(පුෂ්පකුමාර ජයරත්න)
පවතින කොට්ඨාස අධ්‍යාපන ක්‍රමය අහෝසිකර ඒ වෙනුවට කලාප අධ්‍යාපන කාර්යාල ක්‍රමය පමණක් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අද (8) පැවති කුරුණෑගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී ප්‍රකාශ කළේය. ඒ අනුව මේ වන විට දිවයින පුරා ක්‍රියාත්මක කලාප අධ්‍යාපන කාර්යාල 98 ක සංඛ්‍යාව 200 දක්වා ඉහළ දැමීමට තමන් යෝජනා කර ඇති බව අධ්‍යාපන ඇමතිවරයා පැවසීය.
රටපුරා ක්‍රියාත්මක වන කොට්ඨාස අධ්‍යාපන කාර්යාල වලින් බලාපොරොත්තු වන ආකාරයේ සේවාවක් ඉටු නොවන බවද, අධ්‍යාපන සේවයේ බොහෝ කාර්යයන් ඉෂ්ඨ වන්නේ කලාප අධ්‍යාපන කාර්යාල මඟින් නිසා මේ ආකාරයට කොට්ඨාස අධ්‍යාපන කාර්යාල පවත්වාගෙන යාමේ තේරුමක් නැති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනදේ ගෙනාවත් වැඩක් නෑ අද්යාපනය කියන්නේ මොකක්ද කියල වටහා ගන්නැති සමාජ අද්යාපනයක් නැති දෙමව්පියෝ ඉන්නකන් අද්යාපනය කියන්නේ සංයමයකින් කලයුතු දෙයක් අදිවේගයෙන් නොකළ යුතුයි.කොහොම කෙරුවත් බල්ලා නැව්ව වගේ තමයි
මටනම් පෙන්නේ ඔබතුම ආචාර්ය උපාධි අරන් තියෙන්නේ අටුවා කඩල පුටුව හදන විදිය පිලිබඳ අද්යයනය කරලා වගේ?
එයටම අනුව බලා අධ්‍යාපනයේ සියලු විධායක තීරණ ගනු ලබන්නේ අධ්‍යාපන අමාත්‍යංශය බැවින් අධ්‍යාපන අමාත්‍යංශ 200 ඇති කලොත් මොකද
අපේ රටනම් පුදුම රටක්.... මේවගේ ඇමතිවරු ඉන්න රටක අපි කැපුවත් කොළපාට, අනෙක් අය අපි කැපුවත් නිල්පාට කිය කියා ඉන්න. රට අද අගාධයෙන් අගාධයට වැටිලා ඉවරයි...