අ)
දකුනේ අයට අසාදාරනේ පෙන්නන්න බැහැ. ඒකයි ඔහොම හැසිරෙන්නේ.(නදී)
මොනදේ වුනත් පොලිස්සියට බය වෙලා දුවන හැටි දැක්මනම් පොඩි සතුටක් ආවා. ඒ නිළධාරි කීප දෙනාට බයේ කී දෙනෙක් දිව්වද.(නදී)
දැන් දැන් රටේ වෙනදේවල් බැලුවම සුදු වෑන් එක ආයෙත් එවන්න වෙයි වගේ.(නදී)
ක්‍රීඩාවේ විනය පිරිහිලා (දී)
අම්බලන්ගොඩ ඉන්නේ කොහොම මිනිස්සුද කියලා මේකෙන් හොදටම පැහැදිලියි. (නි)
තිලක් එක්ක මාත් එකගයි. හැබැයි තිස් අවුරුදු යුද්දේ ඉවර කළෙත් අම්බලන්ගොඩ පුතෙක්. (නි)
රූපා එන්ගලන්තයේ කෙනෙක්ද? (නි)
ක්‍රිකට් මෙහෙම ක්‍රීඩාවක් නොවෙයි (දී)
කොල්ලෝ උම්නාම ඔහොමතමයි (දී)
අම්බලන්ගොඩ නම් ඉතින් ලොකු පොඩි බේදයක් නැහැ. ගිය තැන උරුලෑව ගියා වගේ තමයි පලාතම ඉවරයි (අ)
මම හිතන්නේ බිග් මැච් එක්කෝ නවත්වන් වෙයි. එහෙම නැත්නම් නරඹන්නන් නැතුව ක්‍රීඩා කළ යුතුයි.(නදී)
ඕක අමිබලන්ගොඩට විතරක් නෙමෙයි. පේනව නේද රටම පිලිගත් ලොකු විදුහල් වලයි පොඩි විදුහල් වලයි විනය නැතිකම.(නදී)
අම්මෝ අම්බලන්ගොඩද? (නි)
ක්‍රීඩාව කියන්නේ ඕකටද (දී)
මිනිස්සු මේ තරම් දරුණු උනේ කොහොමද (දී)
මෙරට බිග් මැච් නැවත්වීමට කාලය ඇවිත්. මෙයාලගෙන් ලංකා ටීම් එකට කට්ටියකුත් පාර්ලිමේන්තුවට කට්ටියකුත් තෝරගන්න.(නදී)
විකාර වැඩ (දී)
ඇත්තටම ක්‍රිකට් කියන්නේ මේකටද (දී)
දකුනේ කියන අය ඔහොම තමා. (නි)
විනිසුරුට ගහන්න අයිතියක් කොහෙද තියෙන්නේ (දී)
දෙවසරකට පාසලේ තරඟ තහනම් කළ යුතුයි. (නි)
මේ ඉති ලංකාවේ පාසල් ක්‍රිකට් නවත්තා ගන්න තමයි හදන්නේ (දී)
ආසියාවේ ආශ්චර්යය! (නි)
නැවත මෙවන් දේ නොවෙන්න වග බලා ගන්න ඕනේ (දී)
තරයේම හෙලා දකිනවා (දී)
මේ දවස් වල වෙන දේවල් දැක්කහම ලංකාවට ක්‍රිකට් ඕනෑ නැහැ කියලා හිතෙනවා. (නි)
නිතිය ක්‍රියාත්මක කරන්න වයස ගැන බලන්න එපා
බලනකොට අල්ලපු රටේ කට්ටියගෙයි අපේ අයගෙයි අතර කිසි වෙනසක් නැහැනේ. (නි)
ක්‍රිකට් වලට ලේ වැගිරීම් අනවශ්‍යයි (දී)
දකුණේ නම් ඉතින් කියන්න දෙයක් නැහැ. තිලක් ගේ කතාව හරියට හරි. (නි)
මෙහෙමත් ක්‍රිකට් (දී)
කොල්ලෝ ඔහොම නැහැ. මේක හැදියාවක් නැති කම (දී)
මේ ක්‍රිකට්ද???
කොල්ලෝ මෙහෙම උනාට ඉස්සර කොල්ලෝ මෙහෙම නැහැ (දී)
දැන් ළමයි ඉස්සර ළමයි වැඩේ නෙවෙයි (දී)
ගිම්හානිට ඊර්ෂ්‍යාව. ඒකනේ මේ. මේවා සාමාන්‍ය දේවල්. (නි)
අයියෝ මෙහෙමත් ළමයි (දී)
අම්බලන්ගොඩ නම් ඉතින් ඕක අහන්නත් දෙයක්ද? (නි)
මෙන්නබ් තියෙනවා නුතන ක්‍රිකට් (දී)
බිග් මැච් තහනම් කිරීමට කාලය හරි වගෙයි. (නි)
ක්‍රිකට් කියන්නේ මහත්තුරුන්ගේ සෙල්ලමක් දැන් ඒක නැති වෙලා (දී)
ලංකාවේ බොහොමයක් විද්වතුන් බිහිවුණේ දකුණේ නේද ? මේවට ඉතින් දකුණෙම කියලා කියන්න එපා. මේවා ඉතින් පාසල් වල විනය ගැන ප්‍රශ්නයක්. (ස)
මෙන්න ක්‍රිකට් (දී)
මේ අපේ උතුම් මාතෘ භූමියයි. බුදු සරණයි! (නි)
මේපාර පාසල් ක්‍රිකට් තරඟ ටිකක් දරුණු උනා නේද (දී)
අනේද කියන්නෙ. විනිසුරුතුමාට ගෙදර යන්න තිබුණේ, ප්‍රේක්ෂකයන්ට විනිශ්චය දෙන්න කියලා. (නි)
තිලක් එක්ක මාත් එකගයි. හැබැයි 111% නෙවෙයි. මොකද තිස් අවුරුදු යුද්දේ ඉවර කලෙත් අමිබලන්ගොඩ පුතෙක් නිසා.(නදී)
කොල්ලෝ ඔහොමතමයි (දී)
දෙයියෝ සාක්කි (දී)
දකුණෙන් අහන්න ලැබෙන්නෙම මෙහෙම පුවත්නේ. (නි)
තෙලේ වැඩිවෙලා. (ස)
මෙයාගේ ත්‍රීඩාව සදා කාලයටම නවත්වන්න තියෙන්නේ. තීරණය හරි වුනත් වැරදි වුනත් පිලිගන්න බැරිනම් මොනතරම් දත්ෂ වුනත් වැඩක් නැහැ.(නදී)
ඔහොම තමයි දකුණෙ අය. (නි)
කවුරු මොනවා කිවුවත් හරිදේ හරියි කියන්නත් අසාධාරනයට එරෙහිව නැගී සිටින්නත් අම්බලන්ගොඩ විතරක් නොවෙයි මුලු දකුණු ලකේ පොඩි එකාගේ ඉදන් වැඩිහිටියන් වෙනකල් ගතියක් තිබුන නිසයි අදටත් මේ ලංකාවම බේරිලා අනෙක් අය ජීවත්වෙලා ඉන්නේ. දකුණෙ අය කාටවත් බය නැහැ. අසාධාරණයට විරුද්ධව නැගී ඉන්නවා. (නි)
අහන්න දෙයක් නැහැ. සාමාන්‍ය දෙයක් නේ.(නදී)
සුළු කොට තකන්න එපා මේ දේවල් (දී)
දකුණේ... දකුණේ .... (නි)
ක්‍රිකට් ගහන්න දන්නේ නැතිනම් නොගහා ඉන්න (දී)
ක්‍රිකට් නවත්වන්න කාලේ ඇවිල්ලා වගෙයි. (නි)
අද රටේ කොහෙන් ඇහුණත් අපරාධයක් නැත්තම් ප්‍රචණ්ඩ ක්‍රියාවක්. ඔහොම යමු ශ්‍රී ලංකා. ගිහිල්ලම බලමු. (නි)
අද සමාජයේ සාධාරණය සහ විනය හොදටම පිරිහිලා. (නි)
ඔන්න දැන් කාලේ වැඩ (දී)
වහාම ලංකාවේ පාසල් ක්‍රිකට් නවත්වන්න (දී)
ළමයි කියලා සමාව දෙන්න එපා (දී)