IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


කොටකෙතන 18 වැනි බිල්ලත් ගනී ?

කහවත්ත කොටකෙතන රටේ ප‍්‍රසිද්ධ වුයේ වැඩිහිටි කාන්තාවන් අතුරුදන්වී ඝාතනය විමේ සිද්ධි සමගය. වසර දෙකක නහැඩියාවෙන් පසු කොටකෙතන ගමේ කාන්තා ඝාතනයන් සහ අතුරුදන්විම් ගැන යළිත් කතා කරන්නට පටන් ගත්තේ අද(05)දා අලූයම සිටය.කොටකෙතන  ඝාතන නඩු තීන්දුව ප්‍රකාශයට පත් වීමට දින  කිහිපයකට පෙරම අද තවත් අබිරහස් ඝාතනයක් සිදු විණ.

චන්‍ද්‍රා මල්කාන්ති(39) පදිංචිව සිටියේ කොටකෙතන පොලිස් මුරපොළට මිටර් දෙසියක් තුන්සියයක් පමණ දුරින් වෙලෙන් එගොඩ නිවසේය.ඇගේ සැමියාත් තවත් දරුවෙකුත් ගමේ අවමගුල් නිවසකට යද්දි මල්කාන්තිත් ඇගේ නව හැවිරිදි පුතාත් සමග නිවසේ සිටියාය. අලූයම 2.45ට පමණ සැමියා නිවසට ඇවිත් බලද්දී සිය බිරිය නිවසේ නොවුවාය. නිවසේ සාලයේ ලේ පැල්ලම්ය. මස් වැදලිය. නව හැවිරිදි පුතා නින්දේය.

නමුත් මල්කාන්ති නිවසේ නැත. ලේ පැල්ලම් ඇතත් ඇගේ සිරුර ද පෙනෙන්ට නැත. වහාම කොටකෙතන පොලිස් මුරපොළට මෙම පණිවිඩය යැවිනි. ගම්මුද පොලිසිය හා එක්විය.

මේ අතුරුදන්වීම පෙර අතුරුදන්වීම් වලට යම් සමානකමක් පෙනේ. නමුත් ගමේ බොහෝ දෙනා ඒ අතීතය යළි සිහිපත්කරන්නට කැමති නැත. ‘‘මේක අර පරණ ඝාතන රැල්ලට දාලා ආයෙත් භීෂණ තත්වයක් කොටකෙතන තියනවා කියලා මාධ්‍ය මගින් පෙන්නන්න එපා.’’ ගමේ සමහරු මාධ්‍යවේදීන්ට කීහ.

කොටකෙතන කී විට ඒ අවට වූ වරාපිටිය, නිලඳුර,  ඕපාත, දිඹුල්වල යන ගම් යාව පහිටි ගම්ය.

 මේ ගම් ආශ‍්‍රීතව  වැඩිහිටි කාන්තාවන් ඝාතනය වන්නට පටන් ගත්තේ 2008 වර්ෂයේ සිටය. ඒ වර්ෂයේ ජූලි මාසයේ සිට 2012 වර්ෂය දක්වා ඝාතන නවයක් සිදුවිය. ඒවා සියල්ලම තනි ඝාතන ලෙස සිදුවු අතර ඇතැම් සිදුවීම් වලදී ඝාතනයට ලක්වු කාන්තාවන් මේ අකාරයටම අතුරුදන් වු බව  ගැමියෝ කියති.

ඔවුන්ගේ සිරුරු හමුවුයේ දින කිහිපයකට පසුවය. ඇතැම් සිරුරු අපරාධය වු තැන සිටි බොහෝ දුර තිබී හමුවිය. එහෙත් මේ හැම ඝාතනයකදීම තියුණු ආයුධ භාවිතා කළ බවක් පෙනිණි. ඇතැම් ඝාතනවල ඉලක්ක වුයේ තනිව ජිවත් වු වයස්ගත කාන්තාවන් බව පොලීසිය කියයි. ගමන් බිමන් ගොස් ආපසු එන කාන්තාවෝද නොයෙන ගමන් ගියහ.

එක්කෙනා බැගින් මුලින් ඝාතන වාර්තා විය.එක්කෙනා , දෙදෙනා බැගින් සිදුවුයේ 2012 පෙබරවාරි මාසයේ සිටය. කොටකෙතන පදිංචි පිලානගොඩ කන්දගේ නයනා නිල්මිණී (52)මව සහ එස්.එච්. කාවිද්‍යා චතුරංගනි සෙල්ලහේවා (19) යන මව සහ දියණිය මෙලෙස ඝාතනය කර තිබුණේ 2012 පෙරවාරි 12දාය.

ඒ සමග කොටකෙතන කාන්තා ඝාතන ගණන එකොළහ දක්වා ඉහළ නැග්ගේය. මෙතෙක් වැඩිහිටි කාන්තාවන් පමණක් ඝාතනයවු කොටකෙතන ගමේ දහනව හැවිරිදි තරුණියක ඝාතනයවු පළමු අවස්ථාව මෙය විය.

එසේම ඝාතන දෙකක් එකවර සිදුවුයේ පළමුවරටය. මීටපෙර සිදුවු ඝාතන නවය සම්බන්‍ධයෙන් සැකකරන පුද්ගලයන් ඒ වනවිට රිමාන්ඞ් බන්‍ධනාගාරයේය. ඒ නිසා මෙම ද්විත්ව ඝාතනයේ සැකකරු වෙනත් පුද්ගලයන් විය යුතුය යන්න පොලීසියේ විශ්වාසයයි.

මේ ඝාතන එකොළහම සිදුව ඇත්තේ එකම ගමකය. ඒ කහවත්ත පොලිස් වසමේ කොටකෙතන ගමේය. ඝාතනයන් නවයක සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පැවසුවත් ගම්මුන් වැඩිදෙනෙක් එදා පැවසුවේ තවදුරටත් කාන්තාවන්ම ඝාතනය කිරීම තමන්ටද ප‍්‍රහේලිකාවක් බවයි.

ඇතැම් කතුන් අපයෝජනය කළැයි වාර්තා වුවත් සමහර කාන්තාවන් කෙළෙසා නොතිබිණි. එහෙත් වැඩිපුරම ඝාතනයට ලක්වුවෝ හුදකලාව වෙසෙන කාන්තාවෝය. එසේ නැත්නම් තනිව ගමන්බිමන් ගිය කාන්තාවෝය.

මෙම ද්විත්ව ඝාතන සිදුවී හරියටම මාස හතරකට පමණ පසු මැයි 31දා කොටකෙතන වරාපිටියේදී තවත් ද්විත්ව ඝාතනයක් සිදුවිය. මෙවර ඝාතනයට ලක්වුනේ වරාපිටිය ගමේ පදිංචිව සිටි සේතුංගගේ දයාවතී (61) නම් වැන්දඹු කාන්තාව සහ ඇගේ නැගණිය වු සේතුංගගේ තිලකාවතීි (51) යන අවිවාහක කාන්තාවයි.

මෙම දෙදෙනා ඝාතනය කර නිවසට ගිනි තබා තිබුණි. නිවසට ගිනි ඇවිලී කාන්තාවන් දෙදෙනා මියගියත් නිවසේ කාමර දෙකක ජිවත්වු ඔවුන් දෙදෙනා එකම කාමරයක පිළිස්සී මියගොස් සිටීමත් සිරුරු දෙකේම ගෙළ කපා ඇති ආකාරයක් දිස්වීමත් සමග සැක සහිත මරණයන් බව ගින්න නිවාදැමු මොහොතේම එය දුටු කාටත් අවබෝධ විය. මේ ද්විත්ව ඝාතනයත් සමග ඝාතන සංඛ්‍යාව දහතුන දක්වා ඉහළ ගියේය.

ඉන් පසු කොටකෙතන ගමේ පොලිස්මුරපොළක් ද පිහිටවනු ලැබීය. පොලිස් විශේෂ කාර්ය බළකායේ සෙබලූද ගමේ දිවා ? සංචාරය කළේය.

2012 වසරේ ජූලි 19දා රාත‍්‍රිය කොටකොතනට යළිත්  යක්‍ෂායගේ රාත‍්‍රියක් විය. එදින රැය පහන් වෙමින් තිබූ අලූයම තුනට පමණ කොටකෙතන පාසල අවට වැසියන් හදිසියේ අවදිවුයේ ගමේ කොතනක හෝ රතිඤ්ඤා දල්වන්නේය යන ‘‘පට... පට’’ හඬ ඇසීමෙන්ය. නමුත් ඒ හඬ ඇසුණු දෙසට දෙසවන් යොමුකළ වැසියන්ට දැනුනේ එය රතිඤ්ඤා දල්වන හඬක් නොවන බවයි. එය නිවසක් ගිනි ගන්නා දසුනකි.

එල්.ඒ.පේ‍්‍රමලතා (65) ඇගේ දියණිය වූ තිස් දෙහැවිරිදි එච්.ජී.පුෂ්පා කුමාරි(32) මේ ගින්නට බිළි වුහ. ඒ අනුව කොටකෙතන ගමේ පහළොස්වන කාන්තාවගේ ජීවිතයද බිලි ගෙන තිබිණි.

ද්විත්ව ඝාතන සමග සිරුර සහ නිවෙස් ගිනි තැබීමත් වාර්තාවුයේ ද්විත්ව ඝාතන ආරම්භයත් සමගය. මේ නිසා කොටකෙතන ගැන කතාකරන්නටත් සමහරු අකමැති වුහ. බොහෝ අය ගම හැර ගියහ.

මේ ද්විත්ව ඝාතනය වුයේ සති කිහිපයකට පෙර ගමේ ආරක්‍ෂාවට පිහිටවු පොලිස් මුරපොළට මේ පිළිස්සුනු නිවසේ සිට මීටර් එකසිය පනහක් දෙසියක්වත් නැති දුරකිනි. 05දා අතුරුදන්වූ  මල්කාන්තිගේ නිවසට පොලිස් මුරපොලේ සිට දුර මීටර් දෙසිය පනහක් පමණය.හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන කොටකෙතන පදිංචියට ආවේ2013 ජුලී මාසයේදීය.ඉන් පසු මෙම ඝාතන නතර විය.

මේ සිද්ධීන් යටපත් වෙමින් තිබියදී 2012 වසරේ ඔක්තෝම්බර් 31දා රාත‍්‍රී කොටකෙතන වරාපිටියේ පන්සල පාරේ පදිංචිව සිටි දෙදරු මවකවූ යූ.ඞී. චන්‍ද්‍රාවතී  (66) ඝාතනයට ලක්වුවාය. එසේ මියගිය දාසය වැන්නිය ඇය වූවාය. ඇය නිවස ඉදිරිපිට ලේවිලක් මැද වැටී සිටියාය. චන්‍ද්‍රාවතීගේ ඝාතනය සිදුව ඇත්තේ සවස් යාමයේ බවට සැක කෙරේ.

මෙම ඝාතනයෙන් පසු 2013 සහ 2014 වර්ෂවල ඝාතනය සිදු නොවිණි. එහෙත් 2015 ජනවාරි මාසයේ  15දා තෛපාන්ගල් දිනයදා  ඕපාත වත්තේ දෙමළ ජාතික තරුණියක් ඝාතනයට ලක්විය. එහෙත් එයට එතරම් ප‍්‍රසිද්ධියක් නොලැබිණි. එය කොටකෙතන දාහත්වැනි කාන්තා බිල්ල විය.

චන්‍ද්‍රා මල්කාන්ති හෙවත් ‘‘කාන්ති අක්කා’’ අතුරුදන් වෙන්නේ  2015 අපේ‍්‍රල් 04දාරාත‍්‍රියේය. මෙය ලියන මොහොවන විටත් ඇය හමුවී නොතිබිණි. මීට පෙර අතුරුදන්වු කාන්තාවන්ද එසේ අතුරුදන්ව දින ගණන් සෙවූහ. මෙදා ද පොලිස් සුනඛයන් ගෙනවිත් පරික්‍ෂණ පවත්වමින් සිටී. නමුත් ඇය තවමත් අතුරුදන්ය. යම් හෙයකින් ඇගේ ජීවිතයට හානියක් සිදුව තිබුණොත් ඇය දහඅටවන බිල්ල වනු ඇත.

නයනා නිල්මිණි (52) හා කාවින්ද්‍යා චතුරංගනී සෙල්ලහේවා (18) මව හා දියණියගේ ඝාතන සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවේ සිටි ගොඩකවෙල ප්‍රාදේශිය සභා මන්ත්‍රී එල් එච් ධර්මසිරි , ත්‍රිරෝද රථ රියදුරකු වු සනත් නන්නදන ජයසේකර හෙවත් චූටි මල්ලි 2013 අප්‍රේල් මාසයේදී නීතීපති විසින් නිදහස් කරනු ලැබුහ.ධර්මසිරි දැන් එම පළාත හැර ගොසිනි .චූටි මල්ලි 2013 ජුලීයේදී පමණ අතුරුදන් විය.

ඔහු මරා දමන්නට ඇතැයි රාවයක් පවතී. දර්ශන හෙවත් රාජු ,ඔහුගේ බිරිය අශෝකා චාන්දනී කුමාරී හෙවත් බට්ටි හා තවත් සිව් දෙනකු  රිමාන්ඩ් බාරයේ සිටිති.

DSC01589

DSC01561 DSC01573 DSC01580 DSC01584 DSC01597 DSC01606 DSC01616

 

 



අදහස් (0)

කොටකෙතන 18 වැනි බිල්ලත් ගනී ?

දුමින්ද Monday, 06 April 2015 04:14 AM

නිහඬ වූ පාතාලය යළි අවදිවේද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 721 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 559 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 452 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site