කොළඹ කෞතුකාගාරයේ සිංහාසන මන්දිරයට ඉහළින් රෙදිපිළි හා මැටි භාණ්ඩ ප්‍රදර්ශන කුටියේ දොර කැඩීයැයි කියන සිද්ධිය ගැන සෙවීමට රජයේ රස පරීක්ෂක ද පොලිස් සුනඛයන් ද යැවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
එහෙත් සැකකරුවකු අල්ලා ගත නොහැකි විය.
වැඩ බලන අධ්‍යක්ෂිකා සනුජා කස්තුරිආරච්චි මහත්මිය පවසා ඇත්තේ එහි භාණ්ඩවල අඩුවක් නැති බවයි.
මේ දිනවල කටුගෙයි අලුත්වැඩියාවක් ද කරගෙන යයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉව කරන්න බැරි සුනඛයෝ යවලා වැඩක් තියෙනවාද? (හේ)
කටුගේ කැඩුවොත් කපු එකෙක් නැහැ . තව කන්ගැට්ටෙක් නැද්ද හොයාගන්න බිල්ලට දාන්න. (අ)
තව කන්ගැට්ටෙක් නැද්ද හොයාගන්න බිල්ලට දාන්න.(හේ)
කොළඹ කෞතුකාගාරයේ තිබුන රාජසිංහ රජතුමාගේ කඩුවත් ගිල්ල එකේ, ඕකේ තියන අනිත් බඩු ගැන කවර කතාද? මම නම් හිතන්නේ පොලිස් සුනඛයා සැක කාරයින්ගේ පැත්තට යන්න ටිකක් බය වෙන්න ඇති.(අ)
දන්න කියන කෙනෙක්ම ඔය කටු ගෙට පනින්න ඇත්තේ.(හේ)
ෂුවර් එකටම මේක නම් කරලා තියෙන්නේ කන්ගැට්ටා නොවෙයි. මොකද ගන්න හදලා තියෙන්නේ මැටි භාණ්ඩ. අන්න රන් කඩුවක් හරි සිංහාසනය හරි තිබෙන තැනක දොර ඇරලා තියනවා නම් කන්ගැට්ටා ගැන සැකහිතන්න තිබුනා අපිට. (නි)
ඔය කටුගෙයි බඩු තවම තියෙනවාද ? (හේ)
දන්න කවුරු හරි කියනවාද මීට කලින් කටුගෙයි කැඩුව සිද්ධියට අන්තිමට මොකද වුනේ කියලා.(හේ)
දන්න කව්රු හරි කියනවද මීට කලින් කටුගෙයි කැඩුව සිද්දියට අන්තිමට මොකද වුණේ කියල
එහෙනම් හොඳයි (නි)
කන්ගැට්ට එළියේද ඉන්නේ. මේවට ඉතින් හිනා වෙන්න ඕන කොහෙන්ද මන්ද. අපිට තේරෙන්නේ නැ. (අ)
පොලිස් සුනඛයාට බොරුකරන්න අමාරුයි (නි)
අනේ! කන්ගැට්ටාට කවුරුවත් නිකරුනේ බනින්න එපා. පවු! (නි)
බඩු ටික හරියට තිබෙනවාද කියලා බලන්න කවුරුහරි කඩලා පරීක්ෂා කළාද දන්නෙ නැහැනේ (නි)
තිබුනේ මොනවද කියලාවත් හරියට දන්නවද? (නදී)
බඩු අරගෙන ගිහින් නැත්තේ මේක පුහුණුවීමක්ද දන්නෙ නැහැ. කාටද දන්නේ නැහැ සිංහාසනයේ ඉඳගන්න අවශ්‍ය වෙලා තියෙන්නේ. (නි)
දේශප්‍රේමිත්වය වැඩිකමටද මන්දා මේ තරම්ම අපේ පැරණි රජවරුන්ගේ බඩු වලට කැමති? (නි)
ඔව්, නිකන් ආසාවට කඩන්න ඇත්තේ.අනේද කියන්නේ.(හේ)
බල්ල පගාව අරන්. (අ)
එතකොට දැන් තියෙන්නේ ඉමිටේෂන් සිංහාසනයක් ද ? (හේ)