පසුගිය බ්‍රහස්පතින්දා කෝට්ටේ නගරාධිපති ජානක රණවක හා විපක්ෂ නායක සුගත් අප්පුහාමි අතර ඇතිවූ ගැටුමකින් පසු රිමාන්ඩ් භාරයට පත් කළ ඔවුන් දෙදෙනා අද(11) රුපියල් 10,000 ක මුදල් ඇප හා රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නියෝග කළේය.
තනිවම උද්ඝෝෂණයක් සිදුකරමින් සිටියදී නගරාධිපතිවරයා තමාව බිමට ඇද දමා පහරදුන් බවට විපක්ෂ නායක අප්පුහාමි මහතා පැවසීය. විපක්ෂ නායක සුගත් අප්පුහාමිද තමාට ඒ අවස්ථාවේදී පහරදුන්නැයි නගරාධිපතිවරයාද පැමිණිල්ලක් දමා තිබුණි.
ඡායාරූප හා වීඩියෝ - රොමේෂ් ධනුෂ්ක සිල්වා




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුද කාටද ගැහුවෙය් කියල අපි දැක්ක, (අ)