කොටදෙනියාවේ දැරියගේ ඝාතනයට සැකපිට පොලිසිය තවත් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව මාධ්‍ය වාර්තා කළ බවත්, එසේ නම් පාසල් සිසුවාට ඊට සම්බන්ධ ද නැද්ද යන්න ගැන පොලිසිය ප්‍රකාශයක් කළ යුතු බවත් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කියයි.
මිය ගිය දැරියගේ ඝාතනයේ සැකකරුවන් සොයන මුවාවෙන් පොලිසිය නොමළ දරුවකු ද මළ දරුවකුගේ තත්ත්වයට පත් කිරීමට උත්සාහ කර තිබෙන බව ද, සිසුවා ගැන විවිධ තොරතුරු කියාපාමින් ඔහු ගැන වැරදි මතයක් සමාජයේ ඇති කිරීමට උත්සාහ කර ඇති බව ද, පොලිසියේ ක්‍රියාකලාපය හෙළා දකින බව ද ස්ටාලින් මහතා පවසයි.
මේ ගැන කළ විමසීමේ දී පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියන්ත ජයකොඩි මහතා කීවේ වෛද්‍ය වාර්තා ආ පසු ඔහු සම්බන්ධයෙන් පියවරක් ගන්නා බවයි. සිසුවා සැකපිට ගැනීමට හේතුව කුමක්දැයි ඇසූ විට පොලිස් මාධ්‍ය ප්‍රකාශක කීවේ ඔහුගේ ලැප්ටොප් පරිගණකයේ අසභ්‍ය දර්ශන තිබූ බවයි. අසභ්‍ය දර්ශන ලැප්ටොප් පරිගණකයේ තිබීම හා කොටදෙනියාව දැරියගේ ඝාතනය අතර සම්බන්ධය කුමක්දැයි ඇසූ විට පොලිස් මාධ්‍ය ප්‍රකාශක කීවේ සැකයක් මතු වූ විට අත්අඩංගුවට ගැනීමේ හැකියාව පොලිසියට තබෙන බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තල් අත්තකට බෙලි ගෙඩියක් වැටුන විට හාවෙක් ලෝකේ පෙරළෙනවා කියල දිව්වලු. අනික් මෝඩයිනුත් ඒක පිලි අරගන දිව්වලු, අන්තිමට සිංහයෙක් තමයි මොකක්ද වුණෙ කියල තේරුම් අරගෙන අනෙක් සත්තුන්ට ඇත්ත කියල දීල තියෙන්නේ. පස්සේ අනික් සත්තු හිතුවලු අපි තරම් මෝඩයෝ කියල. නිරපරාදේ අවුරුදු 17 ක පාසල් ශිෂ්‍යයාට බනිනකොට හොමෝම එකතුවෙලා කිව්වා මූව මරලත් මදි කියල. දැන් පසු තැවෙනවා. යමක් තීරණය කරන්න ප්‍රකාශ කරන්න කලින් බුද්ධියට තැනක් දෙන්න. මෙය පාඩමක් කරගන්න. අපේ පොඩි මෝඩ වැඩක් රටක් විනාශ කරන්න පුළුවන් (අ)
බරපතල කාරණයක් (ම)
මේ සිසුවා වරදක් කරලා නෑ.. පොලීසිය ඇගබේරාගන්න මොහුව අත් අඩංගුවට අරගෙන වරද පිලිගන්න බල කරමින් පහරදීලා තියෙනවා...(ම)
මේ සිදුවීමේදී ඇතැම් විද්‍යුත් මාධ්‍ය වල හැසිරීම අගය කළ නොහැක.මුලින්ම ඔවුන්ගේ කැමරා යොමු වුනේ දැරියගේ පවුලේ අය දෙසයි.ඉඟි පලකලේද ඔවුන් මෙයට සම්බන්ධ විදියටයි. ජනතාවද දොස් පවරමින් සිටියේ ඔවුන්ටමයි.මෙම විද්‍යුත් මාධ්‍ය වලට අවශ්‍ය වුනේ 'ප්‍රථම පුවත' අප නාලිකාවෙන් ප්‍රචාරය කළ බව පැවසීම පමණයි....දැන් මේ පරීක්ෂණය යොමුවෙමින් පවතින්නේ වෙනත් දිසාවකට බව පෙනෙනවා.විද්‍යුත් මාධ්‍යය පොලිසියේ වැඩේ කිරීමට යාමෙන්, නිසි අයුරින් ඔවුන්ටද විමර්ශන කටයුතු වලදී නොමග යැවීම බාධා කිරීම් වලට මුහුණ දීමට ඇතැම් විට සිදු වෙන්නට පිළිවන්. (බ)
සාමාන්‍ය පෙළවත් සමත් නැති පොලිසියේ රහස් පරික්සකයෝ දන්නා උපරිමය ඕක තමයි. උගත් බුද්ධිමත් අය ඉන්න ඕන රටක පැවැත්මට...(බ)
සේයා දියණියට වූ අපරාධය තරම්ම විශාල අපරාධයක් පාසල් ශිෂ්‍යාට සිදුව ඇත. ඔහුගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමටත්, ඔහුගේ මානසික හා සමාජීය ජීවිතය ආරක්ෂාකිරීමටත් ජනතාව උද්යෝගිමත්ව මැදිහත්විය යුතුය. ඔලමොට්ටල පොලිස් නිළධාරීන් සේවයයෙන් පන්නා දැමිය යුතුය. ඔහුන්ගෙන් පොද්ගලිකව හා රජය එම දරුවාට විශාල වන්දි මුදලක් ගෙවිය යුතුය. ඒ සඳහා ජනතාව බලපෑම්කළ යුතුය. ගුරුවරු, ගම්වැසියන් මෙන්ම ප්‍රජා සංවිධාන ඔහුව සවිබලගැන්වීමට මැදිහත්විය යුතුය. (බ)
අධ්‍යාපන ඇමතිතුමනි, මෙය ඔබගේද වගකීමකි. පාසල් සිසුවෙක්ව අත් අඩංගුවට ගැනීමේදී තිබෙන ක්‍රම සහ විධි මොනවාද? වයස 18 අඩු නම් ළමා කටයුතු ඇමතිනියට තිබෙන වගකීම් මොනවාද? ළමයාගේ අසභ්‍ය දර්ශන බැලීම වෙනම සොයන්න, අත් අඩංගුවට ගැනීම වෙනම සොයන්න. (බ)
ලැප් ටොප් පරිඝනකයේ අසභ්‍ය දෑ තිබු පමණින් 17 හැවිරිදි සිසුවා සැකකාරයෙක් කළ හැකිද ? අතීතයේ වෙනත් අයෙක් මේ පරිගනකයේ අයිති වී තිබුණා නම් මේ සිසුවා සැබෑ අසරණයෙකි.මේ සිසුවාටද ජනතාවගේ අනුකම්පාව ලැබිය යුතුයි යන්න මගේ අදහසයි.(ම)
දැන්නම් පොලිසිය ගැන අපේ කිසිම පැහැදීමක් නැහැ (නි)
ඇත්තටම මේ පාර නියම අපරාධකරු අල්ලාගෙන නම් හොදයි , අපරාධ වාර්තාකරණයේදී මාධ්‍ය සමාජතලය නිවැරදි මගකට යොමු කළ හැකි වාර්තාකරණයක යෙදේනම් කොච්චර වටිනවද (බ)
'පීඩනය තිබු පමණින් යමක් නොකළ යුතුය..ඉවසීමෙන් කළ යුතු වන්නේ නිවැරදි දෙයමය.'මේ සිසුවාට මෙන්ම අත්අඩංගුවට ගත් අනෙක් එක් දරු පියාට සහ ඔවුන්ගේ පවුල් වල අයවලුන් ලද මානසික වේදනා අපට තේරුම් ගත හැක.(ම)
කෝ අර දැරිය වෙනුවෙන් පෙළපාලි ගිය අය මේ පාසැල් දරුවට ..?ලංකාවේ කුහක සමාජ ක්‍රමය වෙනස් කිරීමට දායක වීම සියලු දෙනාගේ පළමු වගකීම විය යුතුය . පොලීසියේ වැඩ ගැන නම් ඉතින් කියල වැඩක් නෑ කියමුකෝ...පොලිස් කොමිසන් ටික අහපුවහමවත් මේ දේවල් හැදේද බලමු ? (බ)
මාධ්‍ය වගකියන්න ඕන මේවට (බ)
එම දරුවාට සාධාරණය ඉටු විය යුතුමයි. ලැප් ටොප් පරිඝනකයේ හෝ දුරකතනයේ අසැබි දේ තිබුන බව මේකට දෙන එකම සාක්ෂිය නම් අද ලංකාවේ තරුණ කොටස් වලින් 95% ස්ත්‍රී දුෂකයන් විය යුතුයි. ඔහු අත්අඩංගුවට ගත් වෙලාවේ දුන් ප්‍රචාරය ඔහු නිවැරදි වුන වෙලාවෙත් මාධ්‍ය මගින් දිය යුතුමයි. නැතිනම් එය ඔහුගේ අනාගතයට දැඩි බලපෑමක් ති කරනවා නියතයි. (බ)
ඉහත කරුණු දැක්වීම් සියල්ලක්ම නිවැරදියි. ඒ අනුව මෙවැනි සංවේදී පරීක්ෂණ සම්බන්ධයෙන් හා එහි ප්‍රගති වාර්තා හා කරුණු දැක්වීම් වලදී සියලු මාධ්‍ය පාලනයකට යටත් කළ යුතුයි (බ)
පූර්ව නිගමනවල රැඳී සිටිමින් මාධ්‍ය පෙරකදොරුවන් සහ පොලිසිය සේයා දියණිය අලෙවි කිරීමෙන් පාසල් දරුවාට යම් අසාධාරණයක් සිදුවීනම් එය නිවැරිදි කිරීමේ වගකීම භාර ගන්නේ කවුරුන්ද? යම් අපරාධයක් සොයා බැලීමේදී සැබෑ අපරාධකරුවන් සොයා ගන්නා තෙක් මාධ්‍ය ප්‍රවේශමෙන් කටයුතු කළයුතු බවට මේ හොඳ නිදසුනක්. (බ)
ගමේ චාටර් වෙන්නේ නැතුව හොද වැදගත් විදිහට ඉන්න එකේ තියෙන වටිනා කම දැන් තමා තේරෙන්නේ. නිකන් අතන මෙතන රස්තියාදු වෙන් නැතුව තමන්ගේ වැඩක් බලාගෙන ගෙදෙට්ට වෙලා හිටිය නං ඉවරනේ. අවුරුදු 17 නං පාඩම් කරන්නත් ඇතිනේ ගොඩක්. මල්ලි දැන් වත් ගමේ රස්තියාදු වෙන්නේ නැතුව මහන්සි වෙලා පාඩන් කරලා කැම්පස් යන්න. තමන්ගේ ආත්ම ගරුත්වය ගොඩ නගා ගන්න. (බ)
ලංකාවේ පොලිසිය පරීක්ෂණ කරනකොට තොරතුරු ඔක්කොම එලියට දානවා. එ්ක හරිද? පරීක්ෂණ ඉවරවෙනකල් කටයි පස්ස පැත්තයි වහගෙන වැඩේ කරගන යන්න එපයි. මාධ්‍ය සංදර්ශන. මේකට ඉක්මනට වාරණයක් අවශ්‍යයි. කිසිම සැකකරුවෙකු පිළිබඳව කිසිම තොරතුරක් අන්තිම දක්වා ප්‍රචාරය නොකරන්න (බ)
මීට දින කිහිපයකට පෙර පියාට දරුණු ලෙස චෝදනා කළා, අම්මටත් කිව්වා මේ දරුවා තාත්තගේ නෙවේ කියල, මාධ්‍යයි බොර දියේ මාළු බාන ගමේ ඉන්න ශුද්දවන්තයෝ ටිිකයි එකතු වෙලා දෙමව්පියන්ට දරුවාගේ වලට පස් ටික දාන්න බැරිවෙන්න වැඩේ කළා, දැන් අවුරුදු 17 ළමයෙකු අල්ලාගෙන ඔහු ගැන, ඔහුගේ හැසිරීම ගැන, කොම්පුයුටරේ තිබුණු නිල් චිත්‍රපට ගැන, රාත්‍රී දුරාචාරය ගැන බ්ලු එකක් ඇහැට දැක නැති හවස හය වෙද්දී ගෙදර ඇවිත් දොර වහගන්න තමන්ගේ දරුවන්ට සෝවාන් වෙන්න මග පෙන්නවන අපේ ජනතාව හා බුදු වෙන්න පෙරුම් පුරන ප්‍රවෘත්තිකාරයෝ ටිකයි සාකච්ඡා පවත්වනවා. මේ ළමයාගේ අම්ම ගැන කථා කළේ ලංකාවේ ඉන්න කාලකන්නිම අම්ම විදියට. මේ රටේ තරම් කුහක මිනිස්සු මේ ලෝකේ කොහෙවත් නැහැ. කරන්න තියෙන ජඩ වැඩ ඔක්කොම කරලා සමාජය ඉස්සරහ පොර ටෝක් දෙන්න පට්ට හැකියාවක් තියෙන්නේ. හැදියාව රෙද්ද පල්ලෙන් බේරෙනවා (බ)
මේයට නඩු කියන්න තමුන් වරදක් කර නැතිනම් තමුන්ගේ මානව අයිතිවාසිකමක් (ම)
කාමය රාගය තුළ කිසිම වරදක් නැත. එය ඉතාම ස්වභාවික වන අතර නිරෝගී කෙනෙක් තුළ අත්‍යවශ්‍යයෙන් ඇති ගුණාංගයකි. මිනිසුන් තුළ පමණක් නොව වෙනත් සතුන් අතරද මෙය එසේම වෙයි. වැරැද්ද මෙය අනෙකුකේ අයහපත සඳහා යෙදෙන විටය. මෙවැනි දේ දමනය කර ගැනීම උසස් මිනිස් ගතියකි. දමනය කර ගැනීමට දරුවන් සහ තරුණයන් යොමුකිරීමට හැකිවන්නේද උසස් සමාජයකටය. අපි හොඳ පිරිසිදු යැයි බෝඩ් ගසාගෙන මේවා විසඳීමට යාම අනුවණකමකි. ඊට වඩා තැන්පත් ගැඹුරු වැදගත් මානසිකත්වයක් මේ කාරණයේදී අත්‍යවශ්‍යය. (නි)
මේ සිසුවාට අසාධාරණයක් සිදුවී ඇත්නම් එය පොලිසිය විසින්ම නිවැරදි කළ යුතුයි .(ම)
මාලි විශ්ව විද්‍යාලේ ගිහින් නම් වැඩක් නෑ (බ)
මෙම සිදුවීමේදී මාධ්‍ය සහ පොලිසිය වගකීමකින් තොරව කල ක්‍රියා කල ආකාරය හෙළ දකිමි. බොහෝ විට අද පවතින මාධ්‍ය තරගකාරීත්වය හමුවේ සමහර මාධ්‍ය ඕනෑම දෙයක් උලුප්පා දැක්වීමට පෙළඹෙති. මුලින්ම දුවගේ පියාගේ ඉතිහාසය රටට කියා පා ඔහු සමාජයට මුහුණ දීමට නොහැකි තත්වයක් ඇති කරා. දෙවනුව පාසල් සිසුවාගේ පරිගණකය ගැන ලොවට කියා ඔහුව වැරදි කරුවකු කරා. ඔය පරිගණකය පරික්ෂා කළ පොලිසියේ මහත්වරුන්ගේ පුද්ගලික ජීවිතය හෝ පරිගණක පරික්ෂා කළොත් ඔයිට වඩා අසැබ් දේ ඕනා තරම් ඇති. (බ)
මේ සිසුවාට සිදුවූ දේ ගැන ඇත්තෙන්ම මට ඇත්තේ කණගාටුවක් (නි)
දැන් බොරුවට මාධ්‍යයට බැන්නාට මෙයාල කලින් මෙහෙම කිව්වේ නැහැනේ (බ)
ඔහුගේ මානසිකත්වය කෙසේද අපි සැවොම දනී .මෙය නැවත ප්‍රකෘති තත්වයට ගෙන ඒමට එක පියවරක් හැටියට ඔහුගේ පාසල් සිසු සිසුවියන් ඔහුගේ නිවසට ගොස් ඔවුන් ඔහු සමග ටික වෙලාවක් සිටියොත් නේද හොද. එයින් ඔවුන් ඔහු සමග ඉන්නවා යන හැගීම ඔහුට ඇතිකළ යුතුයි. පුළුවන් කෙනෙක් සිටිනම් ඔහුගේ පාසල් දරුවන් දැනුවත් කරන්න. (බ)
ලංකාවේ පොලීසිය දැන් ක්‍රියාත්ම කරන්නේ කවුරු දෙන නියෝගද කියල හිතාගන්න බෑ. මේ මහත්තුරු තේරුම් ගන්න ඕන මේක නිකන්ම උදේ ගිහින් හවස එන රස්සාවක් නොවන බව.(අ)
පොලිසිය මේ ප්‍රකාශය ගැන ඔහු ලජ්ජා විය යුතුයි. ලැප් ටොප් එකක අසභ්‍ය පින්තුර තිබීම මිනිමරුමකට සැකකරුවෙකු විය හැකිනම් එම ප්‍රදේශයේ භාගයකට වැඩි පාසල් ළමුන් සහ වැඩිහිට්යන් දැනට සිිටිය යුත්තේ රිමාන්ඩ් බන්ධනාගාරයේය. එම දරුවා නිවැරදිනම් පොලිස් දෙපර්ටමේන්තුව එම සිසුවාගෙන්, දෙමවුපියන්ගෙන් සහ සමස්ත පාසල් සිසුල්ගෙන් සමාව අැයදිය යුතුයි. (අ)
මේකට මානව හිමිකම් කොමිසමට ගිහිල්ල හයිබ්‍රිඩ් උසාවියට දාලා සිසුවාට ලක්ෂ 500 ක් වන්දි මුදලක් ලබාදෙන්න. සිසුවාට සිදුවූ අපහාසයට (අ)
ළමයින්ට අාදරේට ලැප් ටොප් සමග ඉ/නෙට් දීම වඳුරට දැලි පිහිදීම හා සමානයි ඉ/නෙට් දෙනවනම් ,මාපිය අධීක්ෂණය යටතේ පමණක් දිය යුතුයි .මන්ද ඉ/නෙට් අද හුඟක් පාවිච්චි වන්නේ කාම රාගය වඩවන්න. (බ)
පොලිසියට කළුපැල්ලමක් මේ සිදුවීම. අපරාධ සම්බන්ධයෙන් පොලිසිය මීට වඩා සැලකිලිමත් නොවිමෙන් සිදුවන අසාධාරණකම් මතුවට සිදුනොවිය යුතුයි. (බ)
ලංකාවේ පොලිසියේ ඉන්න සමහරු පොලිසියට තියා කම්කරු තනතුරකටවත් සුදුසුද කියල මේ කරපු දෙයින් පැහැදිලි වෙනවා. දරුවා ඔබ කෙසේ හෝ මේ පොලිස් නිලදරින්ට විරුද්දව නිතිය ඉදිරියට යන්න. මානව හිමිකම් කොමිසමටද පමිණිලි කරන්න . (අ)
උගුර ලේ රහ වෙනකම් බොරුවට පාරවල් වල කෑ ගහපු අය කෝ ගොයියෝ.මෙයත් ඉස්කෝලේ යන වයසේ දරුවෙක්නේ. කෑ ගහන්ඩ කවුරුත් නැද්දෝ මේ ළමය බේරගන්ඩ. මේ ළමයට තම පන තියෙනවා.(අ)
අපේ රටේ පොලිසිය පිස්සු කෙළපු තව අවස්ථාවක්. අත්ඩංගුවට අරගෙන වැරදිද නැද්ද කියලා හරියට ම නොසොයා ප්‍රසිද්ධ කරන්න තරම් පොලිසිය අනුවනකම් කරපු අවස්ථා බොහෝමයි. නීතියට හෙන ගැහුවම නීති පොතේ පිට කවරය හොයලා වැඩක් තියෙනවාද ? (අ)