(රංජිත් රාජපක්‍ෂ )
හැටන් කොටගල මේෆිල්ඩ් වතුයායේ තේ කර්මාන්ත ශාලාවක ගින්නක් හටගෙන ඇති බව දිඹුල පොලිසිය පවසයි.
අද (02) අලූයම කර්මාන්ත ශාලාවේ තේ වේලන බොයිලේරුවේ (ලිප) මෙම ගින්න හටගෙන ඇති බව දිඹුල පොලිසිය කියයි.
ගින්නෙන් එම කර්මාන්ත ශාලාවේ ගබඩා කර තිබු නිමි තේවලින් කොටසක් විනාශ වි ඇති අතර පැතිරි ගිය ගින්න වතුකම්කරුවන් එක්ව මේ වන විට පාලනය කර තිබේ.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වි නොමැති අතර ගින්නෙන් සිදුවු අලාභයද මෙතෙක් තක්සේරු කර නැත.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd