ජාතික කෞතුකාගාරයේ ජාතික උරුමය සොරාගත් කොල්ලකරුවන් වහා නීතිය හමුවට පමුණුවන්නැයි ඉල්ලමින් ජාතික හෙළ උරුමය සංවිධානය කළ විරෝධතා පෙළපාළියක් ‘නෙළුම් පොකුණ‘ කලා රඟහල අසල සිට ජාතික කෞතුකාගාරය දක්වා අද පැවැත්විණි. ඉපැරැණි කඩු, බඳ පටි, කාසි හා බස්තම් මිටි ආදිය සොරාගෙන තිබිණි. ධාරානිපාත වර්ෂාව පවා නොතකමින් හෙළ උරුමයේ පූජ්‍ය පක්ෂයේ හා ගිහි සාමාජිකයෝ මෙම අවස්ථාවට එක් වූහ. පක්ෂයේ නායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් මාධ්‍ය අමතමින් පැවැසුවේ මෙය සැලසුම් සහගත සොරකමක් බවට පෙනී යන බවත් මෙයට රජයේ ඇතැම් බලතුන්ගේ සම්බන්ධයක් තිබේ දැයි සැක පහළ වී ඇති හෙයින් රජය මේ ගැන වහා පරීක්ෂණයක් කළයුතු යැයි ද ඒ හිමියෝ කීහ.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජාතික අනන්‍යතාවය රැදී තියෙන්නේ ඔය වගේ මිළ කළ නොහැකි සම්පත් රැක ගත්තොත් විතරයි
ලංකාවේ බුද්ධි අංශ නිලධාරීන් දක්ෂයි. කොහොම හරි හොරු අල්ලන්න ඕනි
මිනී මැරැමක්...හොරකමක්...පගා ගැහිල්ලක්...ඹිනම ඡඩවැඞක කෙලවරේ ඉන්නෙ කවුද කියලා අපි දන්නවා
කොළඹ කියන්නේ ලංකාවේ ආරක්ෂාව අතින් ඉහළම ස්ථානයක් ලැබෙන තැනක්.ඒත් හොරකම්, අතුරුදහන්වීම් වැඩිපුරම වෙන්නේ කොළඹ නේද? ඒ කියන්නේ කොළඹ ආරක්ෂාවක් නෑ කියන එකද?
මෙච්චර බඩු තොගයක් කොහොම අරන් ගියාද දන්නේ නෑ.
කෞතුක වස්තුන් සොරකන් කිරීම ජාතික මහා අපරාදයක්. මේ සොරකම වෙලා දැන් මාස කීපයක් ගත උනත් තවමත් හොරු ගැන කිසිම කෙනෙක් සොයා ගෙන නැහැ. හරිම පුදුම කාරණාවක් ...
ඔය බඩු තොගය මොකේද ගෙනිහින් තියෙන්නේ?
මෙච්චර බඩු තොගයක් කොහොම අරන් ගියාද දන්නේ නෑ.? ඔය බඩු තොගය මොකේද ගෙනිහින් තියෙන්නේ?
කහ වත්තේ ප්‍රශ්නෙදි වගේ මේකෙදිත් මහ ජනතාව පාරට බහීද දන්නේ නෑ
රටේ ජාතික උරුමයන් රැකීම කාගේත් වගකීමයි.
විරෝධය කරන්න ඕනි නම් ජාතියට වින කරන අය අඩු කරන්න කියලා විරෝධය කරන්න. නැත්නම් තීරුබදු රහිත වාහන ගෙන්වන්න කියලා විරෝධය කරන්න. පොලිසිය කොහොමද හොරු අල්ලන්නේ කිසිම හෝඩුවාවක් නැතුව?