(තරිඳු ජයවර්ධන)
කොට්ටාව ධර්මපාල විද්‍යාලයට අලුතින් පත් කළ විදුහල්පතිවරයා අද (17) වැඩ බාර ගැනීමට පැමිණීමත් සමඟ පාසලේ නොසන්සුන්තාවක් ඇති විය. එම නොසස්සුන්තාව පාලනය කිරීමට පොලිසිය කැඳවීමට සිදුවූ බව ජයවර්ධනපුර කලාප අධ්‍යාපන කාර්යාලයයේ ආරංචි මාර්ග කියයි.
පාසලේ විදුහල්පති පුරප්පාඩුව පිරවීමට පැවැත්වූ සමූඛ පරීක්ෂණයෙන් පළමු වැනියා වූ නිලධාරියා කපා දමා දෙවැනියා වූ නිලධාරියා පත් කළැයි කියමින් කොට්ටාව ධර්මපාල විද්‍යාලයයේ සිසුහු පිරිසක් හා දෙමාපියෝ පිරිසක් විරෝධතා දැක්වූහ.
මීට සතියකට පමණ පෙර ද මෙම විදුහල්පතිවරයා වැඩ බාර ගැනීමට එතියි ලද තොරතුරු අනුව සිසුහු සහ දෙමාපියෝ විරෝධය පළ කළහ.නව විදුහල්පතිවරයා රාජකාරි ආරම්භ කිරීමෙන් පසු ඔහු පාසලෙන් පිටව ගිය බව කලාප අධ්‍යාපන කාර්යාලයයේ උසස් නිලධාරියෙක් පැවසීය.
මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ලංකා ගුරු සංගමය කියනුයේ විදුහල්පතිවරයකු තෝරා ගැනීම සඳහා පැවැති සමූඛ පරීක්ෂණය දේශපාලන බලපෑම් මත සිදු වූ බවයි. මේ ගැන පසුගිය 13 වැනි දා බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාට දැනුම් දුන් බව ද, වැඩ බලන විදුහල්පති ලෙස කටයුතු කළ අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරියා තාවකාලිකව එම විදුහලේ විදුහල්පති ලෙස පත් කිරීමට ආණ්ඩුකාරවරයා එකඟ වූ බව ද ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කියයි. එසේ තිබියදී වෙනත් පුද්ගලයකු විදුහල්පති ලෙස පත් කර ඇතැයි ඔහු සඳහන් කරයි
කොට්ටාව ධර්මපාල විද්‍යාලයයේ විදුහල්පති පත් කරද්දී දේශපාලන මැදිහත්වීමක් කළ බවට නැගෙන චෝදනා සම්බන්ධයෙන් බස්නාහිර පළාත් මහ ඇමැති ඉසුර දේවප්‍රිය මහතාගෙන් කළ විමසීමක දී ඔහු කීවේ ඒ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි.නව විදුහල්පතිවරයා තමාගේ කිසිවකු නොවන බවත්, ඔහු උපාධි හතරක් ඇති උගතකු බවත් කී දේවප්‍රිය මහතා ඔහු නීත්‍යනුකූලව වැඩ කරන විදුහල්පතිවරයකු බව ද සඳහන් කළේය. නව විදුහල්පතිට එරෙහි උසිගැන්වීම් පිටුපස දේශපාලන බලවේග මෙන්ම හිටපු විදුහල්පතිවරයකු සහ කැපුණු විදුහල්පතිවරයකුද සිටිය හැකි බව ද මහ ඇමැතිවරයා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වසර කීපයකට පෙරනම් විදුහල්පතිවරයෙක් එනකොටම කිසිවෙක් විරුද්ද වන්නේ නැහැ. ආවට පසු හොඳ නැත්නම් අදක්ෂ නම් තමයි විරෝදතා එන්නේ.
සම්මුක පරීක්ෂණයකින් පළවෙනිය තෝරනවා කියල ඇහුවමයි . මේක කාටහරි කඩේයන අයගේ උසි ගැන්වීමක් වගෙයි
එන්න පෙරම ඔහු ගැන දන්නවනම්, හොඳ නැත්නම්, එන්න පෙර විරුද්ධ වෙන එක තමයි හොඳ. මට ආරංචි විදිහට මහරගම පැත්තේ කුඩා ඉස්කෝලෙකින් මෙයා එන්නේ. එයාට ඒ ඉස්කෝලෙවත් පාලනය කරගන්න බැරුව ඉඳල තියෙන්නේ. කොට්ටාව ධර්මපාලය වගේ ළමයි ගොඩක් ඉන්න පාසලකට මෙයාට වඩා සුදුසු කෙනෙක් ඕන. වැඩ බලන විදුහල්පති ලෙස කටයුතු කළ අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරියා ඉතා හොඳින් කටයුතු කර ඇත. ඔහුගේ සේවය දිගටම ලැබෙන්නේ නම් ඉතා අගනේය.
ගුරුන්නාන්සේලා ටික ළමයි ටිකත් උසි ගන්න ගෙන ධර්මපාලය වනසන්න හදනවා වගෙයි.